“නියත වශෙයන්ම බොරු යැයි පෙනෙන්නට ඇති යම් ප්‍රකාශයක් සම්බන්ධයෙන් එය මා විසින් වාර්තා කරනු ලැබූවක් බව පවසන්නා මුසාවාදීන් අතුරින් කෙනෙකු වේ.”
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව සමුරා ඉබ්නු ජුන්දුබ් සහ මුගීරා ඉබ්නු ෂුඃබා (රළියල්ලාහු අන්හුමා) තුමාණන් විසින් මෙසේ වාර්තා කරන ලදී:
“නියත වශෙයන්ම බොරු යැයි පෙනෙන්නට ඇති යම් ප්‍රකාශයක් සම්බන්ධයෙන් එය මා විසින් වාර්තා කරනු ලැබූවක් බව පවසන්නා මුසාවාදීන් අතුරින් කෙනෙකු වේ.”
«مَنْ حَدَّثَ عَنِّي بِحَدِيثٍ يُرَى أَنَّهُ كَذِبٌ، فَهُوَ أَحَدُ الْكَاذِبِينَ».
යම් ප්‍රකාශයක් බොරුවක් බව දැන දැනම හෝ ඒ ගැන අනුමාන කරමින් හෝ එසේත් නැතහොත් එම අනුමානය ඉක්මවා යන්නක් බව දැන දැනම හෝ එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් නිකුත් කළ ප්‍රකාශයක් යැයි කවරෙකු පවසා සිටින්නේ ද එය වාර්තා කළ තැනැන්තා එම බොරුව ආරම්භ කළ තැනැත්තා සමග හවුල් වනු ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් කරන ලද ප්‍රකාශ සහතික කර ගැනීම. එය වාර්තා කිරීමට පෙර එහි නිවැරදි භාවය ගැන තහවුරු කර ගැනීම.
බොරු කීමේ ලක්ෂණය: බොරු ගොතන, එය සම්ප්‍රේණය කිරීමෙහි නිරතවන, ජනයා අතර එය පතුරුවාලන සෑම කෙනෙකු හටම අදාළ වේ.
ගොතන ලද හසීසයක් හෝ තමන් එය ගොතන ලද හදීසයක් බව අනුමානය කළ හදීසයක් වාර්තා කිරීම කහනම් වේ. ඒ ගැන අවවාද කිරීම පිණිස වාර්තා කිරීම ඔහුට තහනම් නොවන්නේය.
සහීහ් මුස්ලිම් (1/ 8).