ගැත්තෙකු පාපයක් සිදු කරයි. පසු ව ඔහු ‘අහෝ දෙවියනි! මාගේ පාපයට මට සමාව දෙනු මැනව!’
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම පරමාධිපති ගැන පවසා සිටි කරුණක් සම්බන්ධයෙන් හෙතෙම මෙසේ පවසා සිටියි: “ගැත්තෙකු පාපයක් සිදු කරයි. පසු ව ඔහු ‘අහෝ දෙවියනි! මාගේ පාපයට මට සමාව දෙනු මැනව!’ යැයි පවසයි. එවිට උත්තරීතර උත්කෘෂ්ඨ අල්ලාහ්: ‘මාගේ ගැත්තා පාපයක් සිදු කර ඇත. පාපයට සමාව දෙන, පාපය හේතුවෙන් ඔහු ව ග්‍රහණය කරන පරමාධිපතියකු සැබැවින්ම සිටින බව ඔහු දැන සිටියි.' යැයි පවසයි. පසුව ඔහු නැවතත් පාපය සිදු කර, 'මාගේ පරමාධිපතියාණනි! මාගේ පාපයට මට සමාව දෙනු මැනව!' යැයි පවසයි. එවිට ද උත්තරීතර උත්කෘෂ්ඨ අල්ලාහ්: ‘මාගේ ගැත්තා පාපයක් සිදු කර ඇත. පාපයට සමාව දෙන, පාපය හේතුවෙන් ඔහු ව ග්‍රහණය කරන පරමාධිපතියකු සැබැවින්ම සිටින බව ඔහු දැන සිටියි' යැයි පවසයි. ඔහු නැවතත් පාපය සිදු කර 'මාගේ පරමාධිපතියාණනි! මාගේ පාපයට මට සමාව දෙනු මැනව!' යැයි පවසයි. එවිට ද උත්තරීතර උත්කෘෂ්ඨ අල්ලාහ්, ‘මාගේ ගැත්තා පාපයක් සිදු කර ඇත. පාපයට සමාව දෙන, පාපය හේතුවෙන් ඔහු ව ග්‍රහණය කරන පරමාධිපතියකු සැබැවින්ම සිටින බව ඔහු දැන සිටියි. ඔබ කැමති දෑ සිදු කරන්න. සැබැවින්ම මම ඔබට සමාව දෙමි' යැයි පවසයි.
عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فِيمَا يَحْكِي عَنْ رَبِّهِ عَزَّ وَجَلَّ، قَالَ: «أَذْنَبَ عَبْدٌ ذَنْبًا، فَقَالَ: اللَّهُمَّ اغْفِرْ لِي ذَنْبِي، فَقَالَ تَبَارَكَ وَتَعَالَى: أَذْنَبَ عَبْدِي ذَنْبًا، فَعَلِمَ أَنَّ لَهُ رَبًّا يَغْفِرُ الذَّنْبَ، وَيَأْخُذُ بِالذَّنْبِ، ثُمَّ عَادَ فَأَذْنَبَ، فَقَالَ: أَيْ رَبِّ اغْفِرْ لِي ذَنْبِي، فَقَالَ تَبَارَكَ وَتَعَالَى: عَبْدِي أَذْنَبَ ذَنْبًا، فَعَلِمَ أَنَّ لَهُ رَبًّا يَغْفِرُ الذَّنْبَ، وَيَأْخُذُ بِالذَّنْبِ، ثُمَّ عَادَ فَأَذْنَبَ، فَقَالَ: أَيْ رَبِّ اغْفِرْ لِي ذَنْبِي، فَقَالَ تَبَارَكَ وَتَعَالَى: أَذْنَبَ عَبْدِي ذَنْبًا، فَعَلِمَ أَنَّ لَهُ رَبًّا يَغْفِرُ الذَّنْبَ، وَيَأْخُذُ بِالذَّنْبِ، اعْمَلْ مَا شِئْتَ فَقَدْ غَفَرْتُ لَكَ».
