“දැහැමි ක්‍රියාවන් ඉටු කිරීමේදී අල්ලාහ්ට වඩාත් ප්‍රියා මනාප දිනයන් වනුයේ මෙම දිනයන් මිස වෙනත් නැත.” එනම් දින දහයයි
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
“දැහැමි ක්‍රියාවන් ඉටු කිරීමේදී අල්ලාහ්ට වඩාත් ප්‍රියා මනාප දිනයන් වනුයේ මෙම දිනයන් මිස වෙනත් නැත.” එනම් දින දහයයි. ඔවුහු: ‘අල්ලාහ්ගේ දූතයාණනි! අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කිරීමත් (ඊටත් වඩා ප්‍රිය මනාප) නොවන්නේ ද’ යැයි විමසා සිටියෝය. එතුමා: “අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කිරීම ද නැත. නමුත් තම ජීවිතය හා තම ධනය කැප කරමින් පිටත්ව ගොස්, ඒ කිසිවක් සමග නැවත හැරී නො එන මිනිසා හැර” යැයි පැවසූහ.
«ما مِنْ أيَّامٍ العمَلُ الصَّالِحُ فيها أحبُّ إلى اللهِ مِن هذه الأيام» يعني أيامَ العشر، قالوا: يا رسُولَ الله، ولا الجهادُ في سبيلِ الله؟ قال: «ولا الجهادُ في سبيلِ الله، إلا رجلٌ خَرَجَ بنفسِه ومالِه فلم يَرْجِعْ من ذلك بشيءٍ».
දුල් හිජ්ජා මාසයේ ආරම්භක දින දහයේ දැහැමි ක්‍රියාවන්හි නිරත වීම වසරේ සෙසු දිනයන්ට වඩා ඉතා ශ්‍රේෂ්ඨය යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිලි කර සිටියි. මේ දිනවල හැර වෙනත් දිනවල අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කිරීම උතුම් ද එසේ නැතහොත් මේ දිනවල සිදු කරන ක්‍රියාවන් උතුම් ද? යන්න ගැන සහාබාවරු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසා සිටියහ. ඊට හේතුව ක්‍රියාවන් අතරින් සත්‍යය වෙනුවෙන් අරගල කිරීම ශ්‍රේෂ්ඨ බව සහතික වී තිබුණු බැවිනි. එවිට එතුමාණන්: මේ දිනවල දැහැමි ක්‍රියාවන්හි නිරත වීම සෙසු දිනවල අල්ලාහ්ගේ මාර්ගයේ සත්‍යය වෙනුවෙන් අරගල කිරීමට වඩා උතුම් බවත්, නමුත් පුද්ගලයකු තම ජීවිත හා ධනය කැප කරමින් අල්ලාහ්ගේ මාර්ගයේ නිරත වී පසුව ඔහුගේ ධනය මෙන්ම ඔහුගේ ජීවිතය අල්ලාහ්ගේ මාර්ගයේ අහිමි කරගත් තැනැත්තෙකු හැර බවත් පිළිතුරු දුන්හ. මෙම උතුම් දිනවල දැහැමි ක්‍රියාවන් සිදු කිරීමේ ශ්‍රේෂ්ඨත්වය මෙය පෙන්වා දෙයි.
الجهاد: هو مقاتلة الكفار لإبلاغ دين الله تعالى للناس أو للدفاع عن الإسلام وأهله.
දුල් හිජ්ජා මාසයේ මුල් දහය තුළ දැහැමි ක්‍රියාවන් සිදු කිරීමේ මහිමය. මෙම දිනවල දික්ර් කරමින් අල්ලාහ්ව මෙනෙහි කිරීම, අල් කුර්ආනය පාරායනය කිරීම, අල්ලාහු අක්බර් යැයි පවසා තක්බීර් පැවසීම, ලා ඉලා ඉල්ලල්ලාහු යැයි තහ්ලීල් පවසා අල්ලාහ් ඒකීයත්වයට පත් කිරීම, අල් හම්දු ලිල්ලාහ් යැයි පවසා අල්ලාහ්ට ප්‍රශංසා කිරීම, සලාත් ඉටු කිරීම, දානමාන කටයුතුවල නිරත වීම, උපවාසයේ යෙදීම හා එවන් දැහැමි ක්‍රියාවන් මුස්ලිම්වරයා අධිකව ඉටු කළ යුතු අතර එම අවස්ථාවන් උපරිමයෙන්ම ප්‍රයෝජනයට ගත යුතුය.
සහීහුුල් බුහාරි (2/ 20) (969).
සුනන් අබූ දාවූද් (4/ 102) (2438).
තවත් බලන්න (12)
فتح الباري بشرح صحيح البخاري.
لابن حجر (2/ 459).
تطريز رياض الصالحين.
لفيصل آل المبارك (ص699).
شرح رياض الصالحين.
لابن عثيمين (5/ 301).
نزهة المتقين شرح رياض الصالحين.
لمصطفى الخِن وغيره (1/ 884).
كنوز رياض الصالحين.
لمجموعة من الباحثين (15/ 234).
بهجة الناظرين شرح رياض الصالحين.
لسليم الهلالي (2/ 382).