යමෙක් හිතාමතාම මා ගැන බොරු කියන්නේ නම්, ඔහු නිරයේ අසුන් ගත යුතුය
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
"යමෙක් හිතාමතාම මා ගැන බොරු කියන්නේ නම්, ඔහු නිරයේ අසුන් ගත යුතුය."
«مَنْ كَذَبَ عَلَيَّ مُتَعَمِّدًا فَلْيَتَبَوَّأْ مَقْعَدَهُ مِنَ النَّارِ».
යමෙක් හිතාමතාම තමන් ගැන ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් සම්බන්ධයෙන් බොරුවක් කියන්නේ නම්, සැබැවින්ම මතුලොවෙහි නිරයේ ඔහු අසුනක් හිමි කර ගනු ඇත. එය ඔහුගේ බොරුව සඳහා වන ප්‍රතිවිපාකයයි යනුවෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිළි කළහ.
...:
උවමනාවෙන් හා හිතාමතාම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණට බොරු පැවසීම අපා ගින්නට පිවිසීමට හේතුවක් වන්නේය.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කෙරෙහි බොරු ගොතා පැවසීම සෙසු මිනිසුන් කෙරෙහි බොරු ගොතා පවසන්නාක් මෙන් නොවේ. ඒ හේතුවෙන් දහමෙහි හා මෙලොවෙහි බරපතල දුෂ්ටකම් පෙළ ගැසෙනු ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දක්වා දිව යන නිවැරදි වාර්තා දාමයකින් හදීස් තහවුරු කිරීමෙන් හා සහතික කිරීමෙන් තොරව ඒවා පතුරුවාලීම ගැන ප්‍රවේසම් විය යුතුය.
සහීහුුල් බුහාරි (1/ 33) (110).
සහීහ් මුස්ලිම් (1/ 10) (3).
තවත් බලන්න (5)
إكمال المعلم (1/111).
شرح النووي على مسلم (1/65).
المفهم (1/32).
عمدة القاري شرح صحيح البخاري (2/ 151).
شرح مقدمة سنن ابن ماجه (5/ 8).