Skip to content

අහෝ ආඉෂා! සැබැවින්ම අල්ලාහ් ඉතා කාරුණිකය. ඔහු කරුණාව ප්‍රිය කරයි. ප්‍රචණ්ඩත්වයට පිරිනමා නැති දැයක් හෝ ඒ හැර වෙනත් දෙයකට පිරිනමා නැති දැයක් ඔහු කරුණාවට පිරිනමා ඇත

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව එතුමාණන්ගේ බිරිය, මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී:

"අහෝ ආඉෂා! සැබැවින්ම අල්ලාහ් ඉතා කාරුණිකය. ඔහු කරුණාව ප්‍රිය කරයි. ප්‍රචණ්ඩත්වයට පිරිනමා නැති දැයක් හෝ ඒ හැර වෙනත් දෙයකට පිරිනමා නැති දැයක් ඔහු කරුණාවට පිරිනමා ඇත."

«يَا عَائِشَةُ إِنَّ اللهَ رَفِيقٌ يُحِبُّ الرِّفْقَ، وَيُعْطِي عَلَى الرِّفْقِ مَا لَا يُعْطِي عَلَى الْعُنْفِ، وَمَا لَا يُعْطِي عَلَى مَا سِوَاهُ».

මුස්ලිම් එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එතුමාණන්ගේ බිරිය, ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියට කරුණාවෙන් කටයුතු කිරීමට උනන්දු කළහ. සැබැවින්ම අල්ලාහ් තම ගැත්තන් හට කාරුණිකය, මෛත්‍රීය. ඔවුනට පහසුව ප්‍රිය කරන අතර දුෂ්කරත්වය ප්‍රිය කරන්නේ නැත. ඔවුන්ගේ ශක්තියට එහායින් ගිය දෙයක් ඔවුන් වෙත පවරන්නේ ද නැත. ඔහුගේ ගැත්තා මෘදුව කටයුතු කළ යුතු අතර පහසුව පිළිපැදිය යුතුය. දැඩි හදවතක් ඇති දරුණු අයකු නොවිය යුතුය. සැබැවින්ම අල්ලාහ් මුරණ්ඩුකම, රළු හා දරුණු කමට වඩා වැඩියෙන් කරුණාව හා මෛත්‍රිය සඳහා මෙලොවෙහි අලංකාර ප්‍රශංසාව, ඉල්ලීම් සාක්ෂාත් කිරීම, අරමුණු පහසු කරන අතර මතුලොවෙහි අතිමහත් කුසල් නියම කරනු ඇත. එබැවින් මෛත්‍රිය පැමිණෙන්නේ ඔහු සමගය. ඔහු හැර වෙනත් අය සමග පැමිණෙන්නේ නැත.

හදීසයෙන් උගත හැකි පාඩම්

කරුණාව දිරිමත් කිරීම සහ ප්‍රචණ්ඩත්වය තහනම් කිරීම.

උතුම් සදාචාර අතර කරුණාවේ උසස් තත්ත්වය.

කරුණාවෙන් කටයුතු කරන්නාට සර්වබලධාරි අල්ලාහ්ගෙන් අලංකාර ප්‍රශංසාව සහ මහත් විපාකය හිමි වනු ඇත.

අස්-සින්දි තුමා මෙසේ පැවසීය: "ප්‍රචණ්ඩත්වය කරුණාවේ ප්‍රතිවිරුද්ධයයි, එනම් මෙම කරුණු දෙකම පිළිගන්නේ නම්, කරුණාවෙන් සහ මෘදුකමින් මඟ පෙන්වීමට මිනිසුන් කැඳවන ඕනෑම අයෙකු ප්‍රචණ්ඩත්වයෙන් සහ දැඩිකමින් කැඳවන ඕනෑම අයකුට වඩා හොඳ බවයි. එසේ නොමැති නම්, ස්ථානයට ගැළපෙන දෑ නියම වේ. එම තත්ත්වයේ යථාර්ථය හොදින්ම දන්නා අල්ලාහ්ය.

මූලාශ්‍ර

සහීහ් මුස්ලිම් (4/ 2003) (2593).

තවත් බලන්න (4)

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (1/ 683).

المنهاج شرح صحيح مسلم بن الحجاج.

للنووي (16/ 145).