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම පරමාධිපති ගැන මෙසේ පවසා සිටියි: සැබැවින්ම ගැත්තෙක් පාපයක් සිදු කළ පසු ව ඔහු "අල්ලාහුම්ග්ෆිර්ලී දන්බී" (අහෝ දෙවියනි! මාගේ පාපයට මට සමාව දෙනු මැනව!) යැයි පවසයි. එවිට උත්තරීතර අල්ලාහ්: ‘මාගේ ගැත්තා පාපයක් සිදු කර ඇත. පාපයට සමාව දෙන, පාපය වසන් කරන, ඔහුගෙන් එය ඉවත් කරන පරමාධිපතියකු සැබැවින්ම සිටින බව ඔහු දැන සිටියි.' යැයි පවසයි. පසුව ගැත්තා නැවතත් පාපකම් සිදු කර පසු ව ඔහු "අල්ලාහුම්ග්ෆිර්ලී දන්බී" (අහෝ දෙවියනි! මාගේ පාපයට මට සමාව දෙනු මැනව!) යැයි පවසයි. එවිට අල්ලාහ්: ‘මාගේ ගැත්තා පාපයක් සිදු කර ඇත. පාපයට සමාව දෙන, පාපය වසන් කරන, ඔහුගෙන් එය ඉවත් කරන එසේ නැතහොත් ඔහුට දඬුවම් කරන පරමාධිපතියකු සැබැවින්ම සිටින බව ඔහු දැන සිටියි. සැබැවින්ම මම ඔහුට සමාව දුනිමි' යැයි පවසයි. පසුව ගැත්තා නැවතත් පාපකම් සිදු කර, පසු ව ඔහු "අල්ලාහුම්ග්ෆිර්ලී දන්බී" (අහෝ දෙවියනි, මාගේ පාපයට මට සමාව දෙනු මැනව!) යැයි පවසයි. එවිට අල්ලාහ්: ‘මාගේ ගැත්තා පාපයක් සිදු කර ඇත. පාපයට සමාව දෙන, පාපය වසන් කරන, ඔහුගෙන් එය ඉවත් කරන එසේ නැතහොත් ඔහුට දඬුවම් කරන පරමාධිපතියකු සැබැවින්ම සිටින බව ඔහු දැන සිටියි. සැබැවින්ම මම ඔහුට සමාව දුනිමි. එබැවින් ඔහු පාපයක් කරන සෑම විටම ඔහු පාපය අතහැර පසුතැවිලි වී නැවත ඒ වෙත යොමු නොවීමට අධිෂ්ඨාන කර ගන්නා තාක් කල් ඔහුට අවශ්‍ය ඕනෑම දෙයක් සිදු කරත්වා' යැයි පවසයි. නමුත් ඔහුගේ සිත ඔහු අබිබවා ගොස් නැවතත් ඔහු පාපයට වැටේ. ඔහු මෙය කරන තාක් කල්, ඔහු පව් කර පසුතැවිලි වේ. එබැවින් මම ඔහුට සමාව දෙන්නෙමි, මන්ද පසුතැවීම ඊට පෙර පැවති දෑ විනාශ කරන බැවිනි.
...:
අල්ලාහ් තම ගැත්තන් හට දක්වන ආදරයේ විශාලත්වය. පුද්ගලයෙකු කුමන පාපයක් කළත්, ඔහු කුමක් කළත්, ඔහු පසුතැවිලි වී අල්ලාහ් වෙත හැරෙන්නේ නම්, අල්ලාහ් ඔහුගේ පශ්චාත්තාපය පිළිගෙන සමාව දෙනු ඇත.
උත්තරීතර අල්ලාහ්ව විශ්වාස කරන්නා තම පරමාධිපතිගේ සමාව බලාපොරොත්තු වන අතර ඔහුගේ දඬුවමට බිය වෙයි. එබැවින් ඔහු පසුතැවිලි වීමට යුහුසුළු වන අතර පාපය මත දිගටම රැඳී සිටින්නේ නැත.
විධිමත් තව්බාවක තිබිය යුතු කොන්දේසි: පාපයෙන් ඉවත් වීම, ඒ ගැන කණගාටු වීම හා එම පාපය වෙත නැවත යොමු නොවන බව ස්ථීර කර ගැනීමය. ගැත්තන්ගේ ධනය, මාන්‍යය හා ජීවිතය සම්බන්ධයෙන් වූ අපරාධයක් සඳහා තව්බාව පිහිටියේ නම්, සිව්වැනි කොන්දේසිය අමතරව එකතු වනු ඇත. එනම්: අයිතිය අදාළ හිමිකරුගෙන් වෙන්වීම හෝ ඔහුට ඔහුගේ අයිතිය ලබා දීමය.
ආගමික කටයුතු පිළිබඳ දැනුමැත්තෙකු බවට තම ගැත්තාව පත් කරන අල්ලාහ් පිළිබඳ වන දැනුමේ වැදගත්කම. වැරදි කරන සෑම අවස්ථාවකම ඔහු සමාව දෙයි. එබැවින් මිනිසා බලාපොරොත්තු සුන් කර නොගත යුතු අතර ඉක්මවා කටයුතු නොකළ යුතුය.
සහීහුුල් බුහාරි (9/ 145) (7507).
සහීහ් මුස්ලිම් (4/ 2112) (2758).
තවත් බලන්න (5)
نزهة المتقين شرح رياض الصالحين (1/ 383).
بهجة الناظرين شرح رياض الصالحين.
لسليم الهلالي (1/ 493).
النهاية في غريب الحديث والأثر.
لابن الأثير(674).