“නුඹලා එකිනෙකාට ඊර්ෂ්‍යා නොකරන්න. නුඹලා එකිනෙකාට විරුද්ධව මිල වැඩි නොකරන්න. නුඹලා එකිනෙකාට වෛර නොකරන්න. නුඹලා එකිනෙකා පසුපස හැරී නොයන්න. කෙනෙකුගේ වෙළඳාමට එරෙහිව නුඹලා අතරින් කිසිවකු වෙළදාම් නොකළ යුතුයි. නුඹලා සහෝදරයන් ලෙසින් අල්ලාහ්ගේ ගැත්තන් වන්න
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
“නුඹලා එකිනෙකාට ඊර්ෂ්‍යා නොකරන්න. නුඹලා එකිනෙකාට විරුද්ධව මිල වැඩි නොකරන්න. නුඹලා එකිනෙකාට වෛර නොකරන්න. නුඹලා එකිනෙකා පසුපස හැරී නොයන්න. කෙනෙකුගේ වෙළඳාමට එරෙහිව නුඹලා අතරින් කිසිවකු වෙළදාම් නොකළ යුතුයි. නුඹලා සහෝදරයන් ලෙසින් අල්ලාහ්ගේ ගැත්තන් වන්න. මුස්ලිම්වරයා මුස්ලිම්වරයාගේ සහෝදරයෙකි. ඔහු ඔහුට අසාධාරණකම් කරන්නේ නැත. ඔහුව පහත් කරන්නේ නැත. ඔහුට අපහාස කරන්නේ නැත. තක්වා හෙවත් ශ්‍රද්ධාව මෙහි ඇත. එතුමා තුන් වරක් එතුමාගේ පපුව දෙසට සළකුණු කළේය. 'පුද්ගලයකු නපුරු වීමට තම සහෝදර මුස්ලිම්වරයාව අවතක්සේරු කිරීම ප්‍රමාණවත් වන්නේය. මුස්ලිම්වරයාගේ රුධිරය, දේපළ සහ ගෞරවය යනාදිය තවත් මුස්ලිම්වරයකුට තහනම්ය."
«لَا تَحَاسَدُوا، وَلَا تَنَاجَشُوا، وَلَا تَبَاغَضُوا، وَلَا تَدَابَرُوا، وَلَا يَبِعْ بَعْضُكُمْ عَلَى بَيْعِ بَعْضٍ، وَكُونُوا عِبَادَ اللهِ إِخْوَانًا الْمُسْلِمُ أَخُو الْمُسْلِمِ، لَا يَظْلِمُهُ وَلَا يَخْذُلُهُ، وَلَا يَحْقِرُهُ التَّقْوَى هَاهُنَا» وَيُشِيرُ إِلَى صَدْرِهِ ثَلَاثَ مَرَّاتٍ «بِحَسْبِ امْرِئٍ مِنَ الشَّرِّ أَنْ يَحْقِرَ أَخَاهُ الْمُسْلِمَ، كُلُّ الْمُسْلِمِ عَلَى الْمُسْلِمِ حَرَامٌ، دَمُهُ، وَمَالُهُ، وَعِرْضُهُ».
