“භාරකරුවකු නොමැති ව විවාහයක් නැත.”
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ මූසා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
“භාරකරුවකු නොමැති ව විවාහයක් නැත.”
«لا نِكَاحَ إِلّا بِوَليٍّ».
කාන්තාවකගේ විවාහය, භාරකරුවකු විසින් සිදු කරනු ලබන විවාහ ගිවිසුමක් හරහා මිස වලංගු නොවන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ.
لا نكاح : لا نكاح صحيح ومعتبر شرعًا.
الوَلِيُّ : هو أقرب الرجال إلى المرأة من عصبتها الذين يرثونها، كالأب والأخ.
විවාහය වලංගු වීමේ දී එක් කොන්දේසියක් වනුයේ භාරකරුවකු සිටීමය. වලී හෙවත් භාරකරුවකු නොමැතිව විවාහය සිදු වූයේ නම්, හෝ කාන්තාව තමන් විසින්ම විවාහය කර ගන්නේ නම් හෝ එම විවාහය වලංගු වන්නේ නැත.
වලී හෙවත් භාරකරු විය යුත්තේ ඔහු කාන්තාවට වඩාත් සමීප වූ තැනැත්තාය. වඩාත් සමීප කෙනෙකු සිටිය දී දුරින් සිටින භාරකරුවකු විසින් ඇයව විවාහ කර දෙනු නොලැබේ.
භාරකරුවා සම්බන්ධයෙන් ගත් කළ: ඔහු වැඩිවියට පත් වූ අයකු විය යුතුයි. පිරිමියෙකු විය යුතුයි. විවාහයේ හොඳ නරක පිළිබඳ දැනුම ඇති මඟපෙන්වන්නෙකු විය යුතුයි. භාරකරු අතර හා භාර කරනු ලබන තැනැත්තා අතර දහම පිළිබඳ එකඟතාවක් තිබිය යුතුයි. ඒ අනුව, කවරෙකු මෙම ගුණාංගවලින් වර්ණනා කරනු නොලැබුවේ ද විවාහ ගිවිසුමේ දී භාරකාරත්වය දරන්නට ඔහු සුදුස්සෙකු විය නොහැක.
සුනන් අබූ දාවූද් (3/ 427) (2085).
සුනන් අත් තිර්මිදි (2/ 392) (1101).
සුනන් ඉබ්නු මාජහ් (3/ 79) (1881).
මුස්නද් අහ්මද් (32/ 280) (19518).
තවත් බලන්න (10)
البدرُ التمام شرح بلوغ المرام.
للمَغرِبي (7/ 57).
إرواء الغليل في تخريج أحاديث منار السبيل.
للألباني (6/ 237).
توضِيح الأحكام من بلوغ المَرَام.
للبسام (5/ 262).
منحة العلام في شرح بلوغ المرام.
لعبد الله الفوزان (7/ 222).
فتح ذي الجلال والإكرام بشرح بلوغ المرام.
لابن عثيمين (4/ 469).
පොත්වල උපුටා දක්වා ඇත
5 පොත්තවත් බලන්න (5)
- مجموعة زاد الفقه (4)«لا نِكاحَ إِلَّا بِوَليٍّ».
- مجموعة زاد الفقه (4)«لا نِكاحَ إِلَّا بِوَليٍّ وشاهِدَيْ عَدْلٍ».
- مشروع المنهج التعليميمادة الفقه مستوى 4:«لَا نِكَاحَ إِلَّا بِوَلِيٍّ»
- مشروع منهاج زادكزادك 3 طالب نهائي«لَا نِكَاحَ إِلَّا بِوَلِيٍّ وَشَاهِدَيْ عَدْلٍ»
- نبراس طالب (5)1«لَا نِكَاحَ إِلَّا بِوَلِيٍّ وَشَاهِدَيْ عَدْلٍ»