Skip to content

“අල්ලාහ් වෙත ප්‍රාර්ථනා කිරීම තරම් ගෞරවනීය දෙයක් තවත් නැත.”

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

“අල්ලාහ් වෙත ප්‍රාර්ථනා කිරීම තරම් ගෞරවනීය දෙයක් තවත් නැත.”

«لَيْسَ شَيْءٌ أَكْرَمَ عَلَى اللهِ تَعَالَى مِنَ الدُّعَاءِ».

මෙය තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු විසින් වාර්තා කර ඇත.
හසන් ගණයට අයත් හදීසයකි.
විවරණය

නැමදුම් අතර උත්තරීතර අල්ලාහ් අබියස ප්‍රාර්ථනාවට වඩා උතුම් වෙනත් දෙයක් නැති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිලි කරයි. ඊට හේතුව ඒ තුළ උත්තරීතර අල්ලාහ්ගේ පොහොසත් කම පිළිගැනීමත්, ගැත්තාගේ නොහැකියාව හා ඔහු වෙත වූ අවශ්‍යතාව පිළිගැනීමත් ඇතුළත්ව තිබෙන බැවිනි.

වචනාර්ථ

...:

හදීසයෙන් උගත හැකි පාඩම්

ප්‍රාර්ථනාවේ මහිමය: කවරෙකු අල්ලාහ්ගෙන් පතන්නේ ද ඔහු ඔහුව ගෞරවයට පත් කළ අයෙකි. සුවිශුද්ධයාණන් ස්වාධීන, පොහොසත් බව පිළිගත් අයෙකි. දුප්පතාගෙන් පතනු නො ලැබේ. සැබැවින්ම ඔහු සවන් දෙන්නාය. බිහිරාගෙන් පතනු නො ලැබේ. සැබැවින්ම ඔහු ත්‍යාගශීලීය. මසුරාගෙන් පතනු නොලැබේ. සැබැවින්ම ඔහු කාරුණිකය, දැඩි භාවය ඇත්තාගෙන් පතනු නො ලැබේ. සැබැවින්ම ඔහු බලවතාය. නොහැකි තැනැත්තාගෙන් පතනු නො ලැබේ. සැබැවින්ම ඔහු ඉතා සමීපය. දුරස්ව සිටින්නාගෙන් පතනු නොලැබේ. ශුද්ධ වූ අල්ලාහ්ට මෙවන් අලංකාර හා කීර්තිමත් වෙනත් ගුණාංග ද ඇත.

මූලාශ්‍ර

සුනන් අත් තිර්මිදි (5/ 385) (3370).

සුනන් ඉබ්නු මාජහ් (5/ 6) (3829).

මුස්නද් අහ්මද් (14/ 360) (8748).

තවත් බලන්න (8)

توضيح الأحكام من بلوغ المرام.

للبسام (7/ 546).

منحة العلام في شرح بلوغ المرام.

لعبد الله الفوزان (10/ 416).

فتح ذي الجلال والإكرام.

لابن عثيمين (6/ 481).

سبل السلام بشرح بلوغ المرام.

للصنعاني (2/ 707).