“(ස්වර්ගවාසීහු ස්වර්ගයට පිවිසෙන විට) නිවේදකයෙක් "සැබැවින්ම නුඹලාට සුව සැපවත් ජීවිතයක් ඇත. එහෙයින් නුඹලා කිසි විටෙක රෝගාතුර නොවනු ඇත. තවද සැබැවින්ම නුඹලාට ජීවත්වීමක් ඇත. එහෙයින් නුඹලා කිසි විටෙක මරණයට පත් නොවනු ඇත. නුඹලාට තරුණකම ඇත. එහෙයින් නුඹලා කිසිවිටෙක මහලු නොවනු ඇත. නුඹලාට භුක්ති විඳීමක් ඇත. එහෙයින් නුඹලා කිසි විටෙක බලාපොරොත්තු සුන්කර නොගනු ඇත
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ සඊද් අල්-කුද්රි තුමා හා අබූ හුරෙයිරා තුමා (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී:
“(ස්වර්ගවාසීහු ස්වර්ගයට පිවිසෙන විට) නිවේදකයෙක් "සැබැවින්ම නුඹලාට සුව සැපවත් ජීවිතයක් ඇත. එහෙයින් නුඹලා කිසි විටෙක රෝගාතුර නොවනු ඇත. තවද සැබැවින්ම නුඹලාට ජීවත්වීමක් ඇත. එහෙයින් නුඹලා කිසි විටෙක මරණයට පත් නොවනු ඇත. නුඹලාට තරුණකම ඇත. එහෙයින් නුඹලා කිසිවිටෙක මහලු නොවනු ඇත. නුඹලාට භුක්ති විඳීමක් ඇත. එහෙයින් නුඹලා කිසි විටෙක බලාපොරොත්තු සුන්කර නොගනු ඇත. එය සර්වබලධාරී අල්ලාහ්ගේ ප්‍රකාශයට අනුවය. එනම්: "නුඹලාගේ එම ස්වර්ගය නුඹලා උරුම කරගෙන ඇත්තේ නුඹලා සිදුකරමින් සිටි දෑ හේතුවෙනි යැයි ඔවුන් අමතනු ලබති." (අල්-අඃරාෆ්: 43)
«يُنَادِي مُنَادٍ: إِنَّ لَكُمْ أَنْ تَصِحُّوا فَلَا تَسْقَمُوا أَبَدًا، وَإِنَّ لَكُمْ أَنْ تَحْيَوْا فَلَا تَمُوتُوا أَبَدًا، وَإِنَّ لَكُمْ أَنْ تَشِبُّوا فَلَا تَهْرَمُوا أَبَدًا، وَإِنَّ لَكُمْ أَنْ تَنْعَمُوا فَلَا تَبْأَسُوا أَبَدًا» فَذَلِكَ قَوْلُهُ عَزَّ وَجَلَّ: {وَنُودُوا أَنْ تِلْكُمُ الْجَنَّةُ أُورِثْتُمُوهَا بِمَا كُنْتُمْ تَعْمَلُونَ} [الأعراف: 43].
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ මෙනෙහි කර සිටියහ. "ස්වර්ගවාසීන් ස්වර්ගයේ භුක්ති විඳිමින් සිටිය දී 'සැබැවින්ම ඔබට සුවය ඇත. ස්වර්ගයේ කිසිවිටෙක සුළු රෝගී තත්ත්වයක් හෝ ඔබට හට ගන්නේ නැත. තවද සැබැවින්ම ඔබ ජීවිතය ගත කරනු ඇත. එහි කිසිවිටෙක ඔබ මරණයට පත් වන්නේ නැත. සුළු මරණය හෙවත් නින්දකට හෝ ඔබ වැටෙන්නේ නැත. ඔබ තරුණවියේ පසුවනු ඇත. එහි ඔබ කිසිවිටෙක මහලු වන්නේ නැත. තවද ඔබ එහි භුක්ති විඳිනු ඇත. එහෙයින් ඔබ එහි කිසිවිටෙක දුකට පත්වන්නේ නැති අතර බලාපොරොත්තු සුන් වී යන්නේ නැත. එය සර්ව බලධාරී අල්ලාහ්ගේ ප්‍රකාශයයි." එනම්: "නුඹලාගේ එම ස්වර්ගය නුඹලා උරුම කරගෙන ඇත්තේ නුඹලා සිදුකරමින් සිටි දෑ හේතුවෙනි යැයි ඔවුන් අමතනු ලබති."
යමෙක් කොතරම් සුඛෝපභෝගී ජීවිතයක් ගත කළත්, මෙලොව ජීවිතයේ සැපතට ඇති ලොකුම බාධකය වන්නේ රෝගීභාවය, මරණය, වයෝවෘද්ධභාවය මෙන්ම සතුරන්, යුදමය වාතාවරණයන් හා දිළිඳුකම වැනි හේතූන් මත දුකට පත්වීම හා බලාපොරොත්තු සුන්කර ගැනීම යන කරුණු හතර ය. ස්වර්ගවාසීහු ඉන් ආරක්ෂා වෙති. ස්වර්ග වාසීන්ට පරිපූර්ණවත් සුඛෝපභෝගී ජීවිතයක් හිමි වනු ඇත.
මෙලොව ඇති සුවපහසුකම්වලට වඩා ස්වර්ගයේ ඇති සුවපහසුකම් වෙනස් ය. සැබැවින්ම ස්වර්ගයේ පවතින සුවපහසුකම් වනාහි, ඒවා භුක්ති විඳින විට කිසිදු බියක් ඒවායෙහි නොමැත. නමුත් මෙලොව පවතින සුවපහසුකම් වනාහී ඒවා සදාතනික නොවන අතර ඒ තුළ වේදනාවන් හා රෝගී තත්ත්වයන් පවතිනු ඇත.
ස්වර්ගයේ සුවපහසුකම් වෙත ළඟා කරන දැහැමි ක්‍රියාවන් සම්බන්ධයෙන් දිරි ගැන්වීම.
සහීහ් මුස්ලිම් (4/ 2182) (2837).
තවත් බලන්න (6)
بهجة الناظرين شرح رياض الصالحين.
لسليم الهلالي (3/ 348).
شرح رياض الصالحين.
لابن عثيمين (6/ 732).
نزهة المتقين شرح رياض الصالحين.
لمجموعة من الباحثين (2/ 1292).
පොත්වල උපුටා දක්වා ඇත
2 පොත්තවත් බලන්න (2)
- مادة العقيدة الإسلامية(يُنَادِى مُنَادٍ إِنَّ لَكُمْ أَنْ تَصِحُّوا فَلاَ تَسْقَمُوا أَبَدًا وَإِنَّ لَكُمْ أَنْ تَحْيَوْا فَلاَ تَمُوتُوا أَبَدًا وَإِنَّ لَكُمْ أَنْ تَشِبُّوا فَلاَ تَهْرَمُوا أَبَدًا وَإِنَّ لَكُمْ أَنْ تَنْعَمُوا فَلاَ تَبْتَئِسُوا أَبَدًا ).
- موسوعة الإيمان«يُنَادِي مُنَادٍ: إِنَّ لَكُمْ أَنْ تَصِحُّوا فَلَا تَسْقَمُوا أَبَدًا، وَإِنَّ لَكُمْ أَنْ تَحْيَوْا فَلَا تَمُوتُوا أَبَدًا، وَإِنَّ لَكُمْ أَنْ تَشِبُّوا فَلَا تَهْرَمُوا أَبَدًا، وَإِنَّ لَكُمْ أَنْ تَنْعَمُوا فَلَا تَبْتَئِسُوا أَبَدً