Skip to content

“පිරිමියා හා කාන්තාව කෙරෙහි ද, නිදහස් තැනැත්තා හා වහලා කෙරෙහි ද, මුස්ලිම්වරුන් අතර සිටින කුඩා හා වැඩිහිටි අය කෙරෙහි ද රට ඉඳි සාඃ එකක ප්‍රමාණයක් හෝ තිරිඟු සාඃ එකක ප්‍රමාණයක් හෝ නිකුත් කිරීම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අනිවාර්යය කළහ. ජනයා ( ඊද් උත්සව) සලාතය සඳහා පිට ව යාමට පෙර එය ඉටු කරනු ලැබිය යුතු බවත් නියෝග කළහ

ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී.

“පිරිමියා හා කාන්තාව කෙරෙහි ද, නිදහස් තැනැත්තා හා වහලා කෙරෙහි ද, මුස්ලිම්වරුන් අතර සිටින කුඩා හා වැඩිහිටි අය කෙරෙහි ද රට ඉඳි සාඃ එකක ප්‍රමාණයක් හෝ තිරිඟු සාඃ එකක ප්‍රමාණයක් හෝ නිකුත් කිරීම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අනිවාර්යය කළහ. ජනයා ( ඊද් උත්සව) සලාතය සඳහා පිට ව යාමට පෙර එය ඉටු කරනු ලැබිය යුතු බවත් නියෝග කළහ."

فَرَضَ رَسُولُ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ زَكَاةَ الفِطْرِ صَاعًا مِنْ تَمْرٍ، أَوْ صَاعًا مِنْ شَعِيرٍ، عَلَى العَبْدِ وَالحُرِّ، وَالذَّكَرِ وَالأُنْثَى، وَالصَّغِيرِ وَالكَبِيرِ مِنَ المُسْلِمِينَ، وَأَمَرَ بِهَا أَنْ تُؤَدَّى قَبْلَ خُرُوجِ النَّاسِ إِلَى الصَّلاَةِ.

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

රමළාන් උපවාසයෙන් පසු සකාතුල් ෆිත්ර් නිකුත් කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අනිවාර්යය කළහ. එය සාඃ එකක ප්‍රමාණයකි. එය මුද්දු හතරක ප්‍රමාණයකි. මුද්දු යනු, සාමාන්‍යය මිනිසෙකුගේ දෝත පිරෙන්නට පුරවනු ලබන ප්‍රමාණයයි. එය වහල්, නිදහස්, පිරිමි, කාන්තා, කුඩා වැඩිහිටි යන සෑම මුස්ලිම්වරයකු මත නියම වන, රට ඉඳියෙන් හෝ තිරිඟුවලින් නිකුත් කරන දෑය. එය තමන් සතු දහවල් හෝ රාත්‍රී ප්‍රධාන ආහාර වේලකින් තමන් වෙනුවෙන් ද තමන්ගෙන් යැපෙන අය වෙනුවෙන් ද නිකුත් කරනු ලබන්නකි. උත්සව සලාතය වෙත ජනයා පිටත්ව යෑමට පෙර එය ඉටු කරනු ලැබිය යුතු යැයි එතුමාණෝ නියෝග කළහ.

හදීසයෙන් උගත හැකි පාඩම්

රමළාන් මාසයේ සකාතුල් ෆිත්ර්, කුඩා හා වැඩිහිටි, නිදහස් හා වහල් අය වෙනුවෙන් ඉටු කිරීම අනිවාර්යය වේ. මෙහිදී අමතනු ලබනුයේ භාරකරු හා ගෘහ මූලිකයාටය. එම තැනැත්තා ඔහු වෙනුවෙන් ද ඔහුගේ දරුවන් වෙනුවෙන් ද ඔහුගෙන් යැපෙන අය වෙනුවෙන් ද එය නිකුත් කළ යුතු වේ.

කුසේ සිටින දරු කළලය වෙනුවෙන් සකාතුල් ෆිත්ර් ඉටු කිරීම අනිවාර්යය වන්නේ නැත. නමුත් එය සතුටුදායක ක්‍රියාවකි.

සකාතුල් ෆිත්ර් හි නිකුත් කළ යුතු දෑ පැහැදිලි කිරීම. සැබැවින්ම එය විය යුත්තේ ජනතාව සුපුරුදු පරිදි පරිභෝජනය කරන ප්‍රධාන ආහාරයෙනි.

උත්සව සලාතයට පෙර එය නිකුත් කිරීම අනිවාර්යය වේ. වඩාත් උතුම් වනුයේ උත්සව දින සුබ්හු සලාතයේ එය නිකුත් කරනු ලැබීමය. උත්සවයට පෙර දිනකට හෝ දින දෙකකට පෙර එය නිකුත් කිරීමටද අවසරය ඇත.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (2/ 130) (1503).

සහීහ් මුස්ලිම් (2/ 679) (986).

තවත් බලන්න (6)

تيسير العلام.

لعبد الله البسام (ص309).

تنبيه الأفهام شرح عمدة الإحكام.

لابن عثيمين (3/ 406).

الإلمام بشرح عمدة الأحكام.

لإسماعيل الأنصاري (1/ 249).