ඔබ ආගන්තුකයෙකු හෝ මඟ තරණය කරන්නෙකු මෙන් ලොවෙහි සිටිනු”
අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. "අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මාගේ උරහිසින් අල්ලාගෙන මෙසේ පැවසූහ:"
"ඔබ ආගන්තුකයෙකු හෝ මඟ තරණය කරන්නෙකු මෙන් ලොවෙහි සිටිනු” යැයි පැවසූහ. ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා මෙසේ පවසා සිටියේය.: “ඔබ සවස් වරුවට පැමිණියේ නම්, උදේ වරුව බලාපොරොත්තු නොවන්න. ඔබ උදේ වරුවට පැමිණියේ නම් සවස් වරුව බලාපොරොත්තු නොවන්න. ඔබේ අසනීපය වෙනුවෙන් ඔබේ සෞඛයය ද ඔබේ මරණය වෙනුවෙන් ඔබේ ජීවිතය ද යොදා ගන්න.
«كُنْ فِي الدُّنْيَا كَأَنَّكَ غَرِيبٌ أَوْ عَابِرُ سَبِيلٍ»، وَكَانَ ابْنُ عُمَرَ، يَقُولُ: إِذَا أَمْسَيْتَ فَلاَ تَنْتَظِرِ الصَّبَاحَ، وَإِذَا أَصْبَحْتَ فَلاَ تَنْتَظِرِ المَسَاءَ، وَخُذْ مِنْ صِحَّتِكَ لِمَرَضِكَ، وَمِنْ حَيَاتِكَ لِمَوْتِكَ.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) "මාගේ උරහිස (එනම් බාහුව හා උරහිස අතර සන්ධි වන ස්ථානය) අල්ලාගෙන මෙසේ මට පැවසූහ." යැයි ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී: "ඔබ මෙලොවෙහි ආගන්තුකයෙකු මෙන් ජීවත් වන්න. ආගන්තුකයා ගමකට පැමිණෙයි. ඔහුට රැකවරණය ලබන්නට වාසස්ථානයක් හෝ සංග්‍රහ කිරීමට නිවැසියෙක් හෝ නැත. මැවුම්කරුගෙන් දුරස්ව කටයුතු කරන්නට හේතු වූ පවුල, දරුවන් සහ සබඳතා වලින් ඔහු නිදහස්ය. ආගන්තුකයකුට වඩා දැඩි අයකු මෙන් වනු. එනම් තම ගමරට බලා මඟ තරණය කරන්නෙකු මෙන් වනු. එසේ පවසනන්නට හේතුව ආගන්තුකයා සත්කාරක ප්‍රදේශයක වාසය කරයි, නවාතැන් ගනියි. නමුත් රටක් බලා මඟ තරණය කරන්නා ඊට වෙනස් ය. ඔහුගේ කාර්යය වනුයේ සහනයක් ලැබීම මිස, එහි නතර වීම නොවේ. ඔහු තම රටට සේන්දුවීමට අපේක්ෂාවෙන් සිටියි. මගියාට තම ගමන නිමා කිරීමට වැඩි යමක් අවශ්‍ය නොවන සේ දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයාට අදාළ ස්ථානයට ළඟාවීමට මෙලොවෙහි වැඩියමක් අවශ්‍ය වන්නේ නැත." ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා මෙම උපදෙස පිළිපැද්දාහ. එසේම හෙතෙම මෙසේ පවසා සිටියේය. "ඔබ උදේ වරුවට ළඟා වූ විට, සවස් වරුව බලාපොරොත්තු නොවන්න. ඔබ සවස් වරුවට ළඟා වූ විට, උදේ වරුව බලාපොරොත්තු නොවන්න. මිනීවලවල්හි වාසය කරන්නන් අතර ඔබවත් සලකන්න. සැබැවින්ම ආයු කාලය යනු එය නීරෝගී හා රෝගී බවින් තොර නොවේ." ඔබේ රෝගී කාලය වෙනුවෙන් ඔබේ නීරෝගී කාලය කල් ඇතිවම අල්ලාහ්ට අවනත වීම සඳහා යොදා ගන්න. ඔබ හා ඔබේ සෞඛ්‍යය අතර රෝගී තත්ත්වය පැමිණෙන්නට පෙර නිරෝගී කාලය තුළ දැහැමි ක්‍රියාවක් සඳහා අවස්ථාව උදා කර ගන්න. මෙලොවෙහි ඔබේ ජීවිතය සඳහා අවස්ථාව උදා කර ගන්න. ඔබේ මරණයෙන් පසු ඔබට සෙත සළසන දෑ එහි එක්රැස් කර ගන්න.
ශිෂ්‍යයා සන්සුන් කරවීම පිණිස හා ඔහුව දිරිමත් කිරීම පිණිස ගුරුවරයා තම අත ශිෂ්‍යාගේ උරහිස මත තැබීම.
