සෑම සලාතයකට පසුවම 'අල්ලාහුම්ම අඉන්නී අලා දික්රික, වෂුක්රික, වහුස්නි ඉබාදතික.' (අහෝ අල්ලාහ් මා ඔබව සිහිපත් කිරීමටත් ඔබට කෘතඥ වීමටත් ඔබට දැහැමි අයුරින් නැමදුම් කිරීමටත් ඔබම මට උදව් කරනු මැනව!) යනුවෙන් පැවසීම ඔබ අත් නොහරින්න.” යැයි පැවසූහ
මුආද් ඉබ්නු ජබල් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම අත අල්ලා ගෙන “අහෝ මුආද්! අල්ලාහ් මත දිවුරා පවසමි. සැබැවින්ම මම ඔබට ප්‍රිය කරමි. " යැයි පවසා තවදුරටත් "අහෝ මුආද්! මම ඔබට උපදෙස් දෙමි. සෑම සලාතයකට පසුවම 'අල්ලාහුම්ම අඉන්නී අලා දික්රික, වෂුක්රික, වහුස්නි ඉබාදතික.' (අහෝ අල්ලාහ් මා ඔබව සිහිපත් කිරීමටත් ඔබට කෘතඥ වීමටත් ඔබට දැහැමි අයුරින් නැමදුම් කිරීමටත් ඔබම මට උදව් කරනු මැනව!) යනුවෙන් පැවසීම ඔබ අත් නොහරින්න.” යැයි පැවසූහ.
أَنَّ رَسُولَ صَلَّى عَلَيْهِ وَسَلَّمَ أَخَذَ بِيَدِهِ، وَقَالَ: «يَا مُعَاذُ، وَاللَّهِ إِنِّي لَأُحِبُّكَ»، فَقَالَ: «أُوصِيكَ يَا مُعَاذُ لَا تَدَعَنَّ فِي دُبُرِ كُلِّ صَلَاةٍ تَقُولُ: اللَّهُمَّ أَعِنِّي عَلَى ذِكْرِكَ وَشُكْرِكَ وَحُسْنِ عِبَادَتِكَ».
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මුආද් (රළියල්ලාහු අන්හු) තුමාගේ අත අල්ලාගෙන ඔහුට: “අහෝ මුආද්! අල්ලාහ් මත දිවුරා පවසමි. සැබැවින්ම මම ඔබට ප්‍රිය කරමි. අහෝ මුආද්! මම ඔබට උපදෙස් දෙමි. සෑම සලාතයකට පසුවම ඔබ මෙසේ පැවසීම අත් නොහරින්න:" යැයි පැවසුහ. (අල්ලාහුම්ම අඉන්නී අලා දික්රික) අහෝ දෙවිඳුනි, ඔබට අවනතභාවය පුද කරන සෑම ප්‍රකාශක් සහ සෑම ක්‍රියාවක් තුළින්ම මා ඔබව සිහිපත් කිරීමට ඔබ මට උපකාර කරනු මැනව! (වෂුක්රික) පිරිනමා ඇති ආශිර්වාද වෙනුවෙන් ද, ව්‍යසනයෙන් මා මුදවා ගත් බැවින් ද ඔබට කෘතඥ වීමට ඔබ මට උදව් කරනු මැනව! (වහුස්නු ඉබාදතික්) අල්ලාහ්ට අවංක ලෙසින් ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව අනුගමනය කරමින් ද ඔබට දැහැමි අයුරින් නැමදුම් කිරීමටත් ඔබ මට උදව් කරනු මැනව!
අල්ලාහ් වෙනුවෙන් තමන් තැනැත්තෙකුට ආදරය කරන්නේ නම්, ඒ ගැන ඔහුට දන්වා සිටීම ආගමික කටයුත්තකි.
අනිවාර්යය මෙන්ම අතිරේක සෑම සලාතයකින් පසුව මෙම ප්‍රාර්ථනාව උසුරීම සතුටුදායකය.
ප්‍රාර්ථනාවේ ඇති මෙම කුඩා වචන තෙපලීමෙන් මෙලොව හා මතුලොව අපේක්ෂාවන් ඉෂ්ඨ සිද්ධ වේ.
අල්ලාහ් විෂයයෙහි ආදරය කිරීමේ ප්‍රයෝජන අතරට සත්‍යය පිළිබඳ එකිනෙකාට උපදෙස් දීම, අනුශාසනා කිරීම යහපත හා දෙවියන් පිළිබඳ බිය ඇති කරන කටයුතුවල දී සහය දීම යනාදිය ඇතුළත් වේ.
