5 : 24
قَالُواْ يَٰمُوسَىٰٓ إِنَّا لَن نَّدۡخُلَهَآ أَبَدٗا مَّا دَامُواْ فِيهَا فَٱذۡهَبۡ أَنتَ وَرَبُّكَ فَقَٰتِلَآ إِنَّا هَٰهُنَا قَٰعِدُونَ
අහෝ මූසා! ඔවුහු එහි සිටින තාක්කල් කිසිවිටෙක අපි එහි නො පිවිසෙමු. එබැවින් ඔබ හා ඔබේ පරමාධිපති ගොස් ඔබ දෙපළ (ඔවුන් හා) සටන් වදිනු. සැබැවින් ම අපි මෙහි වාඩි වී සිටින්නෙමු යැයි ඔවුහු පැවසූහ.