ඔබේ මුදලින්, ඔබේ ජීවිතයෙන් හා ඔබේ දිවෙන් මිථ්‍යාදෘෂ්ටික බහුදේව වාදීන්ට එරෙහිව අරගල කරනු
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"ඔබේ මුදලින්, ඔබේ ජීවිතයෙන් හා ඔබේ දිවෙන් මිථ්‍යාදෘෂ්ටික බහුදේව වාදීන්ට එරෙහිව අරගල කරනු."
«جَاهِدُوا المشركين بأموالكم وأنفسكم وألسنتكم».
දේවත්වය ප්‍රතික්ෂේප කරන කලහාකාරී මිථ්‍යදෘෂ්ටිකයින් සමග අරගල කරන මෙන් ද ඔවුනට මඟපෙන්වීමේ දී තමන්ට හැකි සෑම ක්‍රියාමාර්ගයක් යොදවා කැපවන මෙන් ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කළහ. එය අල්ලාහ්ගේ ප්‍රකාශය උසස් කරවනු පිණිසය. පළමුවැන්න: ඔවුන් සමග කරන අරගලයේ අවශ්‍ය කළමනා මිලදී ගැනීම, ඒ සඳහා කැපවන මුජාහිද්වරුන් හට වියදම් කිරීම වැනි කටයුතු සඳහා මුදල් වැය කිරීම ය. දෙවැන්න: ඔවුන් හමුවීමටත් ඔවුන් වළක්වාලීමටත් තම ආත්මය හා ශරීරය කැප කිරීම. තුන්වනුව: මෙම දහම වෙතට ඔවුන්ට මුවින් ඇරයුම් කිරීම, ඔවුනට සාධක ඉදිරිපත් කිරීම, ඔවුන්ව නරකින් වැළක්වීම හා ඔවුනට ප්‍රතිචාර දැක්වීමය.
මිථ්‍යදෘෂ්ටික බහුදේව වාදීන් සමග ජීවිත පුදමින්, ධනය වැය කරමින් හා මුවින් දැනුම්වත් කරමින් තමන්ගේ සියලු හැකියාවන්ට අනුව අරගල කිරීමට උනන්දු කරවීම. සැබැවින්ම අරගලය යනු ජීවිතය පිදීම මත පමණක් සීමාවන්නක් නොවේ.
අරගල කිරීම සඳහා කර ඇති නියෝගය අනිවාර්යය වගකීමකි. ඇතැම් විට ෆර්ලු අයින් හෙවත් සැමට අතිශය අනිවාර්යය කටයුත්තක් වන අතර ඇතැම් විට ෆර්ලු කිෆායා හෙවත් පිරිසකට පමණක් ප්‍රමාණවත් අනිවාර්යය කටයුත්තක් වේ.
අරගල කිරීම කරුණු කිහිපයක් සඳහා අල්ලාහ් නියම කර ඇත. පළමුවැන්න: බහුදේවවාදය හා බහුදේවවාදී මිත්‍යාදෘෂ්ටිකයන්ට එරෙහිව අරගල කිරීම. ඊට හේතුව අල්ලාහ් කිසිවිටෙක ෂිර්ක් හෙවත් ඔහුට කරන ආදේශය පිළිගන්නේ නැති බැවිනි. දෙවැන්න: අල්ලාහ් වෙත ඇරයුම් කිරීමේ මාර්ගය අවහිර කරන බාධක ඉවත් කිරීම. තුන්වැන්න: අකීදා හෙවත් ප්‍රතිපත්තිය, ඊට පටහැනි විශ්වාසයන්ගෙන් ආරක්ෂා කිරීම. සිව්වැන්න: මුස්ලිම්වරුන්, ඔවුන්ගේ දේශයන්, ඔවුන්ගේ මාන්‍යය හා ඔවුන්ගේ දේපළ ආරක්ෂා කිරීම.
සුනන් අබූ දාවූද් (4/ 158) (2504).
සුනන් අන් නසාඊ (6/ 7) (3096).
මුස්නද් අහ්මද් (19/ 272) (12246).
සහීහ් මුස්ලිම් (4/ 1935) (2490).
තවත් බලන්න (10)
فتح ذي الجلال والإكرام شرح بلوغ المرام.
لابن عثيمين (5/ 442).
توضيح الأحكام من بلوغ المرام.
لعبد الله البسام (6/ 336).
منحة العلام شرح بلوغ المرام.
عبد الله الفوزان (9/ 10).
سبل السلام.
لمحمد الصنعاني (2/ 460).
مشكاة المصابيح.
لمحمد التبريزي (2/ 1124).
පොත්වල උපුටා දක්වා ඇත
3 පොත්තවත් බලන්න (3)
- النفحات المكية في تفسير كتاب رب البرية الجزء التاسع عشر«جَاهِدُوا المُشْرِكِينَ بِأَمْوَالِكُمْ وَأَنْفُسِكُمْ وَأَلْسِنَتِكُمْ»([1]).
- خذ عقيدتك من الكتاب والسنة الصحيحة«وجاهدوا المشركين بأموالكم وأنفسكم وألسنتكم»
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 6«جَاهِدُوا المُشْرِكِينَ بِأَمْوَالِكُم وَأَنْفُسِكُمْ وَأَلسِنَتِكُم».