Skip to content

සැබැවින්ම මිනිසෙකු අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් ‘අවසන් හෝරාව කවදා දැ?‘යි විමසා සිටියේය. එතුමාණෝ: ‘ඔබ ඒ සඳහා සූදානම් කර ඇත්තේ කුමක්දැ?‘ යි ඔහුගෙන් විමසුහ

අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:

සැබැවින්ම මිනිසෙකු අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් ‘අවසන් හෝරාව කවදා දැ?‘යි විමසා සිටියේය. එතුමාණෝ: ‘ඔබ ඒ සඳහා සූදානම් කර ඇත්තේ කුමක්දැ?‘ යි ඔහුගෙන් විමසුහ. ඔහු: ‘අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට මා ආදරය කිරීම හැර වෙනත් කිසිවක් නැත' යැයි පවසා සිටියේය. එතුමා: “ඔබ ප්‍රිය කළ අය සමග ම ඔබ වනු ඇත" යැයි පැවසූහ. අනස් තුමා මෙසේ පැවසීය: "ඔබ ප්‍රිය කළ අය සමග ම ඔබ වනු ඇත" යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කළ ප්‍රකාශයෙන් අපි සතුටු වූ තරමට වෙනත් කිසිවකින් අපි සතුටු වූයේ නැත. තවදුරටත් අනස් තුමා මෙසේ පැවසීය. "එහෙයින් මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ටත් අබූ බක්ර් හා උමර් තුමාණන්ලා හටත් ආදරය කරමි. ඔවුන් කළ ඔවුන්ගේ ක්‍රියාවන් හා සමානව මා ක්‍රියා කර නො තිබුණ ද ඔවුන් කෙරෙහි මා ආදරය කර ඔවුන් සමග මාද වන්නට මම ප්‍රිය කරමි."

أَنَّ رَجُلًا سَأَلَ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ السَّاعَةِ، فَقَالَ: مَتَى السَّاعَةُ؟ قَالَ: «وَمَاذَا أَعْدَدْتَ لَهَا». قَالَ: لاَ شَيْءَ، إِلَّا أَنِّي أُحِبُّ اللَّهَ وَرَسُولَهُ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فَقَالَ: «أَنْتَ مَعَ مَنْ أَحْبَبْتَ». قَالَ أَنَسٌ: فَمَا فَرِحْنَا بِشَيْءٍ، فَرِحْنَا بِقَوْلِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «أَنْتَ مَعَ مَنْ أَحْبَبْتَ» قَالَ أَنَسٌ: فَأَنَا أُحِبُّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَبَا بَكْرٍ، وَعُمَرَ، وَأَرْجُو أَنْ أَكُونَ مَعَهُمْ بِحُبِّي إِيَّاهُمْ، وَإِنْ لَمْ أَعْمَلْ بِمِثْلِ أَعْمَالِهِمْ.

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

කාන්තාරයේ විසූ ගැමි අරාබි මිනිසකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් අවසන් හෝරාව ක්‍රියාත්මක වන වේලාව ගැන විමසා සිටියේය. එවිට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්)තුමාණෝ ඔහුගෙන්: ‘ඔබ ඒ සඳහා සූදානම් කර ඇත්තේ කුමක්දැ?‘යි විමසා සිටියහ. විමසා සිටි එම තැනැත්තා: ‘අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට මා ආදරය කිරීම හැර ලොකුවට වෙනත් කිසිවක් මා සූදානම් කර නැත' යැයි පවසා සිටියේය. ඒ හැර ඔහු සිත, ශරීරය හා මුදල් හා බැඳුණු වෙනත් කිසිදු නැමදුමක් සඳහන් කළේ නැත. හේතුව ඒ සියල්ල ආදරය මත පෙළ ගැසුණු එහි ශාඛාවන් පමණක් වන බැවිනි. එමෙන්ම සැබෑ ආදරය දැහැමි ක්‍රියාවන්හි නිරත වීමට දිරිමත් කරන බැවිනි. එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ: “සැබැවින්ම ඔබ ප්‍රිය කළ අය සමග ම ඔබ ස්වර්ගයේ සිටිනු ඇත" යැයි පැවසූහ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ මෙම ශුභාරංචිය තුළින් එතුමාණන්ගේ අනුගාමිකයෝ ඉමහත් සේ සතුටු වූහ. පසුව අනස් තුමා, තමන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හටත් අබූ බක්ර් හා උමර් තුමාණන්ලා හටත් ආදරය කරන බවත් ඔවුන් කළ ඔවුන්ගේ ක්‍රියාවන් හා සමානව තමන් ක්‍රියා කර නො තිබුණ ද ඔවුන් සමග සිටීමට තමන් ප්‍රිය කරන බවත් දන්වා සිටියේය.

හදීසයෙන් උගත හැකි පාඩම්

විමසන්නාට පිළිතුරු දීමේ දී අල්ලාහ්ගේ දූතයාණන්ගේ ප්‍රඥාව වූයේ ඔහුව මුදවා ගන්නා, ඔහුට වඩාත් වැදගත් වන දෑ පෙන්වා දෙමින් කරුණු පැහැදිලි කිරීමය. එනම් මතුලොව වෙනුවෙන් ප්‍රයෝජනවත් වන දෑ හා දැහැමි ක්‍රියාවන් තුළින් සූදානම් වීම ය.

අවසන් හෝරාව අල්ලාහ් ගැත්තන්ගෙන් සඟවා ඇත. එසේ සඟවා ඇත්තේ පුද්ගලයකු අල්ලාහ්ගේ හමුව වෙනුවෙන් සූදානමින් හා සූදානම් වෙමින් රැඳී සිටිනු පිණිස ය.

අල්ලාහ් කෙරෙහි හා ඔහුගේ දූතයාණන් හා දැහැමි මුඃමින්වරුන් කෙරෙහි ආදරය කිරීමේ මහිමය හා දෙවියන්ට ආදේශ තබන්නන් හට ආදරය කිරීමේ අවවාදය.

"ඔබ ප්‍රිය කළ අය සමග ම ඔබ වනු ඇත" යන සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ ප්‍රකාශයෙන් තරාතිරමින් හා නිලයෙන් ඔවුනට සමාන වීම අදහස් කරන්නේ නැත. ඉන් අදහස් කරන්නේ දුරින් සිටියද මතුලොවෙහි ඔවුන්ගෙන් සෑම කෙනෙකුවම දකින්නට හැකි පරිදි ස්වර්ගයේ ඔවුන් සමග වීම ය.

වඩාත් ප්‍රයෝජනවත් හා වඩාත් ධර්මිෂ්ඨ ක්‍රියාවන් හි නිරත වීමටත්, තමන්ට ප්‍රයෝජනවත් නොවන දෑ ගැන විමසා සිටීම අත්හැර දැමීමටත් මග පෙන්වීම.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (5/ 12) (3688).

සහීහ් මුස්ලිම් (4/ 2032) (2639).

තවත් බලන්න (8)

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (1/ 435).

كنوز رياض الصالحين.

لمجموعة من الباحثين (6/ 177).

المعجم الأوسط.

للطبراني (1/ 131).

نزهة المتقين شرح رياض الصالحين.

لمجموعة من الباحثين (1/ 342).