Skip to content

කවරෙකු ඉස්ලාමය වැළඳගෙන, ප්‍රමාණවත් ලෙස පෝෂණය ලබා, අල්ලාහ් ඔහුට පිරිනමා ඇති දෑ ගැන සෑහීමට පත් කරන්නේ ද ඔහු ජය ලැබීය

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු ආස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

"කවරෙකු ඉස්ලාමය වැළඳගෙන, ප්‍රමාණවත් ලෙස පෝෂණය ලබා, අල්ලාහ් ඔහුට පිරිනමා ඇති දෑ ගැන සෑහීමට පත් කරන්නේ ද ඔහු ජය ලැබීය."

«قَدْ أَفْلَحَ مَن أَسْلَمَ، وَرُزِقَ كَفَافًا، وَقَنَّعَهُ اللَّهُ بما آتَاهُ».

මුස්ලිම් එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

"කවරෙකු තම පරමාධිපතිට අවනත වී, යහමග ලබා, ඉස්ලාමය වෙත ආශිර්වාද කරනු ලැබ, අඩු වැඩි වීමකින් තොරව තම අවශ්‍යතාවේ ප්‍රමාණයට අනුව හලාල් (නිත්‍යානුකූල) ආකාරයෙන් පෝෂණය ලබා, අල්ලාහ් ඔහුට පිරිනැමූ දෑ සම්බන්ධයෙන් ඔහු තෘප්තියට පත්වන සෑහීමට පත්වන පුද්ගලයකු බවට පත් කළේ ද සැබැවින්ම ඔහු සාර්ථක විය, ජය ලැබීය" යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ.

හදීසයෙන් උගත හැකි පාඩම්

පුද්ගලයකුගේ සතුට පිහිටනුයේ, ඔහුගේ පරිපූර්ණ දහම, ප්‍රමාණවත් ජීවනෝපාය හා අල්ලාහ් ඔහුට පිරිනැමූ දෑ ගැන සෑහීමට පත්වීමෙහිය.

ඉස්ලාමය සහ සුන්නාහ් පිළිපැදීමත් සමඟ මෙලොව දී ඔබට ලබා දී ඇති දෙයින් සෑහීමට පත් වීමට දිරිගැන්වීම.

මූලාශ්‍ර

සහීහ් මුස්ලිම් (2/ 730) (1054).

තවත් බලන්න (6)

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (1/ 447).

فيض القدير شرح الجامع الصغير.

للمناوي (4/ 508).

تحفة الأحوذي بشرح جامع الترمذي.

لأبي العلا المباركفوري (7/ 11).