සැබැවින්ම අන්තවාදියෝ විනාශ වූවෝය
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පැවසූ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
"සැබැවින්ම අන්තවාදියෝ විනාශ වූවෝය." මෙය තුන්වරක්ම පවසා සිටියහ.
«هلك المُتَنَطِّعُون» قالها ثلاثًا.
තම ආගම හා තම ලෞකික කටයුතුවල දී ද, තම ප්‍රකාශවල හා ක්‍රියාවල දී ද -කිසිදු මඟපෙන්වීමකින් හා දැනුමකින් තොරව- අන්තවාදී ලෙස කටයුතු කරන්නන්ගේ විනාශය හා අලාභය ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙහි දන්වා සිටියි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ගෙන ආ ආගමික සීමාවන් ඉක්මවා යන්නෝ මොවුහුය.
....:
අන්තවාදය සහ සියලු කාරණාවලදී බලපෑම් කිරීම, තහනම් කිරීම, සෑම කටයුත්තකදීම එය වළක්වා ගැනීම සඳහා දිරි ගැන්වීම. විශේෂයෙන්ම නැමදුම් සහ ධාර්මිකයින් මහිමයට පත් කිරීමේ දී ප්‍රවේසම් විය යුතුය.
නැමදුම්වල දී හා ඒ හැර වෙනත් කටයුතුවල දී පූර්ණත්වය පැතීම ප්‍රශංසනීය කරුණකි. එය ෂරීආ නීතිය අනුගමනය කිරීමෙන් විය යුතුය.
වැදගත් කරුණු සහතික කිරීම සතුටුදායකය. හේතුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙම ප්‍රකාශය තුන්වරක්ම පවසා ඇත.
ඉස්ලාමයේ උතුම්භාවය සහ එහි පහසුව.
සහීහ් මුස්ලිම් (4/ 2055) (2670).
තවත් බලන්න (4)
الجديد في شرح كتاب التوحيد.
للقرعاوي (ص180).
الملخص في شرح كتاب التوحيد.
لصالح الفوزان (ص167).
පොත්වල උපුටා දක්වා ඇත
4 පොත්තවත් බලන්න (4)
- حراسة التوحيدإقامة البراهين على حكم من استغاث بغير الله«هَلَكَ المُتَنَطِّعُونَ» قَالَهَا ثَلَاثًا.
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 1 «هَلَكَ الْمُتَنَطِّعُونَ» قَالَهَا ثَلاَثاً.
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 8«هَلَكَ المُتَنَطِّعُونَ» قَالَهَا ثَلاثاً.
- مجموعة زاد الحديث(2)1«هلك المتنطعون - قالها ثلاثا»