තම සහෝදර මුස්ලිම්වරයාට යහපත කරන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ උපදෙස් දුන්හ. එමෙන්ම ඔහුට කළ යුතු වගකීම්, විනයන් හා එවැනි දෑ ගැන ද පැහැදිලි කළහ. ඒවා අතරින්: පළමු උපදෙස: කෙනෙකු සතු ආශිර්වාදය අහිමි කරන්නට සිතමින් නුඹලා එකිනෙකාට ඊර්ෂ්‍යා නොකරන්න. දෙවැන්න: නුඹලා එකිනෙකාට විරුද්ධව මිල වැඩි නොකරන්න. එනම් මිලදී ගැනීමට අපේක්ෂා නොකර භාණ්ඩයේ වටිනාකම වැඩි කර එමඟින් හුදෙක් විකුණුම් කරුට වාසිය අපේක්ෂා කිරීම. එසේ නැතහොත් පාරිභෝගිකයාට අවාසිය ඇති කිරීම අපේක්ෂා කිරීම මින් අදහස් වේ. තුන්වැන්න: නුඹලා එකිනෙකාට වෛර නොකරන්න. එනම් ආදරය කිරීමට විරුද්ධව අනෙකාට හිංසා කිරීමට පෙළඹීමයි. නමුත් උත්තරීතර අල්ලාහ් විෂයයෙහි කෝප වන්නේ නම්, සැබැවින්ම එය විය යුත්තක් වන්නේය. සිව්වැන්න: නුඹලා එකිනෙකා පසුපස හැරී නොයන්න. එනම් ඔබ අතරින් සෑම කෙනෙකුම තම සහෝදරයාව ප්‍රතික්ෂේප කොට ඔහුව හෙළා දැකීමෙන් වළකින්න. පස්වැන්න: කෙනෙකුගේ වෙළඳාමට එරෙහිව නුඹලා අතරින් කිසිවකු වෙළදාම් නොකළ යුතුයි. එනම්, භාණ්ඩය මිලදී ගන්නාට, එයට වඩා අඩු මිලට මා ළඟ තිබේ යැයි හෝ එහි මිලට වඩා හොඳ මිලක් මට ලබා දිය හැකි යැයි හෝ පවසා තම සහෝදර ව්‍යාපාරිකයාට එරෙහිව ව්‍යාපාර කිරීමය. පසුව එතුමාණෝ සමස්ත උපදේශනයක් මෙසේ පවසා සිටියහ. ඉහත සඳහන් කළ තහනම් දෑ අත්හැර දමා නුඹලා සහෝදරයන් ලෙස සිටින්න. ආදරය, කරුණාව සෙනෙහස, මෛත්‍රිය, යහපත් කටයුතුවල දී සහය, පිසිරිසිදු හදවතින් හා සෑම අවස්ථාවකම උපදෙස් දෙමින් ඔවුන් වෙත ලබා දෙන්න. මෙම සහෝදරත්වයේ අවශ්‍යතා අතර: මුස්ලිම්වරයා තම සහෝදරයාට අපරාධ කරන්නේ නැත. සීමාව ඉක්මවා කටයුතු කරන්නේ නැත. තම සහෝදර මුස්ලිම්වරයාට අසාධාරණයක් සිදු නොකළ යුතුය. ඔහුට උපකාර කිරීමට හැකි සෑම අවස්ථාවන්හි ඔහුව තවතවත් පහත් නොකර ඔහුට ලක්ව ඇති අසාධාරණය ඔහුගෙන් ඉවත් කළ යුතුය. ඔහුට අපහාස කරන්නේ නැත. ඔහුව අවතක්සේරු කරන්නේ නැත. අපහාසාත්මක හා අවමන්සහගත බැල්මෙන් ඔහු දෙස බලන්නේ නැත. සැබැවින්ම එය හදවතේ ඇති අහංකාරය නිසාවෙන් ඇති වන්නකි. තක්වා හෙවත් ශ්‍රද්ධාව හදවත තුළ ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තුන් වරක්ම පෙන්වා දෙමින් පැහැදිලි කළහ. කවරෙකුගේ සිත තුළ යහපත් සදාචාරය, අල්ලාහ් පිළිබඳ බිය, ඔහු ගැන මතකය පවතින්නේ ද සැබැවින්ම ඔහු කිසිදු මුස්ලිම්වරයකුව අවතක්සේරු කරන්නේ නැත. පුද්ගලයකු දුෂටයකු වීමටත් ඔහු තුළ පහත් ගුණාංග පිහිටීමටත් තම සහෝදර මුස්ලිම්වරයා අවතක්සේරු කිරීම ප්‍රමාණවත් වන්නේය. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මුස්ලිම්වරයකුට තවත් මුස්ලිම්වරයකු සම්බන්ධයෙන් තහනම් වන කරුණු සහතික කර පැවසූහ. පළමුව ඔහුගේ රුධිරය, එනම් ඔහුව ඝාතනය කිරීමෙන් හෝ ඔහුට පහර දීම, තුවාල කිරීම වැනි දෙයකින් හෝ ඔහු සම්බන්ධව සීමාව ඉක්මවා කටයුතු කිරීමය. අනෙක ඔහුගේ දේපළ, එනම් කිසිදු යුක්තියකින් තොරව ඔහුගෙන් යමක් ගැනීමය. එමෙන්ම ගෞරවය. එනම්, ඔහු තුළ හෝ ඔහුගේ සිතුවිල තුළ ඔහුව අවමානයට පත් කිරීම ය.
