Skip to content

මට හා මෙලොවට කිසිවක් නැත. මා මෙලොවෙහි ගසක් යට හෙවණ සොයා, පසුව විවේකය ලබා, එය අත්හැර දමා යන මගියෙකු මෙන් මිස නැත

අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පැදුරක නිදා ගෙන නැගිට්ටහ. එතුමාණන්ගේ පිටෙහි එහි සළකුණු පිහිටා තිබිණ. එවිට අපි: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, අපි ඔබ වෙනුවෙන් මෙට්ටයක් සූදානම් කරන්නදැ?"යි විමසා සිටියෙමු. එවිට එතුමාණෝ:

"මට හා මෙලොවට කිසිවක් නැත. මා මෙලොවෙහි ගසක් යට හෙවණ සොයා, පසුව විවේකය ලබා, එය අත්හැර දමා යන මගියෙකු මෙන් මිස නැත."

«مَا لِي وَلِلدُّنْيَا، مَا أَنَا فِي الدُّنْيَا إِلاَّ كَرَاكِبٍ اسْتَظَلَّ تَحْتَ شَجَرَةٍ ثُمَّ رَاحَ وَتَرَكَهَا».

මෙය තිර්මිදි, හා ඉමාම් මාජහ් වාර්තා කොට ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ මෙනෙහි කර සිටියේය. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඇතැම් පැල වලින් වියන ලද කුඩා පැදුරක නිදා ගෙන සිට පසුව නැගිටුණහ. එතුමාණන්ගේ පිටෙහි පැදුරෙහි සළකුණු පිහිටා තිබිණ. එවිට අපි මෙසේ පැවසුවෙමු.: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! අපි ඔබ වෙනුවෙන් සිනිදු මෙට්ටයක් සූදානම් කළේ නම්, එම රළු පැදුරේ ඔබ හාන්සි වීමට වඩා යහපත් වනු ඇත." එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ මෙසේ පැවසූහ. මෙලොවට මා ප්‍රිය කරන තරමට මෙලොව සමග කිසිදු ඇල්මක් හෝ කැමැත්තක් හෝ මට නැත. මා හා මෙලොවෙහි මා ජීවත් වීමේ උපමාව මෙලොවෙහි ගසක් යට හෙවණ සොයා, පසුව විවේකය ලබා, එය අත්හැර දමා යන මගියෙකු මෙන් මිස නැත."

හදීසයෙන් උගත හැකි පාඩම්

මෙලොවෙහි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ගත කළ සරල ජීවිතය හා මෙලොව පිටුදැකීම පැහැදිලි කිරීම.

මෙලොවෙහි ඇති අවශ්‍යතා අත්හැර දමන මෙන් මෙම හදීසය අදහස් කරන්නේ නැත. සැබැවින්ම ඉන් අදහස් කරනුයේ මතුලොව පිළිබඳ අමතක වන තරමට එහි කාර්යබහුල වීම ගැනය. එහෙයින් මිනිසා ගසක හෙවණ සොයා යමින් එහි ප්‍රයෝජනය ගත යුතු අතර එය මත රඳා නොසිටිය යුතුය.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ තත්වය සැලකිල්ලට ගනිමින්, එතුමාණෝ හොඳ ආදර්ශමත් පුද්ගලයකු වූහ. එතුමාණන්ගේ පියවර අනුගමනය කරන තැනැත්තා යහමග ලබන අතර මෙලොව හා පරලොව සාර්තකත්වය හිමි කර ගනු ඇත.

සහාබාවරු අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කෙරෙහි දැක්වූ දැඩි කැමැත්ත හා ආදරය.

ප්‍රචාරක කටයුතුවල දී හා ඉගැන්වීම් කටයුතුවල දී උදාහරණ ගෙන හැර පෑම ආගමානුගත කරන ලද්දකි.

මූලාශ්‍ර

සුනන් අත් තිර්මිදි (4/ 166) (2377).

සුනන් ඉබ්නු මාජහ් (5/ 229) (4109).

තවත් බලන්න (4)

النهاية في غريب الحديث والأثر (979).

فيض القدير (5/ 464).

تطريز رياض الصالحين (ص: 326).

البحر المحيط الثجاج في شرح صحيح الإمام مسلم بن الحجاج (34/ 663).