عربي - Arabic English Qafár af - Afar Afrikaans - Afrikanns Akan Shqip - Albanian አማርኛ - Amharic Հայերեն - Armenian অসমীয়া - Assamese Azərbaycanca - Azerbaijani Bamanankan - Bambara Bassa Bemba বাংলা - Bengali Bosanski - Bosnian Български - Bulgarian မြန်မာဘာသာ - Burmese Bisaya - Cebuano Cham Нохчий - Chechen chiCheŵa - Chewa 中文 - Chinese Адыгэбзэ - Circassian Hrvatski - Croatian Česky - Czech Dagbani Dansk - Danish فارسی دری - Dari Dendi ދިވެހި ބަސް - Dhivehi Nederlands - Dutch إستوني - Estonian Suomi - Finnish Français - French Fulfulde - Fula ქართული - Georgian Deutsch - German Ελληνικά - Greek ગુજરાતી - Gujrati Kreyòl ayisyen - Haitian Creole Hausa हिन्दी - Hindi Magyar - Hungarian Igbo Indonesia - Indonesian Italiano - Italian 日本語 - Japanese Jóola - Jola ಕನ್ನಡ - Kannada Қазақша - Kazakh ភាសាខ្មែរ - Khmer Kikuyu Ikinyarwanda - Kinyarwanda Ikirundi - Kirundi 한국어 - Korean كوردی سۆرانی - kurdish كوردي kurmancî - Kurmanji Kyrgyz ລາວ - Lao latviešu - Latvian Lingala lietuvių - Lithuanian Luganda Македонски - Macedonian Maguindanaon Malagasy - Malagasy Bahasa Melayu - Malay മലയാളം - Malayalam Mandinka मराठी - Marathi Mõõré - Moore नेपाली - Nepali أنكو - NKo Norwegian ଓଡ଼ିଆ - Odia oromoo - Oromo پښتو - Pashto فارسی - Persian Polski - Polish Portuguese ਪੰਜਾਬੀ - Punjabi Română - Romanian Русский - Russian Српски - Serbian Shona සිංහල - Sinhala Slovenščina - Slovenian Soomaaliga - Somali Soninke Sesotho - Sotho Español - Spanish Kiswahili - Swahili Svenska - Swedish Tagalog Тоҷикӣ - Tajik தமிழ் - Tamil తెలుగు - Telugu ไทย - Thai ትግረኛ - Tigrinya Türkçe - Turkish Ukrainian اردو - Urdu ئۇيغۇرچە - Uyghur Ўзбек - Uzbek Việt Nam - Vietnamese Wolof Yao Yorùbá - Yoruba Zarma زولو - Zulu
838 හදීස්
නබි හදීස් විශ්වකෝෂය
ප්රවර්ග
හදීසයේ තරාතිරම
වාර්තා වූ ග්රන්ථය
වාර්තාකරු
සියලු වාර්තාකරුවන් පෙන්වන්න (13)
"අහෝ අල්ලාහ්ගේ නබිවරය! නායකයෝ අපට එරෙහිව නැගී සිට ඔවුන්ගේ අයිතිය අපෙන් ඉල්ලා සිටිය ද අපගේ අයිතීන් ඔවුන් වළක්වන්නේ නම් ඒ ගැන ඔබ සිතන්නේ කෙසේ ද? ඔබ අපට අණ කර සිටින්නේ කුමක්ද?" එවිට එතුමාණෝ එය නොසළකා හැරියහ. පසුව නැවතත් එතුමාගෙන් විමසුවේය. එවිට ද එතුමාණෝ එය නොසළකා හැරියහ. පසුව දෙවන වතාවේ හෝ තුන්වන වතාවේ හෝ විමසා සිටිය දී අෂ්අස් ඉබ්නු කයිස් තුමා එතුමාව ඇද්දේය. තවද එතුමාණෝ “නුඹලා ඔවුනට ඇහුන්කන් දෙන්න. ඔවුනට අවනත වන්න. සැබැවින්ම ඔවුන් මත පවරනු ලැබූ දෑ ඔවුන් මත (පැවරුණු වගකීම) ය. නුඹලා මත පවරනු ලැබූ දෑ නුඹලා මත (පැවරුණු වගකීම)ය.” යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“නුඹලාගේ කටයුතු සියල්ල එක් මිනිසෙකු මත තිබියදී කවරෙකු හෝ නුඹලා වෙත පැමිණ, නුඹලාගේ සැරයටිය කඩන්නට හෝ නුඹලාගේ එකමුතුකම බිඳින්නට හෝ බලන්නේ නම් නුඹලා ඔහුට මරණ දඬුවම ක්රියාත්මක කරනු.