Skip to content

“සැබැවින්ම යුක්තිගරුකයින් සර්ව බලධාරී, කීර්තිමත්, මහා කාරුණිකයාණන්ගේ දකුණු දෙසින් ඇති, අල්ලාහ් වන ඔහු අභියස ආලෝකයෙන් වූ වේදිකාවන් මත සිටිති. ඔහුගේ දෑත් දකුණු දෙසින් පවතී

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

“සැබැවින්ම යුක්තිගරුකයින් සර්ව බලධාරී, කීර්තිමත්, මහා කාරුණිකයාණන්ගේ දකුණු දෙසින් ඇති, අල්ලාහ් වන ඔහු අභියස ආලෝකයෙන් වූ වේදිකාවන් මත සිටිති. ඔහුගේ දෑත් දකුණු දෙසින් පවතී. ඔවුන් වනාහි, ඔවුන්ගේ තීන්දුවලත් ඔවුන්ගේ පවුල් අතරත් ඔවුන් භාරගත් දෑ අතරත් සාධාරණය ඉටු කරන්නන් වූහ.”

«إِنَّ الْمُقْسِطِينَ عِنْدَ اللهِ عَلَى مَنَابِرَ مِنْ نُورٍ، عَنْ يَمِينِ الرَّحْمَنِ عَزَّ وَجَلَّ، وَكِلْتَا يَدَيْهِ يَمِينٌ، الَّذِينَ يَعْدِلُونَ فِي حُكْمِهِمْ وَأَهْلِيهِمْ وَمَا وَلُوا».

මුස්ලිම් එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

තම අණසක, තම විනිශ්චය හා තම භාරකාරත්වය යටතේ සිටින මිනිසුන් අතර යුක්තිය සහ සත්‍යය පදනම් කර ගෙන විනිශ්චය කරන්නන් වනාහි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් ආලෝකයෙන් මවන ලද උස් සහ ඉහළ ආසන මත වාඩි වන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටී. එම වේදිකා උත්තරීතර මහා කාරුණිකයාණන්ගේ දකුණු දෙසින් පිහිටා තිබේ. ඔහුගේ දෑත් දකුණු ය.

වචනාර්ථ

المقسطين: العادلين.

في حكمهم: في قضائهم.

ما وَلُوا: الذي كانت لهم عليه ولاية.

හදීසයෙන් උගත හැකි පාඩම්

යුක්තිය හා සාධාරණත්වයේ මහිමය. ඒ සඳහා උනන්දු කරවීම.

යුක්තිය යනු පොදු වූ කාරණාවකි. සියලුම භාරකරුවන්, ජනයා අතර විනිශ්චය කරන්නන් මෙන්ම බිරියන් හා දරුවන් අතර යුක්තිගරුකව කටයුතු කරන්නන් හා එවැනි වෙනත් අය ද ඊට ඇතුළත් වේ.

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ යුක්ති ගරුකව කටයුතු කරන්නන්ගේ නිලය පැහැදිලි කිරීම.

දේවත්වය විශ්වාස කරන්නන්ගේ නිලයන් ඔවුන්ගේ ක්‍රියාවන්ට අනුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අසමාන වෙයි.

උනන්දු කිරීමේ ක්‍රමය උපදෙස් ලබා ගන්නා තුළ කීකරු වීම දිරිගන්වන උපදේශන ක්‍රමයකි.

මූලාශ්‍ර

සහීහ් මුස්ලිම් (3/ 1458) (1827).

තවත් බලන්න (10)

نزهة المتقين شرح رياض الصالحين.

لمجموعة من الباحثين (1/ 547).

تطريز رياض الصالحين.

لفيصل المبارك (ص428).

كنوز رياض الصالحين.

لمجموعة من الباحثين (9/ 314).

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (1/ 710).

شرح رياض الصالحين.

لابن عثيمين (3/ 640).