Skip to content

කාන්තාවක් තම පාලකයා බවට පත් කරගන්නා ජනතාවක් කිසිදා සාර්ථක නොවනු ඇත

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කරමින් සිටි ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් අබූ බක්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.

"කාන්තාවක් තම පාලකයා බවට පත් කරගන්නා ජනතාවක් කිසිදා සාර්ථක නොවනු ඇත."

«لَنْ يُفْلِحَ قَوْمٌ وَلَّوْا أَمْرَهُمُ امْرَأَةً».

බුහාරි එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

තීන්දු තීරණ ගැනීම, පොදු පාලනය හා අමාත්‍ය ධූර යනාදී කටයුතු කාන්තාවකට භාර දී ඇයට අධිකාරිය ලබා දෙන්නේ නම්, එවන් ජනතාවක් තමන් සොයන දේ සාක්ෂාත් කර නොගන්නා බව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ.

හදීසයෙන් උගත හැකි පාඩම්

කාන්තාවන් නායකත්ව තනතුරු සඳහා හෝ මිනිසුන් අතර විනිශ්චය කිරීමට හෝ එවැනි අනෙකුත් අධිකාරී කටයුතු සඳහා සුදුසුකම් නොලබයි. නමුත් වක්ෆ් හෙවත් භාරයන් සම්බන්ධව භාරකාරත්වය දැරීම, අනාථ දරුවන් හෝ පාසලක කළමනාකරණත්වය වැනි පෞද්ගලික කාරණා සඳහා අවසර ඇත.

කාන්තාවන්ගේ දුර්වලතාවය, ඔවුන් පිරිමින් සමඟ පොදු කටයුතුවලට සහභාගී නොවන බවත්, එවැනි තනතුරුවලට ඔවුන් පත් කිරීම අසාර්ථක වීමට හේතුවක් බවත් පැහැදිලි කිරීම.

අල්ලාහ් කාන්තාව මවා, පුරුෂයාගේ ස්වභාවයට වඩා වෙනස් ස්වභාවයක් ඇයට ලබා දී ඇත. කාන්තාවකගේ විශේෂ ස්වභාවය නිසා ඇයට කිරීමට නුසුදුසු දේවල් තිබෙනවා සේම පිරිමියෙකුට ඔහුගේ විශේෂ ස්වභාවය නිසා ඔහුට කිරීමට නුසුදුසු දේවල් ද තිබේ.

'ලා යුෆ්ලිහු' (සාර්ථක නොවනු ඇත) යන පදයේ ෆලාහ් නම් අරාබි පදය ආගමානුකූල අර්ථයෙන් ගත් කළ, මෙලොව සහ පරලොව යහපත සාක්ෂාත් කර ගැනීමට නොහැකි වීම යන අදහස එය ගෙන දෙයි. රාජ්‍යයේ බලය හෝ රාජධානියේ සමුද්ධිය තිබීමෙන්, එහි ජනතාව අනිවාර්යයෙන්ම අල්ලාහ්ගේ තෘප්තියට නතු වූවන් බවට පත්වේ යැයි කිය නොහැක. මන්ද, කෙනෙකු හෝ ජන සමූහයක් ලෝකීය ආශීර්වාද සහ සුවපහසු ජීවිතයක් භුක්ති විඳිමින් සිටිය ද, ඔවුන් අල්ලාහ්ගෙන් දුරස්ව සිටිය හැකි බැවිනි.

මෙම හදීසයේ ප්‍රකාශය කාන්තාවන් පහත් කොට සලකන්නේ නැත, ඒ වෙනුවට ඔවුන්ගේ හැකියාවන්ට අනුව ඔවුන්ට සුදුසු ආකාරයෙන් මඟ පෙන්වයි.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (6/ 8) (4425).

තවත් බලන්න (13)

عمدة القاري شرح صحيح البخاري.

لبدر الدين العيني (14/ 210).

أعلام الحديث (شرح صحيح البخاري) لأبي سليمان الخطابي (3/ 1787).

توضيح الأحكام مِن بلوغ المرام.

لعبد الله البسام (7/ 183).

فتح ذي الجلال والإكرام شرح بلوغ المرام.

لابن عثيمين (2/ 268).

منحة العلام في شرح بلوغ المرام.

لعبد الله الفوزان (3/ 441).

ذخيرة العقبى في شرح المجتبى.

للولوي (1/ 82).

كشف المشكل من حديث الصحيحين.

لابن الجوزي (2/ 16).