Skip to content

ඔබ අතර සිටින දුබලයින්ගෙන් හැර ඔබ උදව් කරනු ලබන්නෙහු ද, පෝෂණය කරනු ලබන්නෙහු ද?

මුස්අබ් ඉබ්නු සඃද් තුමා විසින් මෙසේ පවසන ලදී. "තමන්ට පහළින් සිටින උදවියට වඩා උසස්කමක් තමන් හට ඇති බව සඃද් (රළියල්ලාහු අන්හු) තුමා දුටුවේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ":

"ඔබ අතර සිටින දුබලයින්ගෙන් හැර ඔබ උදව් කරනු ලබන්නෙහු ද, පෝෂණය කරනු ලබන්නෙහු ද?"

«هَلْ تُنْصَرُونَ وَتُرْزَقُونَ إِلَّا بِضُعَفَائِكُمْ».

බුහාරි එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

සඃද් ඉබ්නු අබී වක්කාස් (රළියල්ලාහු අන්හු) තුමා ඔහුුගේ වීරත්වය හා එවැනි කරුණු හේතුකොට ගෙන දුර්වල අයට වඩා තමන්ට උසස්කමක් ඇති බව සිතුවේය. එවිට (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ. "දුබලයින්ගේ ප්‍රාර්ථනාවන්, ඔවුන්ගේ සලාතයන් හා ඔවුන්ගේ අවංකකමින් තොරව ඔබ උදව් ලබන්නෙහු ද? පෝෂණය කරනු ලබන්නෙහු ද? ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ප්‍රාර්ථනාවෙහි දැඩි අවංකභාවයකින් යුත්තෝ වෙති. මෙලොව අලංකාරයෙන්ගෙන් බැදී සිටීමෙන් ඔවුන්ගේ හදවත් හිස් ව ඇති බැවින් නැමදුමෙහි වඩාත් භක්තිමත් වූවෝ වෙති."

හදීසයෙන් උගත හැකි පාඩම්

නිහතමානීකම ගැන උනන්දු කිරීම හා අන් අයට වඩා තමා උසස් බව සිතීමෙන් වැළැක්වීම.

ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි. "ශක්තිමත් තැනැත්තා තම ධෛර්යයෙන් සාර්ථකත්වය ලබන්නේ නම්, සැබැවින්ම දුර්වල තැනැත්තා ඔහුගේ ප්‍රාර්ථනාව හා ඔහුගේ චිත්ත පාරිශුද්ධිය තුළින් සාර්ථකත්වය ලබනු ඇත."

දිළිඳුන් හට උපකාර කරන මෙන් ද ඔවුන්ගේ අයිතිවාසිකම් ඔවුනට පිරිනමන මෙන් ද උනන්දු කිරීම. සැබැවින්ම එය ඔබ සතු අල්ලාහ්ගේ කරුණාව හා ඔහුගේ උපකාරය හේතුකොට ගෙනය.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (4/ 36) (2896).

තවත් බලන්න (6)

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (1/ 354).

شرح رياض الصالحين.

لابن عثيمين (3/ 111).

نزهة المتقين شرح رياض الصالحين.

لمجموعة من الباحثين (1/ 279).