වැන්දඹුවන් සහ දුප්පතුන් හට උපකාර කිරීම සඳහා කැප වන තැනැත්තා, අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරන්නා හා සමාන වේ. එසේ නැතහොත් රාත්‍රියේ නැමදුමෙහි නිරත ව, දහවල් කාලයේ උපාවසයේ නිරත වන තැනැත්තා හා සමාන වේ
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"වැන්දඹුවන් සහ දුප්පතුන් හට උපකාර කිරීම සඳහා කැප වන තැනැත්තා, අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරන්නා හා සමාන වේ. එසේ නැතහොත් රාත්‍රියේ නැමදුමෙහි නිරත ව, දහවල් කාලයේ උපාවසයේ නිරත වන තැනැත්තා හා සමාන වේ."
«السَّاعِي عَلَى الأَرْمَلَةِ وَالمِسْكِينِ، كَالْمُجَاهِدِ فِي سَبِيلِ اللَّهِ، أَوِ القَائِمِ اللَّيْلَ الصَّائِمِ النَّهَارَ».
තම සැමියා මිය ගිය කාන්තාවකගේ යහපත උදෙසා, ඇයගේ කටයුතු ක්‍රියාත්මක කිරීමට කිසිවකු නොවෙතොත් ඇය වෙනුවෙන් හා අවශ්‍යතා ඇති දුප්පතුන් වෙනුවෙන් කෙනෙක් ක්‍රියාත්මක වන්නේ ද එමෙන්ම උත්තරීතර අල්ලාහ් අභියසින් කුසල් බලාපොරොත්තු වෙමින් ඔවුන් වෙත වියදම් කරන්නේ ද ඔහු අල්ලාහ්ගේ මාර්ගයේ කැප වී කටයුතු කරන්නෙකු හෝ වෙහෙසක් නොසිතා රාත්‍රි කාල සලාතයේ නිරත වී, උපවාසය කඩ නොකළ අයකු හා සමාන වන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටියි.
...:
අසරණයින්ගේ අවශ්‍යතා සපුරාලීම, අන්‍යොන්‍යව කටයුතු භාර ගැනීම සහ එකිනෙකාට උදව් කිරීම සඳහා උනන්දු කරවීම.
නැමදුම යනු සියලුම දැහැමි කටයුතු ආවරණය කරන්නකි. වැන්දඹුවන් හා දුගියන් සම්බන්ධව කටයුතු කිරීම ද නැමදුම් අතරින් එකකි.
ඉබ්නු හුබෙයිරා තුමා මෙසේ පවසයි: සැබැවින්ම අල්ලාහ් ඔහුට, උපවාසය නියැලෙන, රාත්‍රියේ සලාතය ඉටු කරන, දිවි පරදුවට තබා කැපවන අයගේ කුසල් එකවර හිමි කර දෙන බවයි. එය වැන්දඹුවකගේ ස්වාමිපුරුෂයාගේ ස්ථානයේ සිට ඔහු ඇය රැකබලා ගන්නා බැවින් ද තමන් විසින් ස්වයංව නැගිටිය නොහැකි දුගී දුප්පතුන්ගේ කටයුතු සොයා බලා තම ආහාරයෙන් කොටසක් වියදම් කරන බැවින් ද තම ශරීරයෙන් කොටසක් කැප කරන බැවින් ද වේ. එහෙයින් ඔහුගේ ප්‍රතිඵලය උපවාසයට, රාත්‍රියේ නැමදුම් ඉටු කිරීමට, හා කැපවීමට සමාන වනු ඇත.
සහීහුුල් බුහාරි (7/ 62) (5353).
සහීහ් මුස්ලිම් (4/ 2286) (2982).
තවත් බලන්න (9)
بهجة الناظرين شرح رياض الصالحين.
لسليم بن عيد الهلالي (1/ 351).
تطريز رياض الصالحين.
لفيصل بن عبد العزيز المبارك (ص198).
رياض الصالحين (ص107) (265).
شرح رياض الصالحين.
لابن عثيمين (3/ 99).
نزهة المتقين شرح رياض الصالحين.
لمجموعة من الباحثين (275).