Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 36 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“සැබැවින්ම නුඹලා අල්ලාහ් වෙත පැවරිය යුතු නියම අයුරින් පවරා විශ්වාසය තබන්නෙහු නම්, උදෑසන හිස් බඩින් ගොස් සවස පිරුණු බඩින් පැමිණෙන පක්ෂියාට පෝෂණය කරනු ලබන්නාක් මෙන් නුඹලා ද පෝෂණය කරනු ලබනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු විසින් වාර්තා කර ඇත.
“නුඹලාගේ පරමාධපතියාණන් වන අල්ලාහ් පිළිබඳ හැඟීමෙන් කටයුතු කරනු. නුඹලාට නියම වූ පංචකාල සලාත් ඉටු කරනු. නුඹලාට නියම වූ මාසයේ උපවාසයේ නිරත වනු. නුඹලාගේ සම්පත් සඳහා සකාත් ඉටු කරනු. නුඹලාගේ කටයුතු භාර උදවියට අවනත වනු. නුඹලාගේ පරමාධිපතිගේ ස්වර්ගයට නුඹලා පිවිසෙනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"දේවත්වය විශ්වාස කරන්නන් අතරින් විශ්වාසයෙන් වඩාත් පුර්ණවත් තැනැත්තා ඔවුන් අතර සදාචාරයෙන් වඩාත් යහපත් තැනැත්තාය. නුඹලා අතරින් වඩාත් ශ්‍රේෂ්ඨ තැනැත්තා නුඹලා අතර තම බිරියන් හට ශ්‍රේෂ්ඨ තැනැත්තාය."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදි, හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"මිනිසුන් අධික ලෙස ස්වර්ගයට ඇතුළත් කරන දෑ කුමක්දැ?යි අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) විමසන ලදී. එවිට එතුමාණෝ: “අල්ලාහ් පිළිබඳ බිය හැඟීමෙන් යුතුව කටයුතු කිරීම හා යහපත් ගතිගුණ වේ” යැයි පැවසූහ. තවදුරටත්, මිනිසුන් අධික ලෙස නිරයට ඇතුළත් කරන දෑ කුමක්දැ?යි එතුමාණන්ගෙන් විමසන ලදී. එවිට එතුමාණෝ: “කට හා ලිංගේන්ද්‍රි ය” යැයි පැවසූහ.
හසන් සහීහ් ගණයට අයත් හදීසයකි. මෙය තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු විසින් වාර්තා කර ඇත.
“මුස්ලිම්වරයාගේ වේට්ටිය කෙණ්ඩයේ අඩක් දක්වා විය යුතුය. ඒ අතර හා වළලු කර අතර පවතින දෑහි වරදක් නැත. නමුත් වළලු කරට වඩා පහළින් ඇති දෑ වනාහි, එය අපා ගින්නෙහිය. කවරෙකු තම වේට්ටිය අහංකාරයෙන් යුතුව බිම ගාවමින් ඇද ගෙන යන්නේද, අල්ලාහ් ඔහු දෙස කරුණා බැල්මෙන් නොබලන්නේමය.”
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
“සැබැවින්ම ප්‍රාර්ථනාව යනු, එයමය නැමදුමවේ" යැයි පවසා මෙම (සූරා ගාෆිර්: 60 වැනි) පාඨය පාරායනය කළහ. "තවද නුඹලා මා අමතනු. මම නුඹලා(ගේ ප්‍රාර්ථනාව)ට පිළිතුරු දෙමි. නියත වශයෙන්ම මට ප්‍රාර්ථනා කිරීමෙන් (ඈත් වී) උඩඟුකම් පාමින් සිටියවුන් අවමානයට පත් වූවන් ලෙසින් නිරයට මතු පිවිසෙනු ඇත.” යැයි නුඹලාගේ පරමාධිපති පවසයි."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කොට ඇත.
"අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂා කරනු ලබන යම් දැනුමක් වී, යමෙකු එමගින් මෙලොව යමක් ලැබීමේ අපේක්ෂාවෙන් මිස එය නො හදාරන්නේ නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වර්ගයේ ගන්ධය පවා ඔහු ආඝ්‍රාණය නො කරනු ඇත." එනම් එහි සුවඳය.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
“අල්ලාහ් වෙත ප්‍රාර්ථනා කිරීම තරම් ගෞරවනීය දෙයක් තවත් නැත.”
හසන් ගණයට අයත් හදීසයකි. මෙය තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු විසින් වාර්තා කර ඇත.