Skip to content

හජ් හා උම්රා ඉටු කරන්න. සැබැවින්ම උදුන, යකඩ රන් හා රිදී වල ඇති කිලිටි ඉවත් කරන්නාක් මෙන් ඒ දෙක දිළිඳුකම හා පාපය ඉවත් කරනු ඇත. පිළිගනු ලබන හජ් වන්දනාවට ස්වර්ගය මිස වෙනත් කුසලක් නැත

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

"හජ් හා උම්රා ඉටු කරන්න. සැබැවින්ම උදුන, යකඩ රන් හා රිදී වල ඇති කිලිටි ඉවත් කරන්නාක් මෙන් ඒ දෙක දිළිඳුකම හා පාපය ඉවත් කරනු ඇත. පිළිගනු ලබන හජ් වන්දනාවට ස්වර්ගය මිස වෙනත් කුසලක් නැත."

«تَابِعُوا بَيْنَ الحَجِّ وَالعُمْرَةِ، فَإِنَّهُمَا يَنْفِيَانِ الفَقْرَ وَالذُّنُوبَ كَمَا يَنْفِي الكِيرُ خَبَثَ الحَدِيدِ، وَالذَّهَبِ، وَالفِضَّةِ، وَلَيْسَ لِلْحَجَّةِ الْمَبْرُورَةِ ثَوَابٌ إِلاَّ الجَنَّةُ».

මෙය තිර්මිදී, අන් නසාඊ සහ අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

හජ් වන්දනාව හා උම්රා වන්දනාව අතර සමීපයෙන් කටයුතු කරන මෙන් ද හැකියාව තිබිය දී ඒ දෙක ඉටු කිරීම අත් නොහරින මෙන් ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පවසා උනන්දු කර ඇත්තාහ. සැබැවින්ම යකඩ හා එහි මිශ්‍රව පවතින එයට අදාළ නැති අනෙකුත් ලෝහමය කිලිටි ඉවත් කිරීමට භාවිතා කරන ගින්න මෙන් ඒ දෙක දිළිඳුකම හා පාපය ඉවත් කරන අතර හදවත තුළ පවතින කිලිටි ද ඉවත් කරනු ඇත.

හදීසයෙන් උගත හැකි පාඩම්

හජ් හා උම්රා අතර අඛන්ඩව කටයුතු කිරීමේ මහිමය හා ඒ සඳහා උනන්දු කරවීම.

හජ් හා උම්රා වන්දනා පිළිපැදීම පොහොසත් භාවයට හා පාපකම්වලට සමාව ලැබීමට හේතු සාධක වෙයි.

මුබාරක්පූරි තුමා මෙසේ පවසයි: "දිළිඳුකම ඒ දෙක ඉවත් කරයි" යනු ඒ දෙක අහක් කරයි යන්නයි. එනම් මතුපිටින් පවතින දිළිඳුකමෙන් දෑත් පොහොසත් වීමෙන් හා අභ්‍යන්තරයේ පවතින දිළිඳුකමෙන් හදවත පොහොසත් වීමෙන් පිහිටනු ඇත.

මූලාශ්‍ර

සුනන් අත් තිර්මිදි (2/ 167) (810).

සුනන් අන් නසාඊ (5/ 115) (2631).

මුස්නද් අහ්මද් (6/ 185) (3669).

තවත් බලන්න (2)

ذخيرة العقبى في شرح المجتبى (23/ 322).

النهاية في غريب الحديث والأثر (819) (252).