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“අහෝ අල්ලාහ්! කවරෙකු මාගේ සමූහයේ යම් කටයුත්තක් භාරව සිටගෙන, ඔවුන් මත දුෂ්කරතා ඇති කරන්නේ ද ඔබ ද ඔහු මත දුෂ්කරතා ඇති කරනු මැනව. තවද කවරෙකු මාගේ සමූහයේ කටයුත්තක් භාරව සිටගෙන ඔවුන් සම්බන්ධයෙන් මෘදු ලෙස කටයුතු කරන්නේ ද ඔහු සම්බන්ධයෙන් ද ඔබ මෘදු ලෙස කටයුතු කරනු මැනව.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"සැබැවින්ම මතුවට අර්බුද මතුවනු ඇත. දැනගන්න, අර්බුදයක් මතු ඇති වන්නේය. එහි ගමන් කරන්නාට වඩා රැඳී සිටින්නා ශ්රේෂ්ඨ වනු ඇත. ඒ වෙත කැප වන්නාට වඩා එහි වාඩි වී සිටින්නා ශ්රේෂ්ඨ වනු ඇත. දැනගන්න, එබැවින් එවැන්නක් පහළ වූ විටෙක හෝ සිදු වූ විටෙක, කවරෙකු සතුව ඔටුවෙක් ඇත්තේ ද ඔහු ඔහුගේ ඔටුවා සමග සේන්දු විය යුතුයි. කවරෙකුට එළුවෙකු ඇත්තේ ද ඔහු ඔහුගේ එළුවා සමග සේන්දු විය යුතුයි. කවරෙකුට භූමිභාගයක් ඇත්තේ ද ඔහු එම භූමි භාගය සමග සේන්දු විය යුතුයි. ඒවිට මිනිසෙකු: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, යමෙකුට ඔටුවකු හෝ එළුවෙකු හෝ භූමි භාගයක් හෝ නොමැති නම් ඒ ගැන ඔබේ අදහස කුමක් ද?" යැයි විමසා සිටියේය. එතුමාණෝ මෙසේ පවසා සිටියහ: "ඔහුගේ අසිපත අතට ගෙන එහි මුවහත ගලකින් දමා ගසා ආරක්ෂාවීමට හැකි පමණින් ඔහු ආරක්ෂා විය යුතුය. අහෝ දෙවිඳුනි, මම දන්වා සිටියෙම් ද? 'අහෝ දෙවිඳුනි, මම දන්වා සිටියෙම් ද? අහෝ දෙවිඳුනි, මම දන්වා සිටියෙම් ද?' යැයි කීහ. පසුව වාර්තාකරු තවදුරටත් මෙසේ පවසා සිටියේය: එවිට මිනිසෙකු: "අල්ලාහ්ගේ දූතයාණනි, බලඇණි දෙකින් එකකට හෝ කණ්ඩායම් දෙකින් එකකකට හෝ බල කර මා රැගෙන ගොස් මිනිසෙකු ඔහුගේ කඩුවෙන් මට පහර දී හෝ හීයෙන් විද මා ඝාතනය කළේ නම් ඒ ගැන ඔබ අදහස් කරනුයේ කුමක් ද?" ඒතුමා "ඔහු ඔහුගේ පාපය මෙන්ම ඔබේ පාපය ද උරුම කරගෙන අපා ගින්නේ සගයන් අතරට පත් වනු ඇත." යැයි පැවුසුහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ඉබ්නු අල්-ලුත්බියා නම් මිනිසෙකු සුලෙයිම් ගෝත්රයේ සකාත් එකතු කරන්නෙකු ලෙස සේවයේ යෙදවීය. ඔහු ගණන් හිලව් කිරීමට ආපසු පැමිණි කල්හි, මෙසේ පැවසීය: "මෙය ඔබලා සතුය. මෙය මට තෑග්ගක් ලෙස ලබා දෙන ලදී." එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පැවසූහ: “ඔබ සත්යවාදී නම්, ඔබේ තෑග්ග ඔබ වෙත පැමිණෙන තෙක් ඔබ ඔබේ පියාගේ සහ මවගේ නිවසේ රැඳී නො සිටියේ මන්ද?” පසුව එතුමාණෝ අප වෙත දේශනාවක් කළහ. අල්ලාහ්ට ප්රශංසා කිරීමෙන් හා පැසසුම් කිරීමෙන් පසු, මෙසේ පැවසූහ: "අල්ලාහ් මට පවරා ඇති අධිකාරියේ කොටසක් ලෙස, සේවය කිරීම සඳහා මම ඔබ අතරින් මිනිසෙකු යොදවා ගත්තෙමි. ඔහු පැමිණ මෙසේ කියයි: 'මෙය ඔබලා සතුයි. මෙය මට තෑග්ගක් ලෙස ලබා දෙන ලදී. ඔහුට තෑගි ලැබේදැයි බැලීමට ඔහු තම පියාගේ හෝ මවගේ නිවසේ රැඳී නොසිටියේ ඇයි? අල්ලාහ් මත දිවුරමින්! ඔබගෙන් කෙනෙකු අයුතු ලෙස යමක් ගන්නේ නම්, ඔහු නියත වශයෙන්ම විනිශ්චය දිනයේදී එය දරාගෙන සර්වබලධාරී අල්ලාහ් හමුවනු ඇත. එසේ ඔබ අතරින් කෙනෙකු අල්ලාහ් හමුවන්නේ, කෑ ගසන ඔටුවෙකු හෝ කෑ ගසන එළදෙනක් හෝ කෑ ගසන බැටළුවෙකු රැගෙන බව මම නිසැකවම දනිමි. ඉන්පසු, එතුමාණන්ගේ කිහිලිවල සුදු පැහැය අපට පෙනෙන තෙක් දෑත් ඔසවා “අහෝ දෙවිඳුනි! මම (ඔබේ පණිවිඩය) ප්රකාශ කර තිබේ ද? මාගේ දෑසේ බැල්ම හා මාගේ දෙකන්හි ශ්රවණය සහතිකය." යැයි පැවසුහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“සැබැවින්ම නුඹලා මත නායකයින් ක්රියාත්මක වනවා ඇත. නුඹලා (ඔවුන්ගේ ඇතැම් ක්රියාවන්) හඳුනන්නෙහුය. තවද නුඹලා පිළිකුල් කරන්නෙහුය. කවරෙකු හඳුනා ගත්තේ ද සැබැවින්ම ඔහු නිදොස් විය. කවරෙකු පිළිකුල් කළේ ද ඔහු ආරක්ෂිත විය. නමුත් කවරෙකු පිළිගෙන අනුගමනය කළේ ද ඔහු විනාශ වී යනු ඇත. ඔවුහු: ඔවුන් සමග අප සටන් කළ යුතු නොවේද? යැයි විමසුවෝය. එතුමාණෝ: ‘නැත, නුඹලා අතර ඔවුන් සලාතය ඉටු කරන තාක්කල්" යනුවෙන් පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“නුඹලා සෑම කෙනෙකුම මෙහෙයවන්නෙකි. නුඹලා සෑම කෙනෙකුම තම මෙහෙයවීම සම්බන්ධයෙන් ප්රශ්න කරනු ලබනු ඇත. ජනතාවට නායකත්වය දරණ නායකයා මෙහෙයවන්නෙකි. ඔහුගේ මෙහෙයවීම ගැන ඔහු ප්රශ්න කරනු ලබනු ඇත. මිනිසා තම නිවැසියන් මත මෙහෙයවන්නෙකි. ඔහුගේ මෙහෙයවීම ගැන ඔහු ප්රශ්න කරනු ලබනු ඇත. කාන්තාව ඇයගේ ස්වාමිපුරුෂයාගේ නිවස හා ඔහුගේ දරුවා මත මෙහයවන්නියකි. ඇයගේ මෙහෙයවීම ගැන ඇය ප්රශ්න කරනු ලබනු ඇත. සේවකයා තම ස්වාමියාගේ දේපළ මෙහෙයවන්නෙකි. ඔහුගේ මෙහෙයවීම ගැන ඔහු ප්රශ්න කරනු ලබනු ඇත. ඒ අනුව නුඹලා සෑම කෙනෙකුම මෙහෙයවන්නෙක් බවත් නුඹලා සෑම කෙනෙකුම තම මෙහෙයවීම සම්බන්ධයෙන් ප්රශ්න කරනු ලබන බවත් දැනගත යුතුය.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පහසු හා දුෂ්කර අවස්ථාවන්හි මෙන්ම, ධෛර්යමත් හා වෙහෙසකාරී අවස්ථාවන්හි, අප මත යම් බලපෑමක් ඇති වුව ද සවන් දීමටත් අවනත වීමටත් අපි අල්ලාහ්ගේ දූතයාණන් හට ප්රතිඥා දුන්නෙමු. අදාළ කටයුත්ත විෂය භාර උදවියගෙන් ඉවත් නොකරන බවටත් අප කොතැනක සිටියත් සත්යය ප්රකාශ කරන බවටත් අල්ලාහ් විෂයයෙහි දොස් නගන කිසිවකුගේ දොසකට බිය නොවන බවටත් (අපි එතුමාණන්ට ප්රතිඥා දුන්නෙමු.)
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.