Skip to content

“කවරෙකු අල්ලාහ්ගෙන් සැබෑ ලෙස දිවි පිදීම පතන්නේ ද ඔහු ඔහුගේ නිදියහනේ මියැදුණ ද දිවි පිදූවන්ගේ නිලයන් අල්ලාහ් ඔහුට ලඟා තර දෙනු ඇත.”

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව සහ්ල් ඉබ්නු හුනෙයිෆ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

“කවරෙකු අල්ලාහ්ගෙන් සැබෑ ලෙස දිවි පිදීම පතන්නේ ද ඔහු ඔහුගේ නිදියහනේ මියැදුණ ද දිවි පිදූවන්ගේ නිලයන් අල්ලාහ් ඔහුට ලඟා තර දෙනු ඇත.”

«مَنْ سَأَلَ اللهَ الشَّهَادَةَ بِصِدْقٍ بَلَّغَهُ اللهُ مَنَازِلَ الشُّهَدَاءِ، وَإِنْ مَاتَ عَلَى فِرَاشِهِ».

මුස්ලිම් එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

අල්ලාහ්ගේ මාර්ගයේ තම ජීවිතය කැප කොට දිවි පිදීමට යමෙකු පැතුවේ ද, එය අල්ලාහ් වෙනුවෙන්ම කරන බවට වූ ඔහුගේ චේතනාවෙහි ඔහු අවංක සත්‍යවාදියෙකු වී නම් ඔහුගේ එම සැබෑ චේතනාවට අනුව ඔහු ජිහාද් නොවන තත්වයක, නිදියහනේ මිය ගිය ද අල්ලාහ් ඔහුට දිවි පිදූවන්ගේ නිලය පිරිනමනු ඇත.

හදීසයෙන් උගත හැකි පාඩම්

අවංක චේතනාවෙන් කළ හැකි දේ කිරීම, අවශ්‍ය කාර්යය ඉටු නොවූව ද අපේක්ෂිත ප්‍රතිඵල හා කුසල් සාක්ෂාත් කර ගැනීමට හේතුවක් වනු ඇත.

අල්ලාහ් වෙනුවෙන් ජිහාද් කිරීමට හා ඔහුගේ මාර්ගයේ දිවි පිදීමට උනන්දු කරවීම.

මෙම ප්‍රජාව වෙනුවෙන් වූ උත්තරීතර අල්ලාහ්ගේ උපහාරය. එනම්, සුළු ක්‍රියාවක් තුළින් ස්වර්ගයේ උසස් නිලයන් පිරිනමනු ලැබීමය.

මූලාශ්‍ර

සහීහ් මුස්ලිම් (3/ 1517) (1909).

තවත් බලන්න (4)

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (1/ 123).

نزهة المتقين شرح رياض الصالحين.

لمجموعة من الباحثين (1/ 87).