Skip to content

“සැබැවින්ම ජනයා කිසිදු යුක්තියකින් තොරව අල්ලාහ්ගේ සම්පත් අතර ගනුදෙනු කරති. එහෙයින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපා ගින්න ඔවුනට හිමිය.”

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කරමින් සිටි ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා හඃව්ලා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ ප්‍රකාශ කරන ලද්දාය.

“සැබැවින්ම ජනයා කිසිදු යුක්තියකින් තොරව අල්ලාහ්ගේ සම්පත් අතර ගනුදෙනු කරති. එහෙයින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපා ගින්න ඔවුනට හිමිය.”

«إِنَّ رِجَالًا يَتَخَوَّضُونَ فِي مَالِ اللهِ بِغَيْرِ حَقٍّ، فَلَهُمُ النَّارُ يَوْمَ الْقِيَامَةِ».

බුහාරි එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

අයුතු ලෙස මුස්ලිම්වරුන්ගේ සම්පත් අතර ගනුදෙනු කරන ඇතැම් මිනිසුන් පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙහි දන්වා සිටියි. ඔවුහු කිසිදු සාධාරණත්වයකින් තොරව ඒවා ලබා ගනිති. මෙය අදාළ නොවන ස්ථානයකින් ධනය රැස් කිරීම හා ඉපැයීම, සුදුසු නොවන තැන්වලට වියදම් කිරීම සම්බන්ධයෙන් වූ පොදු අර්ථයකි. මෙම අර්ථය තුළට අනාථයින්ගේ වස්තුව ගිල දැමීම, වක්ෆ් හෙවත් පොදු දේපළ ගිල දැමීම, වගකීමෙන් පැවරූ දෑ පැහැර හැරීම, පොදු අරමුදල්වලින් අයුතු ලෙස පරිහරනය කිරීම යනාදිය ද ඇතුළත් වේ. මළවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනයේ සැබැවින්ම ඔවුන්ගේ ප්‍රතිඵලය අපා ගින්න බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ.

වචනාර්ථ

...:

හදීසයෙන් උගත හැකි පාඩම්

ජනයාගේ අත්වල ඇති සම්පත් අල්ලාහ්ගේ සම්පත් වේ. නීත්‍යානුකූල මර්ගවල ඔවුන් ඒවා වියදම් කිරීම පිණිසත්, අයුතු ලෙස ගනුදෙනු කිරීමෙන් වැළකී සිටිනු පිණිසත් ඔහු ඒවායෙහි නියෝජිත භාවය ඔවුන්ව දී ඇත. මෙය භාරකරුවන් අතර මෙන්ම සෙසු ජනයා අතර ද වූ පොදු කාරණාවකි.

පොදු අරමුදල් සම්බන්ධයෙන් ෂරීආව දැඩි සේ අවවාද කර ඇත. සැබැවින්ම ඉන් කිසිවක් හෝ යමෙකු භාර ගත්තේ නම්, එය රැස් කළ හා වියදම් කළ ආකාරය ගැන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහු විනිශ්චයට භාජනය වනු ඇත.

තම ධනය හෝ වෙනත් අයගේ ධනය හෝ වේවා නිත්‍යානුකූල නොවන ගනු දෙනු වෙනුවෙන් වියදම් කරන්නා ද මෙම අනතුරු ඇඟවීම තුළට ඇතුළත් වේ.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (4/ 85) (3118).

තවත් බලන්න (6)

فتح ذي الجلال والاكرام بشرح بلوغ المرام.

لابن عثيمين (6/ 372).

منحة العلام في شرح بلوغ المرام.

لعبد الله الفوزان (10/ 231).

توضيح الأحكام من بلوغ المرام.

للبسام (7/ 424).