عربي - Arabic English Qafár af - Afar Afrikaans - Afrikanns Akan Shqip - Albanian አማርኛ - Amharic Հայերեն - Armenian অসমীয়া - Assamese Azərbaycanca - Azerbaijani Bamanankan - Bambara Bassa Bemba বাংলা - Bengali Bosanski - Bosnian Български - Bulgarian မြန်မာဘာသာ - Burmese Bisaya - Cebuano Cham Нохчий - Chechen chiCheŵa - Chewa 中文 - Chinese Адыгэбзэ - Circassian Hrvatski - Croatian Česky - Czech Dagbani Dansk - Danish فارسی دری - Dari Dendi ދިވެހި ބަސް - Dhivehi Nederlands - Dutch إستوني - Estonian Suomi - Finnish Français - French Fulfulde - Fula ქართული - Georgian Deutsch - German Ελληνικά - Greek ગુજરાતી - Gujrati Kreyòl ayisyen - Haitian Creole Hausa हिन्दी - Hindi Magyar - Hungarian Igbo Indonesia - Indonesian Italiano - Italian 日本語 - Japanese Jóola - Jola ಕನ್ನಡ - Kannada Қазақша - Kazakh ភាសាខ្មែរ - Khmer Kikuyu Ikinyarwanda - Kinyarwanda Ikirundi - Kirundi 한국어 - Korean كوردی سۆرانی - kurdish كوردي kurmancî - Kurmanji Kyrgyz ລາວ - Lao latviešu - Latvian Lingala lietuvių - Lithuanian Luganda Македонски - Macedonian Maguindanaon Malagasy - Malagasy Bahasa Melayu - Malay മലയാളം - Malayalam Mandinka मराठी - Marathi Mõõré - Moore नेपाली - Nepali أنكو - NKo Norwegian ଓଡ଼ିଆ - Odia oromoo - Oromo پښتو - Pashto فارسی - Persian Polski - Polish Portuguese ਪੰਜਾਬੀ - Punjabi Română - Romanian Русский - Russian Српски - Serbian Shona සිංහල - Sinhala Slovenščina - Slovenian Soomaaliga - Somali Soninke Sesotho - Sotho Español - Spanish Kiswahili - Swahili Svenska - Swedish Tagalog Тоҷикӣ - Tajik தமிழ் - Tamil తెలుగు - Telugu ไทย - Thai ትግረኛ - Tigrinya Türkçe - Turkish Ukrainian اردو - Urdu ئۇيغۇرچە - Uyghur Ўзбек - Uzbek Việt Nam - Vietnamese Wolof Yao Yorùbá - Yoruba Zarma زولو - Zulu
838 හදීස්
නබි හදීස් විශ්වකෝෂය
ප්රවර්ග
හදීසයේ තරාතිරම
වාර්තා වූ ග්රන්ථය
වාර්තාකරු
සියලු වාර්තාකරුවන් පෙන්වන්න (26)
මුස්ලිම් -හෝ මුඃමින්- ගැත්තා වුළූ ධෝවනය කරන විට, ඔහුගේ මුහුණ සෝදා හැරියේ නම් ඔහු තම ඇස් දෙකින් දුටු සෑම වරදක්ම එම ජලය සමග -හෝ ජලයේ අවසන් බිංදුව සමග- ඔහුගේ මුහුණින් පහව යනු ඇත. එසේම ඔහුගේ දෑත් සෝදා හැරියේ නම් ඔහුගේ අතින් කළ සෑම වරදක්ම එම ජලය සමග - හෝ ජලයේ අවසන් බිංදුව සමග- ඔහුගේ අත් දෙකින් පහව යනු ඇත. එසේම ඔහුගේ පාද සෝදා හැරියේ නම් ඔහුගේ පාද ගමන් කර, කළ සෑම වරදක්ම එම ජලය සමග - හෝ ජලයේ අවසන් බිංදුව සමග- ඔහුගේ පාද දෙකින් පහව යනු ඇත. අවසානයේ සියලු පාපයන්ගෙන් පිරිසිදු වූ අයකු සේ බැහැර වනු ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
