Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 53 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“ඔබ අතරින් කිසිවකු වුළුෑ ගන්නා විට ඔහුගේ නාසය තුළට ජලය ගෙන ගොස් පසු ව නාසය සීරා පිරිසිදු කළ යුතුය. ඔබ අතරින් කිසිවකු (තම ශාරීරික අවශ්‍යතා ඉටු කිරීමෙන් පසු පිරිසිදු කිරීම සඳහා) ගල් භාවිත කරන්නේ ද ඔහු ඔත්තේ සංඛ්යාවක් භාවිතා කළ යුතුය. ඔබ අතරින් කිසිවකු නින්දෙන් අවදි වූ විට තම දෙඅත් ජල භාජනයට දැමීමට පෙර සෝදා ගත යුතුයි. හේතුව සැබැවින්ම රාත්‍රියේ තම දෑත් පිහිටියේ කොතැනකදැ?යි ඔබ කිසිවෙකු නොදන්නා බැවිනි.” මුස්ලිම් හි සඳහන් තවත් ප්‍රකාශයක: "ඔබ කිසිවෙකු හෝ නින්දෙන් අවදි වූ විට, ඔහු තම අත තුන්වරක් සෝදා හරින තෙක් භාජනය තුළට නො ගිල්විය යුතුය. සැබැවින්ම ඔහුගේ අත රාත්‍රියේ තිබුණේ කොතැනක දැයි නොදන්නා බැවිනි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“සැබැවින්ම මිනිසෙක් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඉදිරියේ තම වමතින් අනුභව කළේය. එවිට එතුමාණෝ: ‘ඔබේ දකුණතින් අනුභව කරන්නැ’යි පැවසූහ. ඔහු: 'මට නොහැකි' යැයි පැවසීය. එතුමාණෝ ඔබට නොහැකි ම වේවා! යැයි පවසා, අහංකාරය මිස වෙනත් කිසිවක් ඔහු ඉන් වැළැක්වූයේ නැත' යැයි ප්‍රකාශ කළහ. පසුව ඔහුගේ කට වෙත එය ඔසවන්නට නො හැකි විය.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සෑම රාත්‍රියකම තම නිදියහනට පැමිණි විට තම දෙඅත් එකතු කර ගනියි. පසුව එහි පිඹ ඒ දෙකෙහි "කුල් හුවල්ලාහු අහද්", "කුල් අඌදු බිරබ්බිල් ෆලක්" හා "කුල් අඌදු බිරබ්බින් නාස්" යන දෑ පාරායනය කරයි. පසුව ඒ දෙකින් තම ශරීරය හැකිතාක් පිරිමදියි. එතුමාණන්ගේ හිස මුහුණ සහ ශරීරයේ ඉදිරි කොටස්වලින් එය ආරම්භ කරයි. එය තුවරක් සිදු කරයි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
“සැබැවින්ම මිනිසෙක් අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ‘ඉස්ලාමයේ කවර කරුණක් උතුම් වන්නේදැ?’යි විමසා සිටියේය. එතුමා: “ඔබ ආහාර සැපයීම, හඳුනන අයට හා නාඳුනන අයට ඔබ සලාම් පැවසීම වේ.” යැයි පවසා සිටියහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"ආහාරය අනුභව කර ඒ සඳහා තමන්ට ප්‍රශංසා කරන, බීම පානය කර ඒ සඳහා තමන්ට ප්‍රශංසා කරන ගැත්තා ගැන සැබැවින්ම අල්ලාහ් තෘප්තියට පත් වන්නේය."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“මළවුන් නැගිටුවනු ලබන දිනයේ දේව විශ්වාසී මුඃමින්වරයකුගේ තුලාවේ ගුණදම්වලට වඩා බරැති කිසිවක් නොමැත. සැබැවින්ම අල්ලාහ් අසභ්‍ය දෑ කතා කරන, අශීලාචාර ක්‍රියා කරන අය කෙරෙහි කෝප වේ."
පූර්ව සාධක සහිත හදීසයකි. අබූ දාවූද් සහ තිර්මිදි එය වාර්තා කර ඇත.
"මුස්ලිම්වරුන් දෙදෙනෙකු මුණ ගැසී අතිනතදී සුබ පතන්නේ නම්, ඔවුන් දෙදෙනා වෙන්ව යන්නට පෙර ඔවුන් දෙදෙනාට සමාව දෙනු ලබනු මිස නැත."
සියලුම සම්ප්‍රේෂණ දාමයන් හරහා පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කොට ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සමයේ අබ්දුල්ලාහ් නම් කෙනෙකු විය. ඔහුට හිමාර් යනුවෙන් නම් තබන ලදී. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔහු ගැන සිනහසෙන්නට වූහ. ඔහු මත් පැන් පානය කිරීම හේතුවෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔහුට කස පහර දීම නියම කර තිබුණි. දිනක් මත්පැන් පානය කළ ඔහුව ගෙන්වා ඔහුට කසපහර දෙන ලදී. එවිට එම පිරිසෙන් කෙනෙකු: 'අල්ලාහ් ඔහු විනාශ කරත්වා! කොපමණ වාරයක් ඔහුව ගෙන්වන ලැබුවේ ද! එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ. "ඔබ ඔහුට ශාප නො කරනු. අල්ලාහ් මත දිවුරා පවසමි. සැබැවින්ම ඔහු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට ප්‍රිය කරන්නෙක් ලෙස මිස මා ඔහු හඳුනන්නේ නැත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.