“ඔබේ පරමාධිපතියාණන් පැවසූ දේ ඔබ දන්නවා ද?” යැයි විමසූහ. ඔවුහු: 'මැනවින් දන්නෝ අල්ලාහ් සහ ඔහුගේ දූතයා ය" යැයි ඔවුහු පිළිතුරු දුන්නෝය. එතුමාණෝ: “මාගේ ගැත්තන් අතරින් මා විශ්වාස කරන අය සහ මා ප්‍රතික්ෂේප කරන අය උදය වරුව ලැබුවෝය
සෙයිද් ඉබ්නු කාලිද් අල්-ජුහනී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හුදෙයිබිය්යා හි රාත්‍රියේ ඇද හැලුණු වර්ෂාවෙන් පසු සුබ්හු සලාතය මෙහෙය වූහ. එතුමාණෝ එය අවසන් කරගත් පසු ජනතාව දෙසට හැරී: “ඔබේ පරමාධිපතියාණන් පැවසූ දේ ඔබ දන්නවා ද?” යැයි විමසූහ. ඔවුහු: 'මැනවින් දන්නෝ අල්ලාහ් සහ ඔහුගේ දූතයා ය" යැයි ඔවුහු පිළිතුරු දුන්නෝය. එතුමාණෝ: “මාගේ ගැත්තන් අතරින් මා විශ්වාස කරන අය සහ මා ප්‍රතික්ෂේප කරන අය උදය වරුව ලැබුවෝය." එහෙයින් කවරෙකු "මුතිර්නා බිෆළ්ලිල්ලාහි වරහ්මතිහි" (අල්ලාහ්ගේ භාග්‍යයෙන් හා ඔහුගේ ආශිර්වාදයෙන් අපට වැසි ලැබුණි) යැයි පවසන්නේද ඔහු ය මා විශ්වාස කර, ග්‍රහ තාරකා ප්‍රතික්ෂේප කළ තැනැත්තා. කවරෙකු 'මේ මේ තාරකා වර්ගය හේතුවෙන් අපට වැසි ලැබුණි' යැයි පවසා සිටියේ ද, ඔහු ය මා ප්‍රතික්ෂේප කොට ග්‍රහ තාරකා පිළිබඳ මිථ්‍යාව විශ්වාස කළ තැනැත්තා."
صَلَّى لَنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَاةَ الصُّبْحِ بِالْحُدَيْبِيَةِ عَلَى إِثْرِ سَمَاءٍ كَانَتْ مِنَ اللَّيْلَةِ، فَلَمَّا انْصَرَفَ أَقْبَلَ عَلَى النَّاسِ، فَقَالَ: «هَلْ تَدْرُونَ مَاذَا قَالَ رَبُّكُمْ؟» قَالُوا: اللهُ وَرَسُولُهُ أَعْلَمُ، قَالَ: «أَصْبَحَ مِنْ عِبَادِي مُؤْمِنٌ بِي وَكَافِرٌ، فَأَمَّا مَنْ قَالَ: مُطِرْنَا بِفَضْلِ اللهِ وَرَحْمَتِهِ، فَذَلِكَ مُؤْمِنٌ بِي وَكَافِرٌ بِالْكَوْكَبِ، وَأَمَّا مَنْ قَالَ: بِنَوْءِ كَذَا وَكَذَا، فَذَلِكَ كَافِرٌ بِي وَمُؤْمِنٌ بِالْكَوْكَبِ».
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ හුදෙයිබියා හි සුබ්හු සලාතය මෙහෙය වූහ. එය මක්කාවට සමීපයෙන් පිහිටි ගමකි. එය එම රාත්‍රියේ වැස්ස පහළ වූ පසු පැවති අවස්ථාවකි. එතුමාණෝ සලාම් පවසා තම සලාතය අවසන් කර ගත් කල්හි මිනිසුන් දෙසට හැරී ඔවුන්ගෙන් මෙසේ විමසූහ: "සර්වබලධාරී ඔබ සැමගේ පරමාධිපති කුමක් පවසා සිටියේ දැයි ඔබලා දන්නෙහු ද?" ඔවුහු එතුමාණන්ට පිළිතුරු වශයන් 'අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් මැනවින් දන්නෝ" යැයි පැවසූහ. එවිට 'වර්ෂාව පහළ වන අවස්ථාවේ, උත්තරීතර අල්ලාහ්ව විශ්වාස කළ පිරිසක් ලෙස ද උත්තරීතර අල්ලාහ්ව ප්‍රතික්ෂේප කළ පිරිසක් ලෙස ද ජනයා කොටස් දෙකකට බෙදී යති' යැයි උත්තරීතර අල්ලාහ් පැහැදිලි කරන බව එතුමණෝ දන්වා සිටියහ. ඒ අනුව කවරෙකු "මුතිර්නා බිෆළ්ලිල්ලාහි වරහ්මතිහි" (අල්ලාහ්ගේ භාග්‍යයෙන් හා ඔහුගේ ආශිර්වාදයෙන් අපට වැසි ලැබුණි" යැයි පවසා වර්ෂාව උත්තරීතර අල්ලාහ් වෙත ආරෝපණය කළේ ද, ඔහුය විශ්වය මවා පාලනය කරන අල්ලාහ් ව විශ්වාස කළ තැනැත්තා. එමෙන්ම ග්‍රහ තාරකා පිළිබඳ තිබූ මිථ්‍යා විශ්වාසය ප්‍රතික්ෂේප කළ තැනැත්තා. කවරෙකු 'මේ මේ තාරකාව හේතුවෙන් අපට වැසි ලැබුණි' යැයි පවසා සිටියේ ද, ඔහු ය අල්ලාහ්ව ප්‍රතික්ෂේප කොට ග්‍රහ තාරකා පිළිබඳ මිථ්‍යාව විශ්වාස කළ තැනැත්තා. එය වර්ෂාව ග්‍රහ තාරකා වෙත ආරෝපණය කරමින් අල්ලාහ්ට කෙරෙන සුළු ප්‍රතික්ෂේපයකි. අල්ලාහ් එය ආගමානුකූල හේතුවක් ලෙස හෝ පෙර නියම කළ හේතුවක් ලෙස හෝ පත් කළේ නැත. කවරෙකු වර්ෂාව පහළ වීම හා මහපොළොවේ සිදුවන වෙනත් සිදුවීම්, ග්‍රහතාරකාවන් උදා වීමේ හා අස්ථානගත වීමේ දී ඇතිවන චලනය නිසාවෙන් බවත්, සැබෑ ලෙස ක්‍රියාත්මක කළේ එය බවත් විශ්වාස කරමින් කරුණ ඒ වෙත ආරෝපණය කළේ ද ඔහු මහත් සේ දේවත්වය ප්‍රතික්ෂේප කළ අයෙකි.
...:
වර්ෂාව ඇද හැළුණු පසු "මුතිර්නා බිෆළ්ලිල්ලාහි වරහ්මතිහි" යනුවෙන් පැවසීම සතුටු දායකය.
වර්ෂාව පහළ වීම හෝ වෙනත් යම් දෙයක් මැවීමෙන් හෝ බිහි කිරීමෙන් එය ග්‍රහ තාරකා වෙත ආරෝපණය කළේ ද ඔහු මහත් සේ ප්‍රතික්ෂේප කළ අයකි. සැබැවින්ම ඔහු එය හේතුවක් බව පවසා ආරෝපණය කළේ ද ඔහු සුළු සේ ප්‍රතික්ෂේප කළ අයකු වේ. මන්ද එය ආගමික හෝ භෞතික හේතුවක් නොවන බැවිනි.
සැබැවින්ම ආශිර්වාදය ප්‍රතික්ෂේප කළහොත් එය ප්‍රතික්ෂේපයට හේතුවකි, ස්තුති කළහොත් එය ශ්‍රද්ධාවට හේතුවකි.
කාලය අදහස් කළත්, “මේ කාලය හේතුවෙන් අපට වර්ෂාව ලැබුණි” යැයි පැවසීමෙන් වැළකී සිටිය යුතුය. එය දේව ආදේශයට මග සලසන බැවින් එසේ නියම කරන ලදී.
ආශීර්වාද ගෙන ඒමේදීත් විපත්තිවලින් මිදීමේදීත් හදවත සර්වබලධාරී අල්ලාහ් සමග සම්බන්ධ කළ යුතුය.
සහීහුුල් බුහාරි (1/ 169) (846).
සහීහ් මුස්ලිම් (1/ 83) (71).
තවත් බලන්න (2)
البحر المحيط الثجاج في شرح صحيح الإمام مسلم بن الحجاج (2/ 484).
المفهم لما أشكل من تلخيص كتاب مسلم (1/ 260).
පොත්වල උපුටා දක්වා ඇත
3 පොත්තවත් බලන්න (2)
- التوحيد في ضوء عقيدة الإمام الشافعي رحمه الله ونصوصه ومروياته"صلى لنا رسول الله صلى الله عليه وسلم صلاة الصبح بالحديبية على إثر سماء كانت من الليل، فلما انصرف أقبل على الناس فقال: هل تدرون ماذا قال ربكم؟. قالوا: الله ورسوله أعلم، قال: قال: أصبح من عبادي مؤمن بي وكافر، فأما من قال: مطرنا بفضل الله ورح
- موسوعة الإيمان«أَصْبَحَ مِنْ عِبَادِي مُؤْمِنٌ بِي وَكَافِرٌ، فَأَمَّا مَنْ قَالَ: مُطِرْنَا بِفَضْلِ اللَّهِ وَرَحْمَتِهِ، فَذَلِكَ مُؤْمِنٌ بِي وَكَافِرٌ بِالكَوْكَبِ، وَأَمَّا مَنْ قَالَ: بِنَوْءِ كَذَا وَكَذَا، فَذَلِكَ كَافِرٌ بِي وَمُؤْمِنٌ بِالكَو