Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 53 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“මුස්ලිම්වරයෙකු මත මුස්ලිම්වරයකුට පැවරෙන යුතුකම් හයකි." අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, ඒවා මොනවාදැ?යි විමසන ලදී. එතුමාණෝ: "ඔබ ඔහුව මුණ ගැසුණු විට ඔහුට සලාම් පවසන්න. ඔහු ඔබව සංග්‍රහයක් සඳහා ඇරයුම් කළ විට ඔහුට පිළිතුරු දෙන්න. ඔහු ඔබෙන් උපදෙස් පතන විට ඔහුට උපදෙස් දෙන්න. ඔහු කිවිසුම් හැර (අල්හම්දු ලිල්ලාහ්’) -යැයි අල්ලාහ්ට- ප්‍රශංසා කළ විට ඔහුට (යර්හමුකල්ලා) යැයි පවසන්න. ඔහු රෝගාතුර වූ විට ඔහු බැහැ දැක සුවදුක් විමසන්න. ඔහු මිය ගිය විට (ජනසා කටයුතු අවසන් වන තෙක්) ඔහු පසුපස යන්න.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
සැබැවින්ම ඔවුහු: 'අල්ලාහ්ගේ දූතයාණනි, අපි අනුභව කරන්නෙමු, නමුත් කුස පිරෙන්නේ නැත.' යැයි ඔවුහු පවසා සිටියහ. එතුමාණෝ: "ඔබ වෙන් වෙන්ව ආහාර ගන්නා විය හැක" යැයි පවසා සිටියහ. ඔවුහු: ''ඔව්." යැයි පිළිතුරු දුන්හ. ඉන්පසු එතුමාණෝ: "ඔබේ ආහාරය ගන්නා විට ඔබ එක්රැස් වී අල්ලාහ්ගේ නාමය සිහිපත් කර ආහාරය ගන්න. එය ඔබට සමෘද්ධිමත් කරනු ලබනු ඇත."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවුද්, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
“තම වස්ත්‍රය උඩගු කමින් බිම ගාවා ඇදගෙන යන අය දෙස අල්ලාහ් කරුණා බැල්මෙන් නො බලනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“තම සහෝදරයාව රාත්‍රී තුනකට වඩා වෙන් කිරීම මුස්ලිම්වරයකුට අනුමත වන්නේ නැත. ඔවුන් දෙදෙනා එකිනෙකා මුණ ගැසී, ඔහුට මොහු පෙනෙයි. මොහුට ඔහු පෙනෙයි. ඔවුන් දෙදෙනාගෙන් උතුම් වනුයේ සලාම් මගින් ආරම්භ කරන තැනැත්තාය.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“ඔබ අතරින් කිසිවකු හෝ තම සහෝදරයා හමු වූ විට ඔහුට සලාම් පැවසිය යුතු වේ. ඔවුන් දෙදෙනා අතර ගසක් හෝ බිත්තියක් හෝ ගලක් හෝ මුවා වී නැවතත් ඔහු ව හමු වූ විට, එවිට ද ඔහු ඔහුට සලාම් පැවසිය යුතු වේ.”
පූර්ව සාධක සහිත හදීසයකි. අබූ දාවූද් එය වාර්තා කර ඇත.
"අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ආරක්ෂාව යනු කුමක්දැ? යි මම විමසා සිටියෙමි. එතුමාණෝ: “ඔබේ දිව ඔබ ආරක්ෂා කර ගනු. ඔබේ නිවස ඔබව රඳවා ගත යුතුය. ඔබේ වැරදිවලට ඔබ හඬා වැළපෙනු." යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"දැඩි සේ දොස් නගන, දැඩි සේ ශාප කරන, අශීලාචාර ලෙස කටයුතු කරන, පහත් ලෙස කටයුතු කරන තැනැත්තා දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයකු නොවේ."
පූර්ව සාධක සහිත හදීසයකි. තිර්මිදි එය වාර්තා කර ඇත.
මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ: "අස්සලාමු අලයිකුම්" යැයි පැවසීය. එතුමාණන් ඔහුට පිළිතුරු දුන්හ. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ "දහයක් හිමිය" යැයි පැවසූහ. ඔහු වාඩි විය. පසුව තවත් අයෙක් පැමිණ "අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහ්" යැයි පැවසීය. එතුමාණෝ ඔහුට ද පිළිතුරු දුන්හ. ඔහු ද වාඩි විය එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ "විස්සක් හිමිය" යැයි පැවසූහ. පසුව තවත් අයෙක් පැමිණ "අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු" යැයි පැවසීය. එතුමාණෝ ඔහුට ද පිළිතුරු දුන්හ. ඔහු ද වාඩි විය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ "තිහක් හිමිය" යැයි පැවසූහ.
හසන් ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදි, අහ්මද් හා දාරමී යන ඉමාම්වරු විසින් වාර්තා කර ඇත.