عربي - Arabic English Qafár af - Afar Afrikaans - Afrikanns Akan Shqip - Albanian አማርኛ - Amharic Հայերեն - Armenian অসমীয়া - Assamese Azərbaycanca - Azerbaijani Bamanankan - Bambara Bassa Bemba বাংলা - Bengali Bosanski - Bosnian Български - Bulgarian မြန်မာဘာသာ - Burmese Bisaya - Cebuano Cham Нохчий - Chechen chiCheŵa - Chewa 中文 - Chinese Адыгэбзэ - Circassian Hrvatski - Croatian Česky - Czech Dagbani Dansk - Danish فارسی دری - Dari Dendi ދިވެހި ބަސް - Dhivehi Nederlands - Dutch إستوني - Estonian Suomi - Finnish Français - French Fulfulde - Fula ქართული - Georgian Deutsch - German Ελληνικά - Greek ગુજરાતી - Gujrati Kreyòl ayisyen - Haitian Creole Hausa हिन्दी - Hindi Magyar - Hungarian Igbo Indonesia - Indonesian Italiano - Italian 日本語 - Japanese Jóola - Jola ಕನ್ನಡ - Kannada Қазақша - Kazakh ភាសាខ្មែរ - Khmer Kikuyu Ikinyarwanda - Kinyarwanda Ikirundi - Kirundi 한국어 - Korean كوردی سۆرانی - kurdish كوردي kurmancî - Kurmanji Kyrgyz ລາວ - Lao latviešu - Latvian Lingala lietuvių - Lithuanian Luganda Македонски - Macedonian Maguindanaon Malagasy - Malagasy Bahasa Melayu - Malay മലയാളം - Malayalam Mandinka मराठी - Marathi Mõõré - Moore नेपाली - Nepali أنكو - NKo Norwegian ଓଡ଼ିଆ - Odia oromoo - Oromo پښتو - Pashto فارسی - Persian Polski - Polish Portuguese ਪੰਜਾਬੀ - Punjabi Română - Romanian Русский - Russian Српски - Serbian Shona සිංහල - Sinhala Slovenščina - Slovenian Soomaaliga - Somali Soninke Sesotho - Sotho Español - Spanish Kiswahili - Swahili Svenska - Swedish Tagalog Тоҷикӣ - Tajik தமிழ் - Tamil తెలుగు - Telugu ไทย - Thai ትግረኛ - Tigrinya Türkçe - Turkish Ukrainian اردو - Urdu ئۇيغۇرچە - Uyghur Ўзбек - Uzbek Việt Nam - Vietnamese Wolof Yao Yorùbá - Yoruba Zarma زولو - Zulu
838 හදීස්
නබි හදීස් විශ්වකෝෂය
ප්රවර්ග
හදීසයේ තරාතිරම
වාර්තා වූ ග්රන්ථය
වාර්තාකරු
සියලු වාර්තාකරුවන් පෙන්වන්න (26)
බහුදේවවාදීහු අපට මෙසේ පවසා සිටියහ: "සැබැවින්ම මම ඔබේ සගයාව දකින්නේ, ඔහු මළපහ කිරීම ගැන පවා ඔබලාට උගන්වන අයකු ලෙස ය." එවිට ඔහු: "එසේය, සැබැවින්ම අප අතරින් කිසිවෙකු හෝ තම දකුණතින් පිරිසිදු කිරීම හෝ කිබ්ලාවට මුහුණ ලෑම එතුමාණෝ වැළැක්වූහ. එමෙන්ම ගොම හා අස්ථි කොටස්වලින් පිරිසිදු කිරීම ද වැළැක්වූහ. එමෙන්ම එතුමාණෝ මෙසේ පවසා සිටියහ: 'ඔබ අතරින් කිසිවෙකු හෝ ගල්කැට තුනකට වඩා අඩුවෙන් පිරිසිදු නොකළ යුතුයි.'
