Skip to content

“අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ කාලයේ ආහාර සාඃ එකක් හෝ අක්ත් හෙවත් කැටි කිරි හා රට ඉඳිවලින් පිසූ ආහාර වර්ගයෙන් සාඃ එකක් හෝ බාර්ලි සාඃ එකක් හෝ රට ඉඳි සාඃ එකක් හෝ මිදි සාඃ එකක් හෝ ලොකු පොඩි, නිදහස් හා වහලුන් සියලු සෑම දෙනා වෙනුවෙන්ම අපි සකාතුල් ෆිත්ර් නිකුත් කරන්නන් ලෙස සිටියෙමු

අබූ සඊද් අල් හුඃද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

“අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ කාලයේ ආහාර සාඃ එකක් හෝ අක්ත් හෙවත් කැටි කිරි හා රට ඉඳිවලින් පිසූ ආහාර වර්ගයෙන් සාඃ එකක් හෝ බාර්ලි සාඃ එකක් හෝ රට ඉඳි සාඃ එකක් හෝ මිදි සාඃ එකක් හෝ ලොකු පොඩි, නිදහස් හා වහලුන් සියලු සෑම දෙනා වෙනුවෙන්ම අපි සකාතුල් ෆිත්ර් නිකුත් කරන්නන් ලෙස සිටියෙමු. මුආවියා ඉබ්නු අබී සුෆ්යාන් (රළියල්ලාහු අන්හු) තුමා හජ් ඉටු කරන්නෙකු හෝ උම්රා ඉටු කරන්නෙකු ලෙස අප වෙත පැමිණෙන තෙක් අපි එයින් බැහැර නොවූයෙමු. එවිට හෙතෙම මින්බර් වේදිකාවේ සිට ජනයා ඇමතුවේය. ඔහු ජනයාට ඇමතූ කරුණු අතර මෙසේ පවසා සිටියේය: ශාම් දේශීය ධාන්ය වර්ග මුද්දු දෙකක් රට ඉඳි සාඃ දෙකකට සමාන වන්නේය. එවිට ජනයා ද එය පිළිපදින්නට ගත්තෝය. අබූ සඊද් තුමා මෙසේ පවසයි: මා ජීවත්ව සිටින තාක්කල් එවක මා නිකුත් කරමින් සිටියාක් මෙන්ම දිගටම මම නිකුත් කරමින් සිටිමි.

كُنَّا نُخْرِجُ إِذْ كَانَ فِينَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ زَكَاةَ الْفِطْرِ، عَنْ كُلِّ صَغِيرٍ وَكَبِيرٍ، حُرٍّ أَوْ مَمْلُوكٍ، صَاعًا مِنْ طَعَامٍ، أَوْ صَاعًا مِنْ أَقِطٍ، أَوْ صَاعًا مِنْ شَعِيرٍ، أَوْ صَاعًا مِنْ تَمْرٍ، أَوْ صَاعًا مِنْ زَبِيبٍ، فَلَمْ نَزَلْ نُخْرِجُهُ حَتَّى قَدِمَ عَلَيْنَا مُعَاوِيَةُ بْنُ أَبِي سُفْيَانَ رضي الله عنه حَاجًّا، أَوْ مُعْتَمِرًا فَكَلَّمَ النَّاسَ عَلَى الْمِنْبَرِ، فَكَانَ فِيمَا كَلَّمَ بِهِ النَّاسَ أَنْ قَالَ: إِنِّي أَرَى أَنَّ مُدَّيْنِ مِنْ سَمْرَاءِ الشَّامِ، تَعْدِلُ صَاعًا مِنْ تَمْرٍ، فَأَخَذَ النَّاسُ بِذَلِكَ، قَالَ أَبُو سَعِيدٍ: فَأَمَّا أَنَا فَلَا أَزَالُ أُخْرِجُهُ كَمَا كُنْتُ أُخْرِجُهُ، أَبَدًا مَا عِشْتُ.