තීබී තුමා මෙසේ පවසයි: අල්ලාහ් සිහිපත් කිරීම හදවත විවෘත වීමේ පෙර නිමිත්තකි. ඔහුට ස්තුති කිරීම ආශීර්වාද ලබා ගැනීමේ මාධ්‍යයකි. නැමදුම් නිසි අයුරින් ඉටු කිරීම, දෙවියන්ගෙන් වෙනතකට යොමු කරන දැයින් දුරස් කරන්නකි.
සුනන් අබූ දාවූද් (2/ 630) (1522).
සුනන් අන් නසාඊ (3/ 53) (1303).
මුස්නද් අහ්මද් (36/ 429) (22119).
තවත් බලන්න (10)
بهجة الناظرين شرح رياض الصالحين.
لسليم الهلالي (1/ 450).
تطريز رياض الصالحين.
لفيصل آل مبارك (ص259).
شرح رياض الصالحين.
لابن عثيمين (3/ 264).
كنوز رياض الصالحين.
لمجموعة من الباحثين (6/ 284).
نزهة المتقين شرح رياض الصالحين.
لمجموعة من الباحثين (1/ 353).
පොත්වල උපුටා දක්වා ඇත
9 පොත්තවත් බලන්න (9)
- الذكر والدعاء والعلاج بالرقي من الكتاب والسنة"اللهم أعني على ذكرك وشكرك وحسن عبادتك".
- الصلاة التي علمها النبي ﷺ الصحابة رضي الله عنهمالصلاة التي علمها النبي ﷺ الصحابة رضي الله عنهم«يَا مُعَاذُ، وَاللَّهِ إِنِّي لَأُحِبُّكَ، وَاللَّهِ إِنِّي لَأُحِبُّكَ»، فَقَالَ: «أُوصِيكَ يَا مُعَاذُ لَا تَدَعَنَّ فِي دُبُرِ كُلِّ صَلَاةٍ» تَقُولُ: «اللَّهُمَّ أَعِنِّي عَلَى ذِكْرِكَ، وَشُكْرِكَ، وَحُسْنِ عِبَادَتِكَ»[71].
- الصلاة التي علمها النبي ﷺ الصحابة رضي الله عنهم«يَا مُعَاذُ، وَاللَّهِ إِنِّي لَأُحِبُّكَ، وَاللَّهِ إِنِّي لَأُحِبُّكَ»، فَقَالَ: «أُوصِيكَ يَا مُعَاذُ لَا تَدَعَنَّ فِي دُبُرِ كُلِّ صَلَاةٍ» تَقُولُ: «اللَّهُمَّ أَعِنِّي عَلَى ذِكْرِكَ، وَشُكْرِكَ، وَحُسْنِ عِبَادَتِكَ»[71].
- الله -جل جلاله- أنيس المحبين وملاذ القاصدين«اللَّهُمَّ أَعِنِّي عَلَى ذِكْرِكَ وَشُكْرِكَ وَحُسْنِ عِبَادَتِكَ!»
- رسالة في الأذكار1«يَا مُعَاذُ، وَاللهِ إِنِّي لَأُحِبُّكَ، وَاللهِ إِنِّي لَأُحِبُّكَ، أُوصِيكَ يَا مُعَاذُ، لَا تَدَعَنَّ فِي دُبُرِ كُلِّ صَلَاةٍ تَقُولُ: اللَّهُمَّ أَعِنِّي عَلَى ذِكْرِكَ وَشُكْرِكَ وَحُسْنِ عِبَادَتِكَ».
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 2«يَا مُعَاذُ، واللهِ إنِّي لأُحِبُّكَ، ثُمَّ أُوصِيكَ يَا مُعَاذُ: لاَ تَدَعَنَّ في دُبُرِ كُلِّ صَلاةٍ تَقُولُ: اللَّهم أَعِنِّي عَلىٰ ذِكْرِكَ وَشُكْرِكَ، وَحُسْنِ عِبَادَتِكَ».
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 7«يا معاذُ، واللهِ إنِّي لأحبُّكَ» فَقَالَ: «أوصيكَ يا معاذُ؛ لا تَدَعَنَّ في دُبُرِ كلِّ صَلاةٍ تقولُ: اللّهم أعنِّي عَلَىٰ ذكرِكَ وشكرِكَ، وحُسنِ عبادَتِكَ».
- محاضرات تعظيم قدر الصلاةمحاضرات في تعظيم قدر الصلاة"اللهم أعني على ذكرك وشكرك وحسن عبادتك "[135]
- مشروع منهاج زادكزادك 1 طالب«اللَّهُمَّ أَعِنِّي عَلَى ذِكْرِكَ وَشُكْرِكَ وَحُسْنِ عِبَادَتِكَ».