“ශරීර අවයව හතක් මත සුජූද් කිරීමට මා අණ කරනු ලද්දෙමි
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
“ශරීර අවයව හතක් මත සුජූද් කිරීමට මා අණ කරනු ලද්දෙමි. යැයි, තම අතින් තම නළල, නාසය අත් දෙක, දණහිස් දෙක, දෙපා ඇගිලි තුඩු ද, පෙන්වූහ. "වස්ත්‍ත්‍රය හෝ හිසකෙස් හෝ අප එකතු නොකළ යුතුය.”
«أُمِرْتُ أَنْ أَسْجُدَ عَلَى سَبْعَةِ أَعْظُمٍ: عَلَى الْجَبْهَةِ وَأَشَارَ بِيَدِهِ عَلَى أَنْفِهِ، وَالْيَدَيْنِ، وَالرُّكْبَتَيْنِ، وَأَطْرَافِ الْقَدَمَيْنِ، وَلَا نَكْفِتَ الثِّيَابَ وَالشَّعَرَ».
සලාත් ඉටු කරන අවස්ථාවේ ශරීර අයවය හතක් මත සුජූද් කිරීමට අල්ලාහ් තමන්ට නියෝග කළ බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. ඒවානම්: පළමුවැන්න: නළල, එය නාසය හා ඇස්වලට ඉහළින් මුහුණේ පැතලි ව පවතින කොටසයි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නාසය ද පොළොවට පතිත විය යුතු බව සහතික කරමින්, නළල හා නාසය එම කරුණු හතින් එකම අවයවයක් බව පැහැදිලි කරමින් තම අතින් තම නාසය පෙන්වූහ. දෙවැනි හා තුන්වැනි අවයව වනුයේ අත් දෙකය. සිව්වැනි හා පස්වැනි අවයව වනුයේ දණහිස් දෙකය. සයවැනි හා සත්වැනි අවයව වනුයේ දෙපා ඇඟිලි ය. සුජූද් කරන විට අපගේ හිසකෙස් බැඳ හෝ අපගේ ඇඳුම් එකට එකතු නොකරන ලෙස එතුමාණෝ අපට අණ කළහ. ඒ වෙනුවට, ඒවා බිම පතිත වන්නට සළසා එම අවයව සමගම සුජූද් කරනන්නට අපි ඉඩ හැරියෙමු.
ولا نَكْفِت: الكَفت: الجَمع والضَّم.
සලාතයේ දී, එම අවයව හත මත සුජූද් කිරීම අනිවාර්යය වේ.
සලාතයේ දී ඇඳුම් හා හිසකෙස් බැඳ ගැනීම පිළිකුල් සහගතය.
සලාත් ඉටු කරන්නා තම සලාතයේ දී මද වේලාවක් රැඳී සිටිය යුතුය. එය තම සුජූදයේ ඉරියව්වන් හත පොළාවට නිසි අයුරින් තබා ගැනීමට හැකිවන පරිදිය. ආගමානගත කළ දික්රයන් එහි පවසන තරමට එහි දී ඔහු රැඳී සිටියි.
හිසකෙස් එකට බැඳ ගැනීමේ තහනම විශේෂයෙන්ම කාන්තාවන්ට නොව පිරිමින්ට අදාළ වන්නේය. හේතුව කාන්තාව සලාතයේ දී ඒවා ආවරණය කිරීමට අණ කර ඇති බැවිනි.
සහීහුුල් බුහාරි (1/ 162) (812).
සහීහ් මුස්ලිම් (1/ 354) (490).
තවත් බලන්න (12)
المنهاج شرح صحيح مسلم.
للنووي (4/ 206).
مرقاة المفاتيح شرح مشكاة المصابيح.
لعلي القاري (2/ 718).
سبل السلام شرح بلوغ المرام.
للصنعاني (1/ 270).
توضيح الأحكام مِن بلوغ المرام.
لعبد الله البسام (2/ 229).
فتح ذي الجلال والإكرام شرح بلوغ المرام.
لابن عثيمين (2/ 115).
منار القاري.
لحمزة قاسم (2/ 202).
පොත්වල උපුටා දක්වා ඇත
2 පොත්තවත් බලන්න (2)
- المناهج التعليمية - الصف الرابعالمناهج التعليمية - الصف الرابع - الفقه«أُمِرْتُ أَنْ أَسْجُدَ عَلَى سَبْعَةِ أَعْظُمٍ: عَلَى الجَبْهَةِ - وَأَشَارَ بِيَدِهِ عَلَى أَنْفِهِ -، وَاليَدَيْنِ، وَالرُّكْبَتَيْنِ، وَأَطْرَافِ القَدَمَيْنِ» [26].
- شروط الصلاة وأركانها وواجباتها«أُمِرْتُ أَنْ أَسْجُدَ عَلَى سَبْعَةِ أَعْظُمٍ»[91][92]،