Skip to content

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සජදා දෙක අතර: “අල්ලාහුම්ම-ග්ෆිර්ලී වර්හම්නී, වආෆිනී, වහ්දිනී, වර්සුක්නී - යා අල්ලාහ් මට සමාව දෙනු මැනව! මට කරුණා කරනු මැනව! මට සුවය ලබා දෙනු මැනව! මට මග පෙන්වනු මැනව! මට පෝෂණ සම්පත් පිරිනමනු මැනව!-” යනුවෙන් පවසා සිටියහ

ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී:

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සජදා දෙක අතර: “අල්ලාහුම්ම-ග්ෆිර්ලී වර්හම්නී, වආෆිනී, වහ්දිනී, වර්සුක්නී - යා අල්ලාහ් මට සමාව දෙනු මැනව! මට කරුණා කරනු මැනව! මට සුවය ලබා දෙනු මැනව! මට මග පෙන්වනු මැනව! මට පෝෂණ සම්පත් පිරිනමනු මැනව!-” යනුවෙන් පවසා සිටියහ.

كان النبي صلى الله عليه وسلم يقول بين السجدتين: «اللَّهمَّ اغْفِرْ لي، وارْحَمْنِي، وعافِني، واهْدِني، وارزقْنِي».

මෙය අබූ දාවුද්, තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කොට ඇත.
එය අනු සාක්ෂි හරහා හසන් ගණයට අයත් හදීසයකි.
විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සලාතයේ දී මුස්ලිම්වරයකුට, වඩාත් අවශ්‍ය වන මෙම ප්‍රාර්ථනාවන් පහ පවසමින් ප්‍රාර්ථනා කළහ. එහි සමාව ඇයදීම, වැරදි වසන් කිරීම හා ඒවාට සමාව ලැබීම, කරුණාවේ ප්‍රදානය, සැක ආශාවන් හා ලෙඩ රෝගවලින් ආරක්ෂාව, සත්‍යය හා ස්ථාවරභාවයට මඟ පෙන්වන මෙන් අල්ලාහ්ගෙන් අයැදීම, දේව විශ්වාසය, දැනුම හා සත් ක්‍රියා යනාදියෙන් හා අනුමත පිවිතුරු ධනයෙන් පෝෂණය ලැබීම යනාදී මෙලොව හා මතුලොව යහපත දෑ එහි ඇතුළත් වෙයි.

වචනාර්ථ

...:

හදීසයෙන් උගත හැකි පාඩම්

සජදා දෙක අතර පිහිටි ඉඳුමෙහි මෙම ප්‍රාර්ථනාව කීම ආගමානුගත කරන ලදී.

මෙලොව හා මතුලොව යහපත මෙහි ඇතුළත්ව ඇති බැවින් මෙම ප්‍රාර්ථනාවට ඇති මහිමය.

මූලාශ්‍ර

සුනන් අබූ දාවූද් (2/ 138) (850).

සුනන් අත් තිර්මිදි (1/ 317) (284).

සුනන් ඉබ්නු මාජහ් (2/ 64) (898).

මුස්නද් අහ්මද් (5/ 72) (2895).

තවත් බලන්න (6)

مشكاة المصابيح.

للتبريزي (1/ 283).

سبل السلام شرح بلوغ المرام.

لمحمد الصنعاني (1/ 274).

توضيح الأحكام مِن بلوغ المرام.

لعبد الله البسام (2/ 240).