“කවරෙකු තාරකා ශාස්ත්‍රයෙන් කොටසක් උපුටා ගත්තේ ද, සැබැවින් ඔහු කොටසක් හදාරා ඇත්තේය. එය වැඩිවන තරමට (තවතවත්) වැඩි වනු ඇත.”
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
“කවරෙකු තාරකා ශාස්ත්‍රයෙන් කොටසක් උපුටා ගත්තේ ද, සැබැවින් ඔහු කොටසක් හදාරා ඇත්තේය. එය වැඩිවන තරමට (තවතවත්) වැඩි වනු ඇත.”
«من اقتبَسَ علْمًا مِنَ النُّجُومِ اقْتبَسَ شُعبَة مِن السِّحرِ، زادَ ما زادَ».
තරකා හා ග්‍රහ රාශී පිළිබඳ දැනුම හදාරා, ඒවායෙහි චලනය ඒවායෙහි ප්‍රවේශය ඒවායෙහි අස්ථානගතවීම මහපොළොවේ සිදුවන කිසිවකුගේ මරණයට හෝ ජීවයට හෝ රෝගීභාවයට හෝ අනාගතයේ සිදුවන එවන් වෙනත් දෙයකට ආරෝපණය කරන්නේ ද, සැබැවින්ම ඔහු ඉන්ද්‍රජාලයෙන් කොටසක් හැදෑරීය. සැබැවින්ම මිනිසා මෙම දැනුම වැඩියෙන් ලබන සෑම විටෙකම ඉන්ද්‍රජලයෙන් ද වැඩි වන්නේය.
من اقتبسَ: من تعلّم.
شعبة: طائفة وقطعة.
තාරකාවල තත්වයන් පදනම් කර ගනිමින් අනාගතය ගැන පවසන ජ්‍යෝතිශ්‍ය ශාස්ත්‍රය තහනම් . මක්නිසාද යත් එය අදෘශ්‍යමාන දැනුම තිබෙන බව වාද කරන්නක් වන බැවිනි.
සැබැවින්ම තහනම් කරන ලද තාරකා ශාස්ත්‍රය වනුයේ ඒක දේව විශ්වාසය අහෝසි කරන ඉන්ද්‍රජාලකම් අතරින් වූ තාරකා ශාස්ත්‍රයයි. එය දිශාව, කිබ්ලාව, කාලය හා මාසවල ප්‍රවේශය යනාදිය දැන ගැනීමට ලබන ශාස්ත්‍රයට වෙනස්ය. මේ සඳහා ලබන දැනුමට අනුමැතිය ඇත.
මිනිසුන් ජ්‍යොතිෂය ඉගෙන ගන්නා තරමට, ඉන්ද්‍රජාලය ද වැඩියෙන් ඉගෙන ගනී.
අල් කුර්ආනයේ අල්ලාහ් සඳහන් කර ඇති පරිදි ග්‍රහ තාරකා සඳහා ප්‍රයෝජනවත් කරුණු තුනක් ඇත. අහසට අලංකාරත්වය, දීර්ඝ ගමනකදී මඟ සෙවීමේ සළකුණු හා ෂෙයිතානුන්ට පහර දීම යනාදියයි.
සුනන් අබූ දාවූද් (6/ 50) (3905).
සුනන් ඉබ්නු මාජහ් (4/ 670) (3726).
මුස්නද් අහ්මද් (3/ 454) (2000).
තවත් බලන්න (4)
الجديد في شرح كتاب التوحيد.
للقرعاوي (ص230).
الملخص في شرح كتاب التوحيد.
للفوزان (ص206).