සැබැවින්ම අබ්දුර් රහ්මාන් ඉබ්නු අව්ෆ් තුමා යටතේ සිටි, උම්මු හබීබා බින්ත් ජහ්ෂ් තුමිය අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත රුධිර වහනය වීම පිළිබඳ පැමිණිළි කළාය. පසුව එතුමාණෝ ඇයට: “ඔබේ ඔසප් වාරය ඔබව තිබෙන තාක් කල් (සලාත් හා උපවාසයේ නිරත වීමෙන්) ඔබ වැළකී සිටිනු. පසුව ස්නානය කරනු.” යැයි පැවසූහ. පසුව ඇය සෑම සලාතයක දීම සෝද ගන්නට පුරුදු වී සිටියාය.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ‘සාඃ’ එකක (මුද්දු හතරක) සිට ‘මුද්දු’ පහක් දක්වා ස්නානය කරන අයකු ලෙසත් එක් ‘මුද්දු’ ප්රමාණයකින් වුළු ධෝවනය කරන අයකු ලෙසත් සිටියහ.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග ගමනක නිරතව සිටියෙමි. එවිට එතුමාගේ හමින් සාදන ලද පාවහන් දෙක ගලවන්නට බැස්සෙමි. එවිට එතුමාණෝ: "ඒ දෙක අතහරින්න. සැබැවින්ම මම ඒ දෙක පිරිසිදු තත්ත්වයේ පැළඳ ඇත්තෙමි" යැයි පවසා පසුව එතුමා ඒ දෙක මත පිරිමැද්දාහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් තම නිවසට පිවිසුනු විට හෙතෙම කවර කරුණකින් ආරම්භ කළේ ද? යැයි මම ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගෙන් විමසුවෙමි. එවිට ඇය: "දත් මැදීමෙනි" යැයි පැවසුවා ය.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“කවරෙකු වුළූ ධෝවනය, විධිමත්ව ඉටු කරන්නේ ද ඔහුගේ ශරීරයෙන් මෙන්ම ඔහුගේ නියපොතු යටින් පවා ඔහුගේ පාපකම් ඉවත් ව යයි.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ දූත නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත (ජනාබත්) ස්නානය සඳහා මම ජලය ගෙනැවිත් එතුමාව වස්ත්රයකින් ආවරණය කළෙමි. එතුමාණෝ තම අත් දෙකට ජලය වක්කර ගෙන ඒ දෙක සෝදා ගත්හ. පසුව එතුමාණන් තම දකුණතින් තම වම් අතට ජලය වක්කර පසුව තම ලිගේන්ද්රිය සෝදා ගත්හ. පසුව තම අත පොළවෙ අතුල්ලා එය පිරිමැද එය සෝදා හැරයහ. පසුව කට කළත්වා පිරිසිදු කොට නාසයට ජලය යවා පිරිසිදු කොට තම මුහුණ හා තම අත් දෙක ද සෝදා ගත්හ. පසුව තම හිස මතට ජලය වක්කර තම ශරීරය පුරා ගලා යාමට සැලැස්වූහ. පසුව එතුමාණන්ගේ පාද දෙක සේදූහ. අනතුරුව මම ඇඳුමක් එතුමාණන්ට දුන්නෙමි. නමුත් එතුමාණන් එය ගත්තේ නැත. එතුමාණෝ තම අතින්ම ජලය පිස දැමූහ."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"සැබැවින්ම මිනිසෙකු (වුළූ) ධෝවනය කළේය. නමුත් ඔහුගේ පාදයේ නියපොත්තක තරම් ඉඩක් අත් හැරී තිබිණ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එය දුටුහ. එවිට එතුමා “ඔබ නැවත හැරීගොස් ඔබේ වුළූ ධෝවනය අලංකාරව සිදු කරනු.” යැයි පැවසූහ. එසේ ඔහු නැවත සිදු කොට පසුව සලාතය ඉටු කළේය.”
එය අනු සාධක හරහා පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.