දේව විශ්වාසය සහිත සහෝදරත්වය ගොඩ නගන දෑ පිළිබඳ නියෝග කිරීම. ඊට ප්‍රතිවිරුද්ධ ප්‍රකාශ හා ක්‍රියාවන්ගෙන් වැළැක්වීම.
හදවත තුළ තිබිය යුතු තක්වා හෙවත් ශ්‍රද්ධාවෙහි මූලය නම්, අල්ලාහ් පිළිබඳ දැනුම, ඔහුගේ බිය හා ඔහුගේ අධීක්ෂණය පිළිබඳ අවබෝධයයි. මෙම තක්වා හෙවත් ශ්‍රද්ධාව ඇති වනුයේ දැහැමි ක්‍රියාවන්හි නිරත වීමෙනි.
මතුපිටින් පෙනෙන අපගමනය හදවතේ දුර්වල භක්තිය පෙන්නුම් කරයි.
වචනයෙන් හෝ වේවා ක්‍රියාවෙන් හෝ වේවා කවර ක්‍රමයකින් හෝ වුව ද මුස්ලිම්වරයනුට හිංසා කිරීම තහනම්ය.
මුස්ලිම්වරයකු වෙනත් අයකු මෙන් වීමට ආශා කිරීම ඊර්ෂ්‍යාව නොවන්නේය. නමුත් අනෙක් අය සතුව ඇති දෑ අහිමි කිරීමට අපේක්ෂා නොකළ යුතුය. මෙය 'ගිබ්තා' නම් සතුටුදායක වේ. එය යහපත් කටයුතු වලදී තරඟකාරිත්වය සඳහා උපකාර කරන වලංගු ක්‍රියාවකි.
යහපත් කටයුතුවලදී කෙනෙකු තමන්ට වඩා ඉහළ යෑම ප්‍රිය නොකිරීම මිනිසාගේ සහජ ගතියකි. නමුත් අනෙකාට එය අහිමි විය යුතු යැයි ප්‍රිය කිරීම අවමන් සහගත ඊර්ෂ්‍යාවකි. ඔහු තරගකාරිත්වයට ප්‍රිය කරන්නේ නම් එය වලංගු සතුටුදායක ක්‍රියාවකි.
ව්‍යාපාරිකයා තම ව්‍යාපාර කටයුතුවලදී වංචා සහගත දුෂ්ඨ අයෙකි යැයි පාරිභෝගිකයාට පවසා සිටීම මුස්ලිම්වරයකු තම සහෝදරයාගේ ව්‍යාපාරයට එරෙහිව කටයුතු කිරීමක් ලෙස අදහස් කරන්නේ නැත. එය අත්‍යවශ්‍ය උපදෙසකි. නමුත් එය පාරිභෝගිකයාට උපදෙස් දීමේ චේතනාවෙන් මිස ව්‍යාපාරිකයාට හිංසා කිරීමේ චේතනාවෙන් නොවිය යුතුය. සියලුම ක්‍රියාවන් චේතනාවන් අනුව පිහිටනු ඇත.
ගනුදෙනු කරුවන් දෙදෙනා එකඟ නොවූයේ නම්, සහ මිල තීරණය කර නොමැත්තේ නම්, එවන් ගැනුම්කරුවෙක් සමග ව්‍යාපාර කිරීම තම සහෝදර මුස්ලිම්වරයාගේ ව්‍යාපාරයට එරෙහිව සිදු කරන ව්‍යාපාරයක් ලෙස නොසැළකේ.
