ඔබ ඔබට හැකි ක්‍රියාවන් පිළිපදින්න. ඔබ බලාපොරොත්තු සුන් කර ගන්නා තෙක් අල්ලාහ් බලාපොරොත්තු සුන් කර ගන්නේ නැත
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ බිරියක් වූ මුඃමින්වරුන්ගේ මාතාව වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී:
අල්ලාහ්ගේ දූතයාණන් ඇය සමග සිටිය දී එතැනින් හව්ලා බින්ත් තුවෙයිත් ඉබ්නු හබීබ් ඉබ්නු අසද් ඉබ්නු අබ්දිල් උස්සා තුමිය ගමන් ගත්තාය. එවිට මම: 'මේ තුවෙයිත්ගේ දියණිය හව්ලා. රාත්‍රියේ ඇය නින්දට නොයන බව ඔවුන් පවසති.' යැයි පැවසුවෙමි. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පැවසූහ: "රාත්‍රියේ ඇය නින්දට නොයන්නේ ද! ඔබ ඔබට හැකි ක්‍රියාවන් පිළිපදින්න. ඔබ බලාපොරොත්තු සුන් කර ගන්නා තෙක් අල්ලාහ් බලාපොරොත්තු සුන් කර ගන්නේ නැත."
أَنَّ الْحَوْلَاءَ بِنْتَ تُوَيْتِ بْنِ حَبِيبِ بْنِ أَسَدِ بْنِ عَبْدِ الْعُزَّى مَرَّتْ بِهَا وَعِنْدَهَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فَقُلْتُ: هَذِهِ الْحَوْلَاءُ بِنْتُ تُوَيْتٍ، وَزَعَمُوا أَنَّهَا لَا تَنَامُ اللَّيْلَ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «لَا تَنَامُ اللَّيْلَ! خُذُوا مِنَ الْعَمَلِ مَا تُطِيقُونَ، فَوَاللهِ لَا يَسْأَمُ اللهُ حَتَّى تَسْأَمُوا».
දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන්ගේ මාතාවක් වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය අසළ හව්ලා බින්ත් තුවෙයිත් (රළියල්ලාහු අන්හා) තුමිය සිටියා ය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රවේශ වූවාත් සමගම ඇය පිටත්ව ගියා ය. එවිට ආඉෂා තුමිය එතුමාණන්ට මෙසේ පැවසුවාය: "මේ කාන්තාව රාත්‍රියේ නින්දට නොයයි. ඇය එය සලාතයෙන් ජීවමාන කරයි." එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ ඇය තමා කෙරෙහි ඇති දැඩි බව හෙළා දකිමින් මෙසේ පැවසූූහ. "රාත්‍රියේ ඇය නින්දට නොයන්නේ ද! ඔබ ඔබට හැකි පමණින් දැහැමි ක්‍රියාවන්හි නිරතවන්න. එහි අඛණ්ඩව සිටින්න. අල්ලාහ් ඔහුට අවනත වන ඔහුගේ දැහැමි ගැත්තන් හට ඔවුන්ගේ අවනතභාවය, ඔවුන්ගේ යහපත්කම හා ඔවුන්ගේ දැහැමි ක්‍රියාවන් සඳහා කුසල් මෙන්ම ප්‍රතිඵල පිරිනැමීමෙහි ඔවුන් නිරායාසයට පත්ව ක්‍රියාවන් අත්හැර දමන තෙක් අල්ලාහ් නිරායාසයට පත් වන්නේ නැත."
"ශරීරයට දරාගත නොහැකි ප්‍රමාණයට වඩා අධිකව නැමදුම්වල නිරත වීම කම්මැලිකමට සහ උදාසීනත්වයට හේතු වන අතර ආත්මය එය අතහැර දමයි."
"නැමදුම් ඉටු කිරීමේදී මධ්‍යස්ථභාවය සහ සමබරතාවය රැක ගැනීම එහි අඛණ්ඩතාවයට සහ ස්ථාවරභාවයට ඇරයුම් කරන්නකි."
"අඛණ්ඩව සිදු කරන සුළු ක්‍රියාව, කඩ කඩා සිදු කරන අධික ක්‍රියාවට වඩා උතුම්ය."
නවවි තුමා මෙසේ පවසයි: "සුළුවෙන් වුව ද අල්ලාහ්ව මෙනෙහි කිරීම, අවධානයෙන් පසුවීම, අවංකභාවය සහ අල්ලාහ් වෙත යොමු වීම තුළින් නැමදුම දිගටම කරගෙන යාම දුෂ්කර දේ මෙන් නොව, අඛණ්ඩව සිදු කරන කුඩා දෑ, වරින් වර සිදු කරන විශාල දෑ බොහෝ ගුණයකින් ඉක්මවා යනු ඇත.
සහීහුුල් බුහාරි (1/ 17) (43).
සහීහ් මුස්ලිම් (1/ 542) (785).
තවත් බලන්න (6)
فتح الباري شرح صحيح البخاري.
لابن رجب (1/ 164).
معجم اللغة العربية المعاصرة.
أحمد مختار(2/ 1020).
شرح رياض الصالحين.
لابن عثيمين (2/ 212).