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

මුස්ලිම්වරු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ කාලයේ මෙන්ම එතුමාණන්ගෙන් පසු කුලෆාඋර් රාෂිදීන් හෙවත් ප්‍රධාන පාලකයන් සිව් දෙනාගේ කාලයේ ද ලොකු පොඩි සෑම කෙනෙකු වෙනුවෙන්ම ආහාර සාඃ එකක ප්‍රමාණයක් සකාතුල් ෆිත්ර් නිකුත් කරමින් සිටියහ. ඔවුන්ගේ ආහාර වූයේ බාර්ලි, වියලි මිදි මෙන්ම කැටි කිරි හා රට ඉඳි වලින් පිසූ අක්ත් හෙවත් ආහාර වර්ගය. සාඃ එකක ප්‍රමාණය මුද්දු හතරකි. මුද්දු යනු සාමාන්‍ය මිනිසෙකුගේ දෝත පිරෙන ප්‍රමාණයකි. කලීෆා වරයකු ලෙස මදීනාවට මුආ‌වියා (රළියල්ලාහු අන්හු) තුමා පැමිණි කල්හි, සිරියාවේ තිරුගු අධිකව පැවතුනි. එතුමා දේශනයක් කරමින් මෙසේ පැවසූහ: ශාම් දේශීය ධාන්‍ය වර්ග මුද්දු දෙකක්, රට ඉඳි සාඃ දෙකකට සමාන වන බව මම සිතමි. එවිට ජනයා ද එය පිළිපදින්නට ගත්තෝය. අබූ සඊද් අල්-කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා පවසා සිටියේ: මා ජීවත්ව සිටින තාක්කල් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ කාලයේ මා නිකුත් කරමින් සිටියාක් මෙන්ම දිගටම මම නිකුත් කරමින් සිටිමි.

හදීසයෙන් උගත හැකි පාඩම්

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ කාලයේ සදකතුල් ෆිත්රා ලබා දුන් ප්‍රමාණය පැහැදිලි කිරීම. එය වර්ගය හා වටිනාකම වෙනස් වුව ද එහි ප්‍රමාණය ආහාර වර්ගයෙන් සාඃ එකකි.

මිනිසාගේ සෑම ආහාරයක්ම සකාතුල් ෆිත්රා සඳහා වලංගු වන්නේය. විශේෂයෙන් මෙම ආහාර වර්ග හතර පමණක් මෙහි සඳහන් කරනු ලැබ ඇත්තේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ යුගයේ (එම සමාජයේ) ආහාර වශයෙන් ඒවා පැවතුණු බැවිනි.

සකාතුල් ෆිත්රා සඳහා ආහාර වර්ග හැර මුදල් හා කාසි නිකුත් කිරීම වලංගු වන්නේ නැත.

නවවි තුමා මුස්ලිම් ග්‍රන්ථයට විග්‍රය සැපයීමේ දී මෙසේ පැවසූහ. "සහාබාවරුන් අතර මතභේද ඇති වුයේ නම් ඔවුන් ඇතැමුන්ගේ ප්‍රකාශ අනෙක් අයගේ ප්‍රකාශවලට වඩා උසස් යැයි නොපවසමු. අපි වෙනත් සාධක දෙස යොමු වී බැලිය යුතුය. හදීසයේ මතුපිට අදහස සහ එහි ගම්‍ය වී ඇති සැසඳුම අපට දැකිය හැක්කේ තිරිඟු සාඃ එකක් යන රීතිය අනෙකුත් ඒවා මෙන්ම එකිනෙකට එකඟ වන අයුරිනි. එබැවින් එය අනුමත කළ යුතුය."

ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: අබූ සඊද් තුමා වාර්තා කළ හදීසයේ දැක ගත හැකි කරුණක් වනුයේ සුන්නාව දැඩි සේ පිළිපැදීම හා එය රැකීමය. එමෙන්ම මූල සාධක තිබිය දී ඉජ්තිහාද් වෙත යොමු වීමෙන් ඉවත් වීමය. මුආවියා තුමාගේ ක්‍රියාව හා ඔහුට මිනිසුන් අනුගත වීම ඉජ්තිහාද් කිරීමේ අවසරය පෙන්වා දෙන අතර එය ප්‍රශංසනීය කටයුත්තකි. නමුත් මූල සාධක තිබිය දී ඒ සමග එසේ ප්‍රකාශ කිරීම දූෂිත කාර්යයක් වන්නේය.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (2/ 131) (1508).

සහීහ් මුස්ලිම් (2/ 678) (985).

තවත් බලන්න (6)

تيسير العلام.

لعبد الله البسام (ص309).

تنبيه الأفهام شرح عمدة الإحكام.

لابن عثيمين (3/ 409).

الإلمام بشرح عمدة الأحكام.

لإسماعيل الأنصاري (1/ 251).