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් රාත්රියේ අවදි වූ විට තම මුඛය මිස්වාක් දැහැටියෙන් හොඳින් මැද පිරිසිදු කර ගනියි.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"උඩු රැවුල කපා දමන්න. යටි රැවුල වැවෙන්නට ඉඩ හරින්න."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“මම අම්ර් බින් අබිල් හසන් තුමා ව මුණ ගැසුණෙමි. එතුමා අබ්දුල්ලාහ් බින් සෙයිද් තුමාණන්ගෙන් අල්ලාහ්ගේ දූතයාණන් වුළු ධෝවනය කළ අයුරු පිළිබඳ ව විමසූවේය. පසු ව කුඩා ජල බඳුනක් ගෙන්වා ගෙන අල්ලාහ්ගේ දූතයාණන් වුළු ධෝවනය කළ අයුරින් ඔවුනට ඔහු වුළු ධෝවනය කර පෙන්වීය. ඔහු කුඩා බඳුන ඇල කර තම දෝතට ජලය වක්කර තම දෙඅත් තුන්වරක් සෝදා ගත්තේය. පසු ව කුඩා බඳුන තුළට දෙ අත් දමා දෝතින් තුන්වරක් ජලය ගෙන කට කලත්වා සෝදා පසුව නාසයට ජලය යාමට සලස්වා පිරිසිදු කර ගත්තේය. පසු ව තම දෑත එම කුඩා බඳුනට දමා තම මුහුණ ද තුන්වරක් සෝදා ගත්තේය. පසු ව තම දෑත එම කුඩා බඳුනට දමා දෙඅත් වැළමිට දක්වා දෙවරක් සෝදා ගත්තේය. පසු ව තම දෑත එම කුඩා බඳුනට දමා එයින් තම හිස පිරිමැද්දේය. එක් වරක් දෑත් ඉදිරියෙන් ආරම්භ කර පසුපසට ගෙන ගියේය. පසු ව දෙපා වළලු කර දක්වා සෝදා ගත්තේය.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“යම් අවශ්යතාවක් සඳහා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මා එව්වේය. එවිට මා ජුනුබ් තත්ත්වයට පත්ව සිටියෙමි. නමුත් මට ජලය ලැබුණේ නැත. පසුව මම සතුන් පෙරළෙන්නාක් මෙන් පිරිසිදු දූවිලි පසෙහි පෙරළුණෙමි. පසුව මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පැමිණ එතුමාට ඒ ගැන සඳහන් කළෙමි. එවිට එතුමා ‘ඔබේ අත් දෙකින් මෙසේ සිදු කිරීම ඔබට ප්රමාණවත් වන්නේය’ යැයි පවසා පසුව තමන්ගේ අත් දෙක පොළව මත එක් වරක් ගසා, පසුව වම් අතින් දකුණත ද එතුමාගේ අත් දෙකෙහි මතු පිට ද එතුමාගේ මුහුණ ද පිරිමැද්දාහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“සැබැවින්ම මම ඔසප් තත්ත්වයට පත් වී, පිරිසිදු තත්ත්වය නොලබමි. එබැවින්ම මම සලාතය අතහරින්නද? යැයි විමසුවාය. එතුමා: ‘නැත, සැබැවින්ම එය අසහනයකි. නමුත් ඔබ ඔසප් තත්ත්වයට පත්වන දින ගණනය කර, සලාතය අතහරින්න. පසුව ස්නානය කොට සලාතය ඉටු කරන්න.” යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“මම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් සමග සිටියෙමි. පිරිසකගේ කසල ගොඩක් වෙත ගිය එතුමාණෝ සිටගෙනම මූත්රා කළහ. මම දුරස්වන්නට බැලුවෙමි. එවිට එතුමා තමන් වෙත ළං වන මෙන් පවසා සිටියහ. පසුව මම එතුමාණන්ගේ විළුඹු දෙක අසළ සිට ගන්නා තරමටම සමීප වූයෙමි. පසුව එතුමාණෝ වූළු ධෝවනය කර, (එහි දී) එතුමාණන්ගේ පා ආවරණ දෙක මත එතුමාණෝ (ජලයෙන්) පිරිමැද්දාහ.“
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“කවර මුස්ලිම්වරයකු හෝ වේවා ඔහු වුළූ ධෝවනය කර, එම වුළූ ධෝවනය විධිමත්ව ඉටු කර, පසුව නැගිට තම හදවත හා තම මුහුණ රකආත් දෙකක් ඉටු කිරීම සඳහා යොමු කරවා, ඒ දෙක ඉටු කරන්නේ ද ඔහුට ස්වර්ගය අනිවාර්යය වනු මිස වෙනත් කිසිවක් නැත.” එවිට මම “මෙය කෙතරම් අගනේ ද!” යැයි පැවසුවෙමි. එවිට මා අසළ සිටි කෙනෙකු මෙසේ පැවසීය. “මීට පෙර තිබූ දෑ වඩාත් අගනේය” පසුව මම හැරී බැලුවෙමි. එවිට උමර් තුමා: “සැබැවින්ම මම ඔබව දුටුවෙමි. ඔබ සමීපයට අවෙහිය.” යැයි පැවසීය. ඔහු “නුඹලා අතරින් කිසිවකු හෝ වුළූ ධෝවනය කොට එම වුළූ ධෝවනය සම්පූර්ණ කොට පසුව: “අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු” (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බවත් මුහම්මද් තුමාණන් ඔහුගේ ගැත්තා හා දූතයා බවත් මම සාක්ෂි දරමි.) යැයි පවසා සිටින්නේ ද ඔහු වෙනුවෙන් ස්වර්ගයේ දොරටු අටම විවෘත කරනු ලැබේ. ඔහු කැමති එකකින් එහි පිවිසෙනු ඇත.” යැයි පැවසුවේය.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.