හදීසයේ සඳහන් ව ඇති තහනම් කරන ලද කෝපය හා ක්‍රෝධය අතරට අල්ලාහ් සම්බන්ධයෙන් කෝප වීම ඇතුළත් වන්නේ නැත. එසේ අල්ලාහ් සම්බන්ධයෙන් කෝප වීම අනිවාර්යය කටයුත්තකි. එය දේව විශ්වාසයේ ශක්තිමත්ම බැඳීම්වලින් එකකි.
සහීහ් මුස්ලිම් (4/ 1986) (2564).
තවත් බලන්න (8)
التحفة الربانية في شرح الأربعين حديثًا النووية.
لإسماعيل الأنصاري (ص79).
شرح الأربعين النووية.
لابن عثيمين (ص339).
فتح القوي المتين في شرح الأربعين وتتمة الخمسين.
النووي وابن رجب (ص118).
الأحاديث الأربعون النووية وعليها الشرح الموجز المفيد.
لعبد الله المحسن (ص67).
පොත්වල උපුටා දක්වා ඇත
9 පොත්තවත් බලන්න (9)
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 7«بحَسْبِ امْرئٍ منَ الشَّرِّ أن يُحَقِّرَ أخَاهُ المُسلمَ».
- قاموس الكبائر موسوعة الكبائر - المجموعة الأولى«المُسْلِمُ أَخُو المُسْلِمِ، لَا يَظْلِمُهُ وَلَا يَخْذُلُهُ، وَلَا يَحْقِرُهُ، التَّقْوَى هَاهُنَا -وَيُشِيرُ إِلَى صَدْرِهِ ثَلَاثَ مَرَّاتٍ- بِحَسْبِ امْرِئٍ مِنَ الشَّرِّ أَنْ يَحْقِرَ أَخَاهُ المُسْلِمَ، كُلُّ المُسْلِمِ عَلَى المُسْل
- قاموس الكبائرموسوعة الكبائر - المجموعة الثانية«كُلُّ المُسْلِمِ عَلَى المُسْلِمِ حَرَامٌ، دَمُهُ، وَمَالُهُ، وَعِرْضُهُ» [133].
- قاموس الكبائر«المُسْلِمُ أَخُو المُسْلِمِ، لَا يَظْلِمُهُ وَلَا يَخْذُلُهُ، وَلَا يَحْقِرُهُ، التَّقْوَى هَاهُنَا -وَيُشِيرُ إِلَى صَدْرِهِ ثَلَاثَ مَرَّاتٍ- بِحَسْبِ امْرِئٍ مِنَ الشَّرِّ أَنْ يَحْقِرَ أَخَاهُ المُسْلِمَ، كُلُّ المُسْلِمِ عَلَى المُسْل
- مباحث في أصول الدين1«لا تحاسدوا، ولا تناجشوا، ولا تباغضوا، ولا تدابروا، ولا يبع بعضكم على بيع بعض، وكونوا عباد الله إخوانا، المسلم أخو المسلم، لا يظلمه، ولا يخذله، ولا يحقره. التقوى ها هنا -ويشير إلى صدره ثلاث مرات- بحسب امرئ من الشر أن يحقر أخاه المسلم، كل ال
- مجموعة زاد التربية الإسلامية (3)، والسيرة النبوية (3)التربية الإٍسلامية -3- «بِحَسْبِ امْرِئٍ مِنَ الشَّرِّ أَنْ يَحْقِرَ أَخَاهُ الْمُسْلِمَ»
- مجموعة زاد الفقه (4)«لا يَبِعْ بَعْضُكُمْ على بَيْعِ بَعْضٍ».
- مشروع منهاج زادكزادك معلم 3« لَا يَبِعْ بَعْضُكُمْ عَلى بَيْعِ بَعْضٍ»،
- مشروع منهاج زادكزادك 3 طالب نهائي«لَا يَبِعْ بَعْضُكُمْ عَلى بَيْعِ بَعْضٍ»