Skip to content

“අල්ලාහ් තම පරමාධිපති ලෙසත් ඉස්ලාමය තම දහම ලෙසත් මුහම්මද් තම දූතයාණන් ලෙසත් කවුරුන් පිළිගත්තේ ද ඔහු ඊමාන් නොහොත් විශ්වාසයේ සුවය වින්ඳේය.”

අබ්බාස් ඉබ්නු අබ්දුල් මුත්තලිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් අල්ලාහ්ගේ දූතයාණන් කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් මෙසේ ප්‍රකාශ කරන ලදී.

“අල්ලාහ් තම පරමාධිපති ලෙසත් ඉස්ලාමය තම දහම ලෙසත් මුහම්මද් තම දූතයාණන් ලෙසත් කවුරුන් පිළිගත්තේ ද ඔහු ඊමාන් නොහොත් විශ්වාසයේ සුවය වින්ඳේය.”

«ذَاقَ طَعْمَ الْإِيمَانِ مَنْ رَضِيَ بِاللهِ رَبًّا، وَبِالْإِسْلَامِ دِينًا، وَبِمُحَمَّدٍ رَسُولًا».

මුස්ලිම් එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

දේවත්වය පිළිබඳ විශ්වාසය තම සිත තුළ තැන්පත් වූ සැබෑ දේව විශ්වාසියා, ඔහුගේ සිත තුළ පුළුල් බව, විස්තීරණය, සතුට, සුවය, මිහිර අල්ලාහ්ගෙන් ලබනුයේ මෙම කරුණු තුන පිළිගත්තේ නම් පමණක් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. පළමුව: අල්ලාහ්ව පරමාධිපති ලෙස පිළිගැනීමය. එනම් පෝෂණ සම්පත් හා අවස්ථාවන් බෙදා හැරීමේ දී දේව පරිපාලනය අනුව අල්ලාහ් ගෙන් පැමිණෙන දෑ විවෘත හදවතින් පිළිගැනීමය. ඔහුගේ හදවත තුළ එයට පටහැනි දෙයක් විය නොහැක. උත්තරීතර අල්ලාහ් හැර වෙනත් කිසිවකු පරමාධිපති ලෙස නොසෙවිය යුතු යැයි අවවාද කෙරේ. දෙවැන්න: ඉස්ලාමය දහම ‌ලෙස පිළිගැනීමය. එනම් ඉස්ලාමය තුළ පවතින වගකීම් හා පැවරුම් සම්බන්ධයෙන් සෑහීමට පත්ව ඒවා විවෘත හදවතින් බැලීම ය. ඉස්ලාමය හැර වෙනත් මාර්ගයක ඔහු නොයා යුතුය. තුන්වැන්න: මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව ධර්ම දූතයා ලෙස පිළිගැනීමය. එනම් එතුමාණන් ගෙන ආ සියලු දෑ කිසිදු සැකයකින් හෝ කුතුහලයකින් තොරව ඉතා සතුටින් හා විවෘත හදවතින් පිළිගැනීමය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මඟපෙන්වීමට අනුගත වන දෑ හැර වෙනත් මඟක ගමන් නො කළ යුතු ය.

හදීසයෙන් උගත හැකි පාඩම්

මුවින් ආහාර පාන රස විඳින්නක් මෙන් ඊමාන් හෙවත් දේව විශ්වාසය සතුව හදවත සුවය විඳින මිහිරක් හා සුවයක් ඇත.

ආහාර පාන වල මිහිර ශරීරය සුව විඳිනුයේ එය මනා සෞඛ්‍ය තත්ත්වයෙන් තිබෙන විට පමණි. එමෙන්ම හදවත නොමග හරින සුළු ආශාවන්ගෙන් හා තහනම් කරන ලද ඉච්ඡාවන්ගෙන් පිරිසිදු වූ විටෙක පමණය ඊමාන් හෙවත් දේවත්වය විශ්වාස කිරීමෙන් ලැබෙන සුවය ලබනුයේ. එය රෝගී වූ විටෙක, ඊමානයේ සුවය නොලබනු ඇත. ඒ වෙනුවට ඔහුව විනාශ කරන ආශාවන් හා පාපයන් ඒ තුළ වැළඳ ගන්නට බලනු ඇත.

මිනිසා යම් කරුණක් පිළිගෙන, එහි යහපත පතන විටෙක එහි කටයුතු ඔහුට පහසු වනු ඇත. ඉන් කිසිවක් ඔහුට අපහසු වන්නේ නැත. ලැබෙන සෑම දෙයකින්ම ඔහු සතුටු වනු ඇත. හදවත එහි තිරයෙන් ස්පර්ශ වනු ඇත. ‌එලෙසම, මුඃමින්වරයකුගේ හදවත තුළට දේව විශ්වාසය ප්‍රවේශ වූ විටෙක තම පරමාධිපතියාණන්ට අවනත වීම ඔහුට පහසු වන අතරම ඒ සඳහා මිහිරක් ඔහු ලබනු ඇත. ඒ සඳහා සහය දැක්වීමට ඔහුට දුෂ්කර නොවනු ඇත.

ඉබ්නුල් කය්යුම් තුමා මෙසේ පවසයි: මෙම හදීසයේ අල්ලාහ්ගේ පරිපාලනත්වය ඔහුගේ දේවත්වය මෙන්ම දේව දුතයාන්ව පිළිගැනීම ඔහුට අවනත වීම, ඔහුගේ දහම පිළිගැනීම හා එයට අවනත වීම යනාදිය ඇතුළත් වී තිබෙන බව සළකන්න.

මූලාශ්‍ර

සහීහ් මුස්ලිම් (1/ 62) (34).

තවත් බලන්න (2)

البحر المحيط الثجاج في شرح صحيح الإمام مسلم بن الحجاج (2/ 11).

إكمال المعلم بفوائد مسلم (1/ 270).