සලාතය සඳහා 'ඉකාමත්' පවසනු ලැබූ විට අනිවාර් ය සලාතය හැර වෙනත් සලාතයක් නැත
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර් තා කරන ලදී.
"සලාතය සඳහා 'ඉකාමත්' පවසනු ලැබූ විට අනිවාර් ය සලාතය හැර වෙනත් සලාතයක් නැත."
«إِذَا أُقِيمَتِ الصَّلَاةُ فَلَا صَلَاةَ إلَّا المَكْتُوبَةُ».
යමෙකු මස්ජිදය තුළ සිටිය දී අනිවාර් ය සලාතය සඳහා ඉකාමත් පැවසූ පසු සුන්නත් සලාතයක් ආරම්භ කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වැළැක්වූහ.
මස්ජිදය තුළ සිටිය දී අනිවාර් ය සලාතය සඳහා ඉකාමත් පවසනු ලැබූ විට අතිරේක සලාත් ඉටු කිරීමෙන් වැළකී සිටීම.
සලාතය සඳහා ඉකාමත් පැවසූ පසු අතිරේක සලාතයක් ආරම්භ කිරීමෙන් වැළකී සිටිය යුතුය. එය සුබ්හු හා ළුහර් සලාතයට අදාළ අතිරේක සලාතයක් වැනි අතිරේක සලාතයක් වුව ද ඒ හැර වෙනත් සුන්නත් සලාතයක් වුව ද එලෙසමය.
ඔහු අතිරේක සලාතයේ නිරතව සිටිය දී ඉකාමත් පවසනු ලැබූ විටෙක, එක් රකආතයකට වඩා අඩු ප්‍රමාණයක් ඉතිරිව තිබේ නම් ඉතිරිය ඉක්මණින් ඉටු කළ යුතු වේ. එසේ නොමැති විටෙක ආරම්භක තක්බීරයේ මහිමය මග නොහැරෙනු වස් එය විසන්ධි කළ ගත යුතුය.
සහීහ් මුස්ලිම් (1/ 493) (710).
තවත් බලන්න (1)
البحر المحيط الثجاج في شرح صحيح الإمام مسلم بن الحجاج (15/ 246).