Skip to content

සැබැවින්ම මා එවනු ලැබුවේ දැහැමි ගුණධර්ම සම්පූර්ණ කරනු පිණිසය

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

"සැබැවින්ම මා එවනු ලැබුවේ දැහැමි ගුණධර්ම සම්පූර්ණ කරනු පිණිසය."

«إِنَّمَا بُعِثْتُ لِأُتَمِّمَ مَكَارِمَ الْأَخْلَاقِ».

මෙය බුහාරි අල්-අදබ් අල්-මුෆ්රද් හි ද, ඉමාම් අහ්මද් සහ ඉමාම් බයිහකී විසින් වාර්තා කර ඇත.
හසන් ගණයට අයත් හදීසයකි.
විවරණය

මහිමයන් සාරධර්ම හා යහපත් ගුණාංග පරිපූර්ණ කිරීම සඳහා සැබැවින්ම සර්වබලධාරී අල්ලාහ් තමන්ව එවා ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. ඒ අනුව එතුමාණන් පෙර සිටි දූතවරුන් අතර තිබූ දෑ පරිපූර්ණ කිරීමක් ලෙසත් අරාබිවරුන්ගේ යහපත් සදාචාරයේ හීන පූරණයක් ලෙසත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව එවනු ලැබ ඇත. ඔවුහු යහපත් දේට ප්‍රිය කළ අතර අයහපත් දෑට වෛර කළෝය. පෞරුෂත්වය ඇති, ත්‍යාගශීලී සහ ධෛර්ය සම්පන්න පුද්ගලයින් වූහ. නමුත් ඔවුන්ගේ සදාචාරයන් තුළ තිබූ පරම්පරාවන් පිළිබඳ තිබූ අහංකාරකම, උඬඟුකම, දිළින්දන් හා වෙනත් අය අවතක්සේරු කිරීම වැනි අඩුපාඩු පූර්ණවත් කරනු පිණිස එතුමාණන්ව එවන ලදී.

හදීසයෙන් උගත හැකි පාඩම්

යහපත් සදාචාර පිළිපදින්නට දිරි ගැන්වීම හා එයට ප්‍රතිවිරුද්ධ දෑ වැළැක්වීම.

ඉස්ලාම් නීති පිළිවෙත තුළ යහපත් සදාචාරයේ වැදගත්කම විස්තර කිරීම. සැබැවින්ම එහි ප්‍රමුඛස්ථානය දෙනු ලබනුයේ යහපත් සදාචාර ගතිපැවතුම් වලටය.

උපකාර කිරීම, ධෛර්යවන්තකම හා එවැනි යහපත් ගුණාංග අඥාන යුගයේ ද ජනයා අතර තිබුණු අතර ඉස්ලාමය පැමිණියේ ඒවා සම්පූර්ණ කිරීම පිණිසය.

මූලාශ්‍ර

මුස්නද් අහ්මද් (14/ 512) (8952).

අල්බයිහකී තුමාගේ අස්සුනන් අල්කුබ්රා (10/ 191) (20819).

තවත් බලන්න (2)

අල්අදබුල් මුෆ්රද් (ص104) (273).

عمدة القاري شرح صحيح البخاري (22/ 118).