මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ: "අස්සලාමු අලයිකුම්" යැයි පැවසීය. එතුමාණන් ඔහුට පිළිතුරු දුන්හ. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ "දහයක් හිමිය
ඉම්රාන් ඉබ්නු හුසෙයින් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ: "අස්සලාමු අලයිකුම්" යැයි පැවසීය. එතුමාණන් ඔහුට පිළිතුරු දුන්හ. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ "දහයක් හිමිය" යැයි පැවසූහ. ඔහු වාඩි විය. පසුව තවත් අයෙක් පැමිණ "අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහ්" යැයි පැවසීය. එතුමාණෝ ඔහුට ද පිළිතුරු දුන්හ. ඔහු ද වාඩි විය එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ "විස්සක් හිමිය" යැයි පැවසූහ. පසුව තවත් අයෙක් පැමිණ "අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු" යැයි පැවසීය. එතුමාණෝ ඔහුට ද පිළිතුරු දුන්හ. ඔහු ද වාඩි විය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ "තිහක් හිමිය" යැයි පැවසූහ.
جَاءَ رَجُلٌ إِلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: السَّلَامُ عَلَيْكُمْ، فَرَدَّ عَلَيْهِ ثُمَّ جَلَسَ، فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «عَشْرٌ» ثُمَّ جَاءَ آخَرُ فَقَالَ: السَّلَامُ عَلَيْكُمْ وَرَحْمَةُ اللَّهِ، فَرَدَّ عَلَيْهِ فَجَلَسَ، فَقَالَ: «عِشْرُونَ» ثُمَّ جَاءَ آخَرُ فَقَالَ: السَّلَامُ عَلَيْكُمْ وَرَحْمَةُ اللَّهِ وَبَرَكَاتُهُ، فَرَدَّ عَلَيْهِ فَجَلَسَ، فَقَالَ: «ثَلَاثُونَ».
මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ: "අස්සලාමු අලයිකුම්" යැයි පැවසීය. එතුමාණන් ඔහුට පිළිතුරු දුන් පසු ඔහු වාඩි විය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ "ඔහු වෙනුවෙන් කුසල් දහයක් සටහන් කරනු ලැබීය" යැයි පැවසූහ. පසුව තවත් අයෙක් පැමිණ "අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහ්" යැයි පැවසීය. එතුමාණන් ඔහුට ද පිළිතුරු දුන් අතර ඔහු ද වාඩි විය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ "ඔහුට විස්සක් හිමිය" යැයි පැවසූහ. පසුව තවත් අයෙක් පැමිණ "අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු" යැයි පැවසීය. එතුමාණන් ඔහුට ද පිළිතුරු දුන් අතර ඔහු ද වාඩි විය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ "ඔහුට කුසල් තිහක් හිමිය" යැයි පැවසූහ. එනම් සෑම වචනයකටම කුසල් දහයක් බැගින් විය.
පැමිණෙන තැනැත්තා වාඩි වී සිටින්නන් හට සලාම් පැවසීම ආරම්භ කළ යුතු වේ.
සලාම්හි වචන වැඩි වන තරමට කුසල් ද වැඩි වනු ඇත.
සලාම් පැවසීමේ පූර්ණ ක්‍රමය "අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු" යන්නයි. පිළිතුරු දීමේ උතුම්ම ක්‍රමය "වඅලෙයිකුමුස් සලාම් වරහ්මතුල්ලාහි වබරකාතුහු" යන්නයි.
සලාම් පැවසීමේ මට්ටම් විවිධය. එමෙන්ම ඒ සඳහා කුසල් හිමිවීමේ ප්‍රමාණය ද විවිධය.
මිනිසුනට යහපත කියා දීම, වඩාත් උතුම් දෑ ලබන්නට ඔවුන් අවදි කරවීම.
ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: "ආරම්භ කරන්නා (වරහ්මතුල්ලාහ්) යනුවෙන් අමතරව පවසා සිටියේ නම්, ඊට අමතරව (වබරකාතුහු) යනුවෙන් පැවසීම සතුටුදායකය. ඔහු අමතරව (වබරකාතුහු) යැයි පැවසුවේ නම් පිළිතුරු දීමේ දී ඊට අමතරව යමක් ආගමානුගත කර තිබේ ද? එමෙන්ම ආරම්භ කරන්නා (වබරකාතුහු) යන වචනයට වඩා යමක් අමතරව ප්‍රකාශ කර තිබේ නම් එය ඔහුට ආගමානුගත ද? මුවත්තාඃ යන පුස්තකයේ සඳහන් ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්ථා කළ හදීසයට අනුව වබරකාතුහු යන පදය සමග සලාමය අවසන් වේ යන්නය.
සුනන් අබූ දාවූද් (7/ 491) (5195).
සුනන් අත් තිර්මිදි (4/ 420) (2689).
මුස්නද් අහ්මද් (33/ 170) (19948).
තවත් බලන්න (8)
كنوز رياض الصالحين.
لمجموعة من الباحثين (11/ 246).
بهجة الناظرين.
لسليم الهلالي (3/ 132).
نزهة المتقين.
لمجموعة من الباحثين (1/ 663).
شرح رياض الصالحين.
لابن عثيمين (4/ 399).
පොත්වල උපුටා දක්වා ඇත
6 පොත්තවත් බලන්න (6)
- الذكر والدعاء والعلاج بالرقي من الكتاب والسنة"جاء رجل إلى النبي - صلى الله عليه وسلم - فقال: السلام عليكم، فرد عليه، ثم جلس، فقال النبي - صلى الله عليه وسلم -: "عشر" ثم جاء آخر، فقال: السلام عليكم ورحمة الله، فرد عليه، فجلس، فقال: "عشرون" ثم جاء آخر فقال: السلام عليم ورحمة الله وبركات
- ما لا يسع المسلم جهله«السَّلاَمُ عَلَيْكُمْ وَرَحْمَةُ اللَّهِ»،
- مشروع منهاج زادكزادك 1 طالبجَاءَ رجل إِلَى النَّبِيِّ صلى الله عليه وسلم فَقَالَ: السَّلَامُ عَلَيْكُمْ. فقَالَ النَّبِيُّ صلى الله عليه وسلم: «عَشْرٌ». ثُمَّ جَاءَ آخَرُ فَقَالَ: السَّلَامُ عَلَيْكُمْ وَرَحْمَةُ اللهُ. فَقَالَ النَّبِيُّ صلى الله عليه وسلم: «عِشْرُو
- موسوعة الأسئلة (المجموعة الأولى)«السَّلام عليكم ورحمة الله»،
- موسوعة الأسئلة (المجموعة الأولى)«السَّلَامُ عَلَيْكُمْ وَرَحْمَةُ اللهِ»
- نبراس طالب (2)نبراس طالب (2) جَاءَ رجل إِلَى النَّبِيِّ صلى الله عليه وسلم فَقَالَ: السَّلَامُ عَلَيْكُمْ، فقَالَ النَّبِيُّ صلى الله عليه وسلم: «عَشْرٌ»، ثُمَّ جَاءَ آخَرُ فَقَالَ: السَّلَامُ عَلَيْكُمْ وَرَحْمَةُ اللهُ، فَقَالَ النَّبِيُّ صلى الله عليه وسلم: «عِشْرُو