උපදෙස අපේක්ෂා නොකරන අයගෙන් මඟ පෙන්වීම ආරම්භ කිරීම.
"ඔබ ආගන්තුකයෙකු හෝ මඟ තරණය කරන්නෙකු මෙන් ලොවෙහි සිටිනු” යැයි පවසා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම ඉගැන්වීම් කටයුතු වලදී ඒත්තු ගන්වන උපමා ගෙන හැර පා එතුමාණන් ක්‍රියා කළ අලංකාර මඟ පෙන්වීම.
මිනිසුන් මතුලොව වෙත ගමන් කරන ආකාරයේ විවිධත්වය. මඟ තරණය කරන්නෙකු වීමේ තපස්වේදී නිලය, ආගන්තුකයාගේ නිලයට වඩා සරල කමේ උච්චතම නිලය වේ.
බලාපොරොත්තු සීමා කර ගැනීම හා මරණයට සූදානම් වීම ගැන පැහැදිලි කිරීම.
ජීවන සම්පත් අත්හැර දමන මෙන් හෝ මෙලොව ආශාවන්ගෙන් වැළකෙන මෙන් හෝ මෙම හදීසය පෙන්වා දෙන්නේ නැත. නමුත් එය පෙන්වා දෙනුයේ එහි නිහතමානීකම හා සරලකම ගැන කැමැත්ත ඇති කිරීම ය.
දැහැමි ක්‍රියාවන් සීමා වී රෝගී බව හෝ මරණය ඒ අතරට පැමිණීමට පෙර දැහැමි ක්‍රියාවන් සඳහා යුහුසුළු වීම.
අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙම උපදෙස තුළින් ආභාසයට ලක්වූ අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමාගේ මහිමය.
දේවත්වය විශ්වාස කරන්නන්ගේ දේශය ස්වර්ගය වේ. එය මෙලොවට වඩා සරලය. ඔහු මතුලොව නිවහන වෙත ගමන් කරන මගියකු පමණි. ඔහුගේ සිත තුළ සත්කාරක දේශයේ කිසිවක් බැඳී නැත. ඒ වෙනුවට ඔහුගේ සිත බැඳී ඇත්තේ ඔහු හැරී යන ඔහුගේ දේශය සමගය. මෙලොවෙහි ඔහු ජීවත් වනුයේ ඔහුගේ අවශ්‍යතා සපුරා ගෙන ඔහුගේ නියමිත දේශය වෙත ගමන් කිරීම සඳහා සූදානම් වීමටය.
සහීහුුල් බුහාරි (8/ 89) (6416).
තවත් බලන්න (6)
التحفة الربانية في شرح الأربعين حديثًا النووية.
لإسماعيل الأنصاري (ص90).
شرح الأربعين النووية.
لابن عثيمين (ص390).
فتح القوي المتين في شرح الأربعين وتتمة الخمسين.
للنووي وابن رجب (ص131).
පොත්වල උපුටා දක්වා ඇත
8 පොත්තවත් බලන්න (8)
- الخطب المنبريةموسوعة الخطب المنبرية (القسم الثالث)«إِذَا أَمْسَيْتَ فَلَا تَنْتَظِرِ الصَّبَاحَ، وَإِذَا أَصْبَحْتَ فَلَا تَنتَظِرِ ٱلْمَسَاءَ، وَخُذْ مِن صِحَّتِكَ لِمَرَضِكَ، وَمِن حَيَاتِكَ لِمَوْتِكَ»
- خطب تعظيم قدر الصلاة" كُنْ فِي الدُّنْيَا كَأَنَّكَ غَرِيبٌ أَوْ عَابِرُ سَبِيلٍ "
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 3«كُنْ في الدُّنْيَا كَأَنَّكَ غَرِيبٌ أَو عَابِرُ سَبِيلٍ».
- شرح الأربعين النووية«كُنْ فِي الدُّنْيَا كَأَنَّك غَرِيبٌ أَوْ عَابِرُ سَبِيلٍ».
- شرح الأربعين النووية«إذَا أَمْسَيْتَ فَلَا تَنْتَظِرْ الصَّبَاحَ، وَإِذَا أَصْبَحْتَ فَلَا تَنْتَظِرْ الْمَسَاءَ، وَخُذْ مِنْ صِحَّتِك لِمَرَضِك، وَمِنْ حَيَاتِك لِمَوْتِك».
- مجموعة زاد الحديث(2)1«كُنْ فِي الدُّنْيَا كَأَنَّكَ غَرِيبٌ أَوْ عَابِرُ سَبِيلٍ»
- مجموعة زاد الحديث(2)1«وَإِذَا أَصْبَحْتَ فَلا تَنْتَظِرِ المَسَاءَ»
- مجموعة زاد الحديث(2)1(كُنْ فِي الدُّنْيَا كَأَنَّكَ غَرِيبٌ...)