එනම්: “සැබැවින්ම ජනයා අපරාධකරුවකු දුටු විට, ඔහුගේ අතින් අල්ලා නොගත්තේ නම්, ඔහු හේතුවෙන් අල්ලාහ් ඔවුන් (සියල්ලට) දඬුවම පොදු කරන්නට පුළුවන.”
අබූ බක්ර් අස්-සිද්දීක් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. "අහෝ ජනයිනි! සැබැවින්ම නුඹලා, (අල් මාඉදා හි) 'අහෝ විශ්වාස කළවුනි! නුඹලාව ආරක්ෂා කර ගැනීම නුඹලා සතු කාර්යයකි. නුඹලා යහමඟ ගමන් ගත්තෙහු නම් නොමඟ ගියවුන් නුඹලාට හානි සිදු නොකරනු ඇත...' යන (105 වැනි) පාඨය කියවමින් සිටින්නෙහුය. සැබැවින්ම මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට සවන් දී ඇත්තෙමි."
එනම්: “සැබැවින්ම ජනයා අපරාධකරුවකු දුටු විට, ඔහුගේ අතින් අල්ලා නොගත්තේ නම්, ඔහු හේතුවෙන් අල්ලාහ් ඔවුන් (සියල්ලට) දඬුවම පොදු කරන්නට පුළුවන.”
«إِنَّ النَّاسَ إِذَا رَأَوْا الظَّالِمَ فَلَمْ يَأْخُذُوا عَلَى يَدَيْهِ أَوْشَكَ أَنْ يَعُمَّهُمُ اللَّهُ بِعِقَابٍ مِنْهُ».
ජනයා මෙම පාඨය කියවමින් සිටි බව අබූ බක්ර් සිද්දීක් (රළියල්ලාහු අන්හු) විසින් දන්වා සිටියි. “අහෝ විශ්වාස කළවුනි! නුඹලාව ආරක්ෂා කර ගැනීම නුඹලා සතු කාර්යයකි. නුඹලා යහමඟ ගමන් ගත්තෙහු නම් නොමඟ ගියවුන් නුඹලාට හානි සිදු නොකරනු ඇත...” (අල්-මාඉදා: 105) මෙම පාඨයෙන් ඔවුන් වටහාගත් කරුණ වනුයේ, සැබැවින්ම මිනිසා ඔහුව විධිමත් කර ගැනීමේ පමණක් වෙහෙස දැරිය යුතු බවත් ඉන්පසු නොමග ගිය අයගේ නොමඟ යෑම ඔහුට හානියක් නොවන බවත් යහපත නියෝග කරන මෙන් හෝ අයහපතින් වැළක්වාලන මෙන් හෝ ඔවුන්ගෙන් පතනු නොලබන බවත්ය. එය එසේ නොවන බව එතුමා ඔවුන් දැනුම්වත් කළේය. සැබැවින්ම, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව ද මෙසේ දන්වා සිටියහ. සැබැවින්ම මිනිසුන් අපරාධකරුවකු දුටු විට, ඔහුව එයින් වැක්වීමට ඔවුනට බලය තිබිය දීත්, ඔවුන් ඔහුව ඔහුගේ අපරාධයෙන් නොවැළැක්වූයේ නම්, ඔහු ඉදිරියේ අපරාධ කරන්නා හා ඒ ගැන නිහඬව සිටින්නා යන සියලු දෙනාටම අල්ලාහ් දඬුවම් කරනු ඇත.
එකිනෙකා අතර උපදෙස් දීම, යහපත විධානය කිරීම හා අයහපතින් වැළැක්වීම මුස්ලිම්වරුන්ගේ වගකීම වේ.
අල්ලාහ්ගේ පොදු දඬුවම අපරාධකරුට තම අපරාධය හේතුවෙන් එම දඬුවම ඔහුව ආවරණය කරන අතරම තමන්ට වැළැක්වීමට හැකියාව තිබියදීත් එය නො වළක්වා නිහඩව සිටින්නා ව ද එය ආවරණය කරනු ඇත.
පොදු ජනතාවට ඉගැන්වීම හා අල් කුර්ආනීය පාඨ නිවැරදි අයුරින් ඔවුනට වටහා දීම.
සර්වබලධාරී අල්ලාහ්ගේ ග්‍රන්ථය වටහා ගැනීම සඳහා මිනිසා සැළකිලිමත් විය යුතුය. එය කෙතරම් දුරටද යත්, උත්තරීතර අල්ලාහ් අපේක්ෂා කළ දෑ හැර වෙනත් කිසිවක් වටහා නොගත්ත ද ඒ ගැන සැලකිලිමත් විය යුතුය.
යහපත විධානය කිරීමේ හා අයහපත වැළැක්වීමේ නියෝගය අත්හැර දැමුවහොත්, යහමග ලැබීම සාක්ෂාත් වන්නේ නැත.
එම පාඨයට නිවැරදි විග්‍රහය වන්නේ: පාපකම් කිරීමෙන් ඔබව ආරක්ෂා කර ගන්න. ඔබව ආරක්ෂා කර ගත්තේ නම්, යහපත විධානය කිරීමේ හා අයහපත වැළැක්වීමේ නියෝගය ඉටු කිරීමට ඔබ අපොහොසත් වුව ද, නොමග ගියවුන් වැළැක්වූ වරදක් සිදු කරමින් නොමඟ ගිය ද, ඔබ එයින් වැළකී සිටීමට ඔබට හැකි වී නම්, එවිට ඔවුන්ගේ නොමඟ යෑම කිසිවිටෙක ඔබට හානියක් සිදු කරන්නේ නැත.
සුනන් අත් තිර්මිදි (4/ 40) (2168).
සුනන් අබූ දාවූද් (6/ 393) (4338).
අල්-නසාඊ තුමාගේ සුනන් අල්-කුබ්රා (10/ 88) (11092).
සුනන් ඉබ්නු මාජහ් (5/ 139) (4005).
මුස්නද් අහ්මද් (1/ 197) (16).
තවත් බලන්න (8)
بهجة الناظرين شرح رياض الصالحين.
لسليم الهلالي (1/ 286).
كنوز رياض الصالحين.
مجموعة من الباحثين (4/ 126).
شرح رياض الصالحين.
لابن عثيمين (2/ 454).
نزهة المتقين شرح رياض الصالحين.
لمجموعة من الباحثين (1/ 218).
පොත්වල උපුටා දක්වා ඇත
3 පොත්තවත් බලන්න (3)
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 2«إنَّ النَّاسَ إذَا رَأوُا الظَّالِمَ، فَلَمْ يَأْخُذُوا عَلَىٰ يَدَيْهِ أَوْشَكَ أَنْ يَعُمَّهُمُ اللهُ بِعِقَابٍ مِنْهُ».
- قاموس الكبائرموسوعة الكبائر - المجموعة الثانية«إِنَّ النَّاسَ إِذَا رَأَوْا ظَالِمًا، فَلَمْ يَأْخُذُوا عَلَى يَدَيْهِ أَوْشَكَ أَنْ يَعُمَّهُمُ اللَّهُ بِعِقَابٍ مِنْهُ» [145].
- نبراس طالب (2)نبراس طالب (2) «إِنَّ النَّاسَ إِذَا رَأَوْا ظَالِمًا، فَلَمْ يَأْخُذُوا عَلَى يَدَيْهِ أَوْشَكَ أَنْ يَعُمَّهُمُ اللَّهُ بِعِقَابٍ مِنْهُ»