Skip to content

“මහා පාපකම් අතරින් මහා පාපකම් මොනවාදැ?යි මා ඔබට දැනුම් දිය යුතු නොවේ ද?”

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ බක්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.

“මහා පාපකම් අතරින් මහා පාපකම් මොනවාදැ?යි මා ඔබට දැනුම් දිය යුතු නොවේ ද?” යැයි තුන්වරක් එතුමාණෝ විමසා සිටියහ. ඔවුහු: ‘අල්ලාහ්ගේ දූතයාණනි, එසේය.’ යැයි පිළිතුරු දුන්හ. එතුමාණෝ “අල්ලාහ්ට ආදේශ තැබීම, දෙමාපියන්ට හිංසා කිරීම" යැයි පවසා සැතපී සිටි එතුමා පසුව වාඩි විය. තවදුරටත් ‘දැනගනු, නොමනා කතා හා බොරු සාක්ෂි ද එසේය යැයි පැවසූහ. එතුමා නිහඬ නොවන්නේදැයි අපි පවසන තරමට එතුමාණෝ එය නැවත නැවතත් ප්‍රකාශ කරමින්ම සිටියහ.

«‌أَلَا ‌أُنَبِّئُكُمْ بِأَكْبَرِ الْكَبَائِرِ؟» ثَلَاثًا، قَالُوا: بَلَى يَا رَسُولَ اللهِ، قَالَ: «الْإِشْرَاكُ بِاللهِ، وَعُقُوقُ الْوَالِدَيْنِ» وَجَلَسَ وَكَانَ مُتَّكِئًا، فَقَالَ: «أَلَا وَقَوْلُ الزُّورِ»، قَالَ: فَمَا زَالَ يُكَرِّرُهَا حَتَّى قُلْنَا: لَيْتَهُ سَكَتَ.

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම අනුගාමිකයින් හට මහා පාපකම් ගැන දන්වමින් මෙම කරුණු තුන මෙනෙහි කළහ. 1. අල්ලාහ්ට ආදේශ තැබීම: කිසියම් හෝ නැමදුම් වර් ගයක් අල්ලාහ් හැර වෙනත් කෙනෙකුට යොමු කිරීම. අල්ලාහ්ගේ දේවත්වය, ඔහුගේ පරිපාලනය, ඔහුගේ නාම හා ගුණාංග යනාදියෙහි අල්ලාහ් නොවන වෙනත් අය අල්ලාහ් සමග සමාන කිරීම. 2. දෙමාපියන්ට හිංසා කිරීම: එනම් වචනයෙන් හෝ ක්‍රියාවෙන් දෙමාපියන්ට කරන සියලුම ආකාරයේ හිංසාවන් හා ඔවුන් දෙපළට ඇප උපස්ථාන කිරීම අත්හැර දැමීම. 3. බොරු සාක්ෂි ද නොමනා කතා අතරිනි: පුද්ගලයකුගේ ධනය පැහැර ගැනීම ඔහුගේ ගෞරවය කෙළසීම හෝ එවැනි යමක් කර ඔහුව පහත් කිරීමේ අපේක්ෂාවෙන් ගොතනු ලබන ව්‍යාජ හා අසත්‍යය සෑම ප්‍රකාශයක්ම ඇතුළත් වේ. මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ අසත්‍ය කථාවට එරෙහිව කිහිප වතාවක්ම අනතුරු අඟවා ඇත. එය එහි ඇති අශීලාචාරකම හා සමාජයට අත්වන නපුරු බලපෑම් පිළිබඳව අනතුරු අඟවන්නක් ලෙසිනි. එය කෙතරම් දුරටද යත් එතුමාණන් කෙරෙහි අනුකම්පා කරමින් සහ එතුමාණන්ට ඇතිවන කරදර පිළිකුල් කරමින් සහාබාවරු එතුමාණන් නිහඬ වන්නේ නම් මැනව යි පවසා සිටින තරමටම විය.

වචනාර්ථ

ألا أنبئكم: أَلا أخبركم.

හදීසයෙන් උගත හැකි පාඩම්

පාපකම් අතරින් බරපතලම පාපය අල්ලාහ්ට ආදේශ තැබීමය. එය මහා පාපයන්ගේ හදවත හා විශාලතම පාපය බවට අල්ලාහ් එය පත් කර ඇති බැවිනි. උත්තරීතර අල්ලාහ්ගේ ප්‍රකාශයක් මෙය තවදුරටත් සහතික කරයි. "සැබැවින්ම තමන්ට ආදේශ කිරීම සම්බන්ධයෙන් අල්ලාහ් සමාව නොදෙන අතර ඒ හැර වෙනත් දෑට ඔහු අභිමත කරන්නන්හට සමාව දෙනු ඇත."

දෙමව්පියන්ට ඉටු කළ යුතු වගකීම්හි වැදගත්කම: ඔවුන් දෙදෙනාට වගකීම් ඉටු කිරීම තමාට ඉටු කරන වගකීම් සමග උත්තරීතර අල්ලාහ්ගේ සම්බන්ධ කර ඇත.

පාපකම් මහා හා කුඩා යනාදි ලෙස බෙදී ඇත. මහා පාපකම් යනු, දණ්ඩ නීතියට හා ශාපයට ලක්වන ආකාරයේ, ලෞකික වශයෙන් දඬුවම් ලැබීමට සුදුසුකම් ලබන හා අපා ගින්නට පිවිසීමේ අනතුරු අඟවා ඇති පරිදි මතුලොව අනතුරු අඟවා ඇති මතුලොව දඬුවම් ලැබීමට සුදුසුකම් ලබන සෑම පාපයක්ම වේ. මහා පාපයන් බරපතලය. තහනම් කිරීමේ දී ඇතැම් පාපකම් ඇතැම් දෑට වඩා දරුණුය. මේ මහා පාපකම් හැර සෙසු දෑ සුළු පාපයන් ලෙස සැළකේ.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (3/ 172) (2654).

(8/ 4) (5976).

(8/ 62) (6273-6274).

සහීහ් මුස්ලිම් (1/ 91) (87).

තවත් බලන්න (6)

عمدة الأحكام من كلام خير الأنام صلى الله عليه وسلم (ص257) (380).

شرح النووي على مسلم (2/ 81).

الإلمام بشرح عمدة الأحكام لإسماعيل الأنصاري (2/ 149).

تيسير العلام شرح عمدة الأحكام للبسام (ص703).

أعلام السنة المنشورة لاعتقاد الطائفة الناجية المنصورة.

لحافظ بن أحمد الحكمي (ص111).