අවමංගල්‍ය පෙරහැරට සහභාගි වීම අපට තහනම් කර ඇති අතර, එය අපට නිර්දේශ කර නැත
උම්මු අතිය්යා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී:
අවමංගල්‍ය පෙරහැරට සහභාගි වීම අපට තහනම් කර ඇති අතර, එය අපට නිර්දේශ කර නැත.
نُهِينَا عَنِ اتِّبَاعِ الجَنَائِزِ، وَلَمْ يُعْزَمْ عَلَيْنَا.
උම්මු අතිය්යා අල්-අන්සාරියා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ දන්වා ඇත. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් අවමංගල්‍ය පෙරහැර සමඟ ගමන් කිරීම කාන්තාවන්ට තහනම් කළහ. ඊට හේතුව ඒ තුළින් ඔවුනට ඇතිවන හෝ ඔවුන් හේතුවෙන් ඇතිවන අර්බුදවලට බියවීම නිසාවෙන් සහ ඔවුන්ගේ ඉවසීමේ ඌනතාවය නිසාවෙනි. පසුව ඇය: සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් අනෙකුත් තහනම් කිරීම් සම්බන්ධයෙන් කළ පරිදි මේ ගැන වූ තහනම අවධාරණය නො කළ බව ද දන්වා සිටියා ය.
ජනාසාව පසුපසින් ගමන් කිරීම කාන්තාවන්ට තහනම් කරන ලදී. එසේ සහභාගි වීමේ තහනම එය සූදානම් කිරීම, ඒ වෙත සලාත් ඉටු කිරීම, එය වළ දමන තෙක් මිනීවළ වෙත පිය නැගීම යනාදී කරුණුවල ද පොදුවේ.
කාන්තාවන්ට එවැනි දුක්බර දර්ශන සහ චිත්තවේගී තත්වයන් දරාගත නොහැකි වීම තහනමට හේතුවේ. සමහරවිට තිබිය යුතු ඉවසීම වෙනුවට ඔවුන් අතෘප්තිය සහ නොඉවසිලිමත්කම පෙන්වනු ඇත.
යම් දයෙකඇ වැළැක්වීමේ නියෝගය ඒ දේ කිරීම තහනම් බව හඟවයි. නමුත් උම්මු අතිය්යා (රළියල්ලාහු අන්හා) තුමිය අවබෝධ කර ගත් පරිදි එතුමිය විසින් ප්‍රකාශ කර ඇත්තේ, ජනසා කටයුතු වලට සහභාවී වීම සහතික ලෙස වළක්වා නැති බවයි. නමුත් ජනාසා කටයුතුවලට සහභාගී වීම සම්බන්ධයෙන් පෙන්වා දෙන මෙම හදීසයට වඩා දැඩි අවවාදාත්මක හදීස් ඒ ගැන සඳහන් කර පැමිණ ඇත.
සහීහුුල් බුහාරි (2/ 78) (1278).
සහීහ් මුස්ලිම් (2/ 646) (938).
තවත් බලන්න (4)
تيسير العلام شرح عمدة الأحكام.
لعبد الله البسام (ص285).
تنبيه الأفهام شرح عمدة الأحكام.
لابن عثيمين (2/ 366).