Skip to content

“මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තීන්දු දෙනු ලබන පළමු කරුණ වනුයේ ලේ වැගිරීම සම්බන්ධයෙනි .”

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

“මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තීන්දු දෙනු ලබන පළමු කරුණ වනුයේ ලේ වැගිරීම සම්බන්ධයෙනි .”

«أَوَّلُ مَا يُقْضَى بَيْنَ النَّاسِ يَوْمَ الْقِيَامَةِ فِي الدِّمَاءِ».

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එකිනෙකා සිදු කරගත් අපරාධ සම්බන්ධයෙන් ජනයා අතරන තීන්දු ලබා දෙන පළමු කරුණ වනුයේ, ඝාතනය කිරීම, තුවාල කිරීම වැනි ලේ වැගිරීම් ගැන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙනෙහි කළහ.

වචනාර්ථ

...:

හදීසයෙන් උගත හැකි පාඩම්

ලේ වැගිරීම බරපතල කරුණකි. එසේ නම් එහි ආරම්භය වඩාත් සැලිකිලිමත් විය යුත්තකි.

සිදුවන දුෂ්ටකම්වල විශාලත්වය අනුව පාපය ද බරපතල වනු ඇත. නිදොස් ජීවිතයක් විනාශ කිරීම දුෂ්ඨකම් අතරින් බරපතලම පාපයකි. උත්තරීතර අල්ලාහ්ව ප්‍රතික්ෂේප කිරීම හා ඔහුට ආදේශ තැබීම හැර ඊට වඩා වෙනත් විශාල පාපයක් නැත.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (9/ 2) (6864).

සහීහ් මුස්ලිම් (3/ 1304) (1678).

තවත් බලන්න (6)

خلاصة الكلام شرح عمدة الأحكام.

لفيصل آل مبارك (ص319).

تيسير العلام شرح عمدة الأحكام.

للبسام (ص640).

الإلمام بشرح عمدة الأحكام.

لإسماعيل الأنصاري (2/ 103).