ඔබ අතරින් හොඳම තැනැත්තා සහ ඔබේ නරකම තැනැත්තා ගැන මම ඔබට දැනුම් දෙන්නද?
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර් තා කරන ලදී. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම් වාඩි වී සිටින මිනිසුන් පිරිසක් අසළ සිට ගෙන මෙසේ පැවසූහ.
"ඔබ අතරින් හොඳම තැනැත්තා සහ ඔබේ නරකම තැනැත්තා ගැන මම ඔබට දැනුම් දෙන්නද?" ඔහු මෙසේ පැවසීය: "එවිට ඔවුන් නිහඬ වූහ." එතුමාණන් තුන් වරක් එසේ විමසා සිටියහ. එවිට මිනිසෙක්: 'එසේය, අල්ලාහ්ගේ දූතයාණනි! අප අතරින් හොඳම තැනැත්තා සහ අපගේ නරකම තැනැත්තා ගැන අපට දන්වන්න.' යැයි කිවේය. එතුමාණෝ මෙසේ පැවසූහ.: 'ඔබ අතරින් හොඳම තැනැත්තා යහපත බලාපොරොත්තු වන තැනැත්තා වන අතර, මිනිසුන් ඔහුගේ නපුරෙන් ආරක්ෂා වේ. ඔබ අතරින් නරකම තැනැත්තා යහපත බලාපොරොත්තු නොවන තැනැත්තා වන අතර මිනිසුන් ඔහුගේ නපුරෙන් ආරක්ෂා නොවේ.'"
«أَلاَ أُخْبِرُكُمْ بِخَيْرِكُمْ مِنْ شَرِّكُمْ؟» قَالَ: فَسَكَتُوا، فَقَالَ ذَلِكَ ثَلاَثَ مَرَّاتٍ، فَقَالَ رَجُلٌ: بَلَى يَا رَسُولَ اللهِ، أَخْبِرْنَا بِخَيْرِنَا مِنْ شَرِّنَا، قَالَ: «خَيْرُكُمْ مَنْ يُرْجَى خَيْرُهُ وَيُؤْمَنُ شَرُّهُ، وَشَرُّكُمْ مَنْ لاَ يُرْجَى خَيْرُهُ وَلاَ يُؤْمَنُ شَرُّهُ».
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම සහගාමීන් වාඩි වී සිටින පිරිසක් අසළ සිටගෙන ඔවුන්ගෙන් මෙසේ විමසා සිටියහ. "ඔබ අතරින් හොඳම තැනැත්තා සහ ඔබේ නරකම තැනැත්තා ගැන මම ඔබට දැනුම් දෙන්නද? මතක් කර දෙන්නද?" එවිට ඔවුන් කිසිදු පිළිතුරක් නොදුන්හ. නිහඬව සිටියහ. එය ඔවුන් අපකීර් තියට බිය වූ නිසාවෙනි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එම ප්‍රශ්නය තුන් වතාවක් ම විමසා සිටියහ. එවිට ඔවුන් අතරින් මිනිසෙකු මෙසේ පැවසීය: 'එසේය, අල්ලාහ්ගේ දූතයාණනි! අප අතරින් හොඳම තැනැත්තා සහ අපගේ නරකම තැනැත්තා ගැන අපට දන්වන්න.' එවිට එතුමාණෝ මෙසේ පැහැදිලි කළහ: 'ඔබ අතරින් හොඳම තැනැත්තා යහපත බලාපොරොත්තු වන, යහපත උපකාරය හා ත්‍යාගශීලී බව ගැන සිතන, ඔහුගේ හානියෙන් සෙස්සන් ආරක්ෂාව ලබන, ඔහුගේ අපරාධ, දුෂ්ටකම හා අන්තවාදීකමින් සෙස්සන් රැකවරණය ලබන අය වේ. සැබැවින්ම ඔබ අතර දුෂ්ට අය වනුයේ යහපත අපේක්ෂා නොකරන, එය බලාපොරොත්තු නොවන, යහපත් කිරීමට හෝ උපකාර කිරීමට හෝ ත්‍යාගශීලීව කටයුතු කිරීමට හෝ ආශාවක් නැති, ඔහුගේ නපුරෙන් සෙස්සන් ආරක්ෂාව නොලබන, ඔහුගේ අපරාධ, දුෂ්ටකම් හා අන්තවාදීකම ගැන සෙස්සන් බියට පත් වන තැනැත්තාය.
මිනිසුන් අතර දැහැමි හා දුෂ්ට අය පිළිබඳ පැහැදිලි කිරීම.
තමාට පමණක් සීමා වූ දෙයට වඩා අන් අයට ලැබෙන ප්‍රතිලාභ හා හානිය අතිමහත්ය.
යහපත් ගුණධර් ම පිළිපැදීමට හා මිනිසුන් සමග දැහැමි අයුරින් කටයුතු කිරීමට උනන්දු කරවීම. අපරාධ, නපුර හා සතුරුකම ගැන අවවාද කිරීම.
සුනන් අත් තිර්මිදි (4/ 98) (2263).
තවත් බලන්න (2)
التيسير بشرح الجامع الصغير (1/ 395).
تحفة الأحوذي (6/ 445).