Skip to content

(දේවත්වය විශ්වාස කරන) මුඃමින්වරයා තම යහපත් ගුණාංග තුළින් රාත්‍රියේ නැගිට නැමදුම් කරන, උපවාසය රකින අයකුගේ නිලය ලබනු ඇත

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී.

"(දේවත්වය විශ්වාස කරන) මුඃමින්වරයා තම යහපත් ගුණාංග තුළින් රාත්‍රියේ නැගිට නැමදුම් කරන, උපවාසය රකින අයකුගේ නිලය ලබනු ඇත."

«إنَّ المُؤْمِنَ ليُدرِكُ بِحُسْنِ خُلُقِهِ دَرَجَةَ الصَّائِمِ القَائِمِ».

අබූ දාවූද් සහ අහ්මද් එය වාර්තා කර ඇත.
එය අනු සාධක හරහා පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

සැබැවින්ම යහපත් ගුණාංග, අදාළ පුද්ගලයාව අඛණ්ඩව දහවල් කාලයේ උපවාසයේ නිරත වන රාත්‍රියේ නැගිට නැමදුම් ඉටු කරන තැනැත්තාගේ නිලයට ළඟා කරවනු ඇත. යහපත් ගුණාංගවල එකතුව වනාහි: දැහැමි ලෙස ආශ්‍රය කිරීම, යහපත් කතාව, ප්‍රසන්නවත් මුහුණ, නපුරුකම් වැළැක්වීම හා ජනයාගෙන් එය ඉවත් කිරීම යනාදියයි.

වචනාර්ථ

....:

හදීසයෙන් උගත හැකි පාඩම්

සදාචාරයේ මහිමය සහ පරිපූර්ණත්වය සඳහා ඉස්ලාම් දක්වන සැලකිල්ලේ තරම.

සදාචාරයේ මහිමය; එය කෙතරම් ද යත් උපවාසය කඩ නොකරන උපවාස ශීලය රකින්නකුගේ හා නැමදුම්වල දී වෙහෙසට පත් නොී ඒවායෙහි නිරත වන්නකුගේ තත්ත්වය ගැත්තා එමගින් ලබනු ඇත.

දහවල් කාලයේ උපවාසයේ නිරත වීම හා රාත්‍රි කාලයේ නැමදුම් කිරීම මහඟු ක්‍රියාවන් දෙකකි. ඒවායෙහි ආත්මයට වෙහෙසක් ඇත. යහපත් හැසිරීම් තුළින් තම ආත්මය කැප කරන බැවින් එවන් යහපත් හැසිරීම් ඇති උදවිය එම මහඟු ක්‍රියා දෙකෙහි නිලය ලබනු ඇත.

මූලාශ්‍ර

සුනන් අබූ දාවූද් (7/ 176) (4798).

මුස්නද් අහ්මද් (40/ 414) (24355).

තවත් බලන්න (6)

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (1/ 675).

تطرز رياض الصالحين.

لفيصل آل مبارك (ص411).

مشكاة المصابيح.

لمحمد العمري (3/ 1409).