Skip to content

“සැබැවින්ම ආදම්ගේ දරුවන්ගේ සියලු හදවත් මහාකරුණිකයාණන්ගේ ඇඟිලිවලින් ඇඟිලි දෙකක් අතර එක් හදවතක් මෙන් පවතී. ඔහු අභිමත කරන පරිදි එය ක්‍රියා කරවයි.”

සැබැවින්ම තමන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට සවන් දුන් බව පවසමින් අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්න් අල් ආස් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී:

“සැබැවින්ම ආදම්ගේ දරුවන්ගේ සියලු හදවත් මහාකරුණිකයාණන්ගේ ඇඟිලිවලින් ඇඟිලි දෙකක් අතර එක් හදවතක් මෙන් පවතී. ඔහු අභිමත කරන පරිදි එය ක්‍රියා කරවයි.” පසුව අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්‍රාර්ථනා කළහ. اللهم مُصَرِّفَ القلوبِ صَرِّفْ قلوبَنا على طاعتك (අහෝ හදවත් ක්‍රියා කරවන්නාණනි! අපගේ හදවත් ඔබට අවනත වන අයුරින් ක්‍රියා කරවනු මැනව!)."

«إِنَّ قُلُوبَ بَنِي آدَمَ كُلَّهَا بَيْنَ إِصْبَعَيْنِ مِنْ أَصَابِعِ الرَّحْمَنِ، كَقَلْبٍ وَاحِدٍ، يُصَرِّفُهُ حَيْثُ يَشَاءُ» ثُمَّ قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «اللهُمَّ مُصَرِّفَ الْقُلُوبِ صَرِّفْ قُلُوبَنَا عَلَى طَاعَتِكَ».

මුස්ලිම් එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

"සැබැවින්ම ආදම්ගේ දරුවන්ගේ සියලු හදවත් මහාකරුණිකයාණන්ගේ ඇඟිලි අතර ඇඟිලි දෙකක් මධ්‍යයේ එක් හදවතක් මෙන් පවතී. ඔහු අභිමත කරන පරිදි එය ක්‍රියා කරවයි". යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. ඔහු අභිමත කළේ නම් එය සත්‍යය මත පිහිටුවාලයි. ඔහු අභිමත කළේ නම් සත්‍යයෙන් ලිස්සා යන්නට ඉඩ හරියි. සියලුම හදවත් ක්‍රියා කරවනුයේ එක් හදවතක් ක්‍රියා කරවන පරිදිය. අල්ලාහ්ගේ එක් කටයුත්තක් තවත් කටයුත්තක කාර්යබහුල නොකරයි. පසුව අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්‍රාර්ථනා කළහ. "අල්ලාහුම්ම මුසර්රිෆුල් කුලූබ්" (අහෝ දෙවිඳුනි, විටෙක අවනතභාවය වෙත හා තවත් විටෙක පිටුපෑම වෙත ද තවත් විටෙක දෙවියන් සිහිපත් කිරීම වෙත හා ඒ ගැන නොසැලකිලිමත් කම වෙතද - හදවත් ක්‍රියාකරවන්නාණනි!) සර්රිෆ් කුලූබනා අලා තාඅතික (අපගේ හදවත් ඔබට අවනත වන අයුරින් ක්‍රියා කරවනු මැනව!)

හදීසයෙන් උගත හැකි පාඩම්

පෙර නියමය සහතික කිරීම. සැබැවින්ම අල්ලාහ් තම ගැත්තන්ගේ හදවත් ඔවුන් වෙනුවෙන් ලියන ලද පෙර නියමය අනුව යොමු කරවයි.

සත්‍යය හා යහමග මත ස්ථාවරව තබන මෙන් මුස්ලිම්වරයා තම පරමාධිපති ගෙන් අඛණ්ඩව ඉල්ලා සිටිය යුතුය.

අල්ලාහ් පිළිබඳ බිය, කිසිදු හවුල් කරුවකු නැති ඒකීය වනුයේ ඔහු බව මතකයේ තබමින් ඔහු සමගම බැඳී සිටීම.

ආජුරිය්යි තුමා මෙසේ පවසයි: "සර්වබලාධාරී අල්ලාහ් තමන් ගැන කවර ගුණගායනාවක් කර ඇත්තේ ද එමෙන්ම ඔහුගේ දූත සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඔහු ගැන කවර ගුණගායනාවක් කර ඇත්තේ ද, තවද එතුමාණන්ගේ අනුගාමිකයින් ඔහු ගැන කවර ගුණගායනාවක් කර ඇත්තේ ද, ඒ අයුරින්ම සත්‍යයේ ජනයා ද ඔහු ගැන ගුණගායනා කරති. අලුත් ආගමික කටයුතු ආරම්භ නොකර, ඉන් වැළකී, නියම ස්වභාවය අනුගමනය කරන විද්වතුන්ගේ ආකල්පය මෙයයි. අහ්ලුස් සුන්නා වල් ජමාආත් නම් පිරිස අල්ලාහ් තමන් ගැන සහතික කළ නාම හා ගුණාංග කිසිදු වෙනස් කිරීමකින් හෝ අඩු වැඩි කිරීමකින් හෝ ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමෙන් හෝ උපමා කිරීමකින් තොරව ඒ අයුරින්ම ඔහුට ස්ථාපිත කරති. අල්ලාහ් තමන් ගැන නොකියූ දැයින් ඔවුහු ඉවත්ව සිටිති. ඔහු ගැන නොකියූ මෙන්ම සහතික නොකළ දෑ ගැන නිහඬව සිටිති. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි. "ඔහු මෙන් කිසිවක් නැත. ඔහු සර්වඥානීය සර්ව නිරීක්ෂකය."

මූලාශ්‍ර

සහීහ් මුස්ලිම් (4/ 2045) (2654).

තවත් බලන්න (4)

المنهاج شرح صحيح مسلم بن الحجاج.

للنووي (16/ 204).

فيض القدير شرح الجامع الصغير.

للمناوي (2/ 379).