Skip to content

විනාශකාරී කරුණු හතකින් ඔබ වැළකෙන්න

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

"විනාශකාරී කරුණු හතකින් ඔබ වැළකෙන්න." අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඒවා මොනවාද?" යැයි ඔවුහු විමසා සිටියෝය. එතුමා: "අල්ලාහ්ට ආදේශ තැබීම, මන්ත්‍ර ගුරුකම්වල නිරත වීම, යුක්තියෙන් තොරව අල්ලාහ් තහනම් කළ ආත්මයක් ඝාතනය කිරීම, පොළිය අනුභව කිරීම, අනාථයින්ගේ වස්තුව අනුභව කිරීම, යුදමය දිනයක යුද පිටියෙන් පලා යෑම, නිර්මල දේව විශ්වාසී නිහතමානී කාන්තාවන්ට අවලාද නැගීම ය."

«اجْتَنِبُوا السَّبْعَ الْمُوبِقَاتِ»، قَالُوا: يَا رَسُولَ اللهِ وَمَا هُنَّ؟ قَالَ: «الشِّرْكُ بِاللهِ، وَالسِّحْرُ، وَقَتْلُ النَّفْسِ الَّتِي حَرَّمَ اللهُ إِلَّا بِالْحَقِّ، وَأَكْلُ الرِّبَا، وَأَكْلُ مَالِ الْيَتِيمِ، وَالتَّوَلِّي يَوْمَ الزَّحْفِ، وَقَذْفُ الْمُحْصَنَاتِ الْمُؤْمِنَاتِ الْغَافِلَاتِ».

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

විනාශකාරී පාපකම් හා වැරදි හතකින් දුරස් වන මෙන් අල්ලාහ්ගේ දූතයාණෝ තම සමූහයාට නියෝග කර සිටියි. ඒවා කුමක්දැයි එතුමාණන්ගෙන් විමසනු ලැබූ විට එතුමාණෝ ඒවා මෙසේ පැහැදිළි කර සිටියහ. පළමුවැන්න: අල්ලාහ්ට ආදේශ තැබීම, එනම් කවර හෝ හැඩයකින් වේවා ශුද්ධ වූ ඔහුට සමානයක් හෝ ආදේශයක් හෝ තැබීමෙන් හා උත්තරීතර අල්ලාහ් නොවන දෑට කවර හෝ නැමදුමක් ඉටු කිරීමෙන් ආදේශ කිරීම. එතුමාණෝ පළමුව ෂිර්ක් යන විෂයයෙන් ආරම්භ කර ඇත්තේ එය බරපතල පාපයක් වන බැවිනි. දෙවැන්න මන්ත්‍ර ගුරුකම්: - ගැට, මන්ත්‍ර, ඖෂධ සහ දුම් ඇල්ලීම යනාදියෙන් සමන්විත පදයකි. - ගුරුකම් කරන ලද ශරීරයෙහි ජීවිත හානි හා රෝගී තත්ත්වයන් බලපාන්නේය. එසේ නැතහොත් ස්වාමිපුරුෂයා හා බිරිය අතර වෙන් කරන්නට යොදවයි. මෙය ෂාතානීය ක්‍රියාවකි. ඒවායින් බොහෝමයක් ෂිර්ක් හෙවත් දේවත්වයට යමක් ආදේශ කිරීමෙන් සහ ඔවුන් ආදරය කරන දෙයක් සමඟ නපුරු ආත්මයන් වෙතට ළං වීමෙන් හැර ළඟා කර ගන්නේ නැත. තුන් වැන්න: පාලකයා විසින් ක්‍රියාත්මක කරන ලද නීත්‍යානුකූල සාධාරණීකරණයකින් හැර දෙවියන් වහන්සේ විසින් ඝාතනය කිරීම තහනම් කර ඇති ආත්මය ඝාතනය කිරීම. හතර වැන්න: ආහාර අනුභවයෙන් හෝ වෙනත් ප්‍රතිලාභ ක්‍රම හරහා පොලීය පරිභෝජනය කිරීම. පස්වැන්න: වැඩිවියට පත් නොවූ තත්ත්වයේ දී පියා මියගිය බාලවයස්කාර දරුවකුගේ මුදල් අයුතු ලෙස භාවිත කිරීම. හයවැන්න: ආගම් විරෝධී මිථ්‍යාදෘෂ්ටිකයින් සමග වන සටනෙන් පලා යාම. හත්වැන්න: නිර්මල, නිදහස් කාන්තාවන්ට අනාචාරයේ යෙදෙන බවට චෝදනා කිරීම මෙන්ම පිරිමින්ට චෝදනා කිරීම.

වචනාර්ථ

....:

හදීසයෙන් උගත හැකි පාඩම්

ඇත්තෙන්ම මහා පාපයන් මේ හත තුළ පමණක් සීමා වී නැත. විශේෂයෙන්ම මෙම හත සඳහන් කර ඇත්තේ එහි ඇති බරපතලකම හා භයානකකම හේතුවෙනි.

ඝාතනයකට මරණීය දඬුවම පිරිනැමීම මෙන්ම දහමින් පිට ගොස් ද්‍රෝහිකම් කිරීම හා විවාහ වීමෙන් පසු කාම අපචාරයේ යෙදීම හේතුවෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වැනි සාධාරණ හේතුවක් වූ විටෙක ආත්මයක් නැසීමට අවසරය ඇත. එය ක්‍රියාත්මක කරනුයේ ආගමික නීතිපති විසිනි.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (4/ 10) (2766).

සහීහ් මුස්ලිම් (1/ 92) (89).

තවත් බලන්න (3)

شرح صحيح البخارى لابن بطال (8/ 489).

الملخص في شرح كتاب التوحيد.

للشيخ صالح الفوزان (ص201).