“හිරු උදාවන උතුම්ම දිනය ජුමුආ දිනයයි
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“හිරු උදාවන උතුම්ම දිනය ජුමුආ දිනයයි. ආදම් මවනු ලැබුවේ එහිය. ස්වර්ගයට ඇතුළත් කරනු ලැබුවේ ද එහිය. ඉන් බැහැර කරනු ලැබුවේ ද එහිය. අවසන් හෝරාව හට ගන්නේ ජුමුආ දිනක ය“
«خَيْرُ يَوْمٍ طَلَعَتْ عَلَيْهِ الشَّمْسُ يَوْمُ الْجُمُعَةِ، فِيهِ خُلِقَ آدَمُ، وَفِيهِ أُدْخِلَ الْجَنَّةَ، وَفِيهِ أُخْرِجَ مِنْهَا، وَلَا تَقُومُ السَّاعَةُ إِلَّا فِي يَوْمِ الْجُمُعَةِ».
හිරු උදාවන උතුම්ම දිනය ජුමුආ දිනය බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දැනුම් දුන්හ. එදින සුවිශේෂී කරුණු නම්: සැබැවින්ම අල්ලාහ් එදින ආදම් (අලයිහිස් සලාම්) තුමාව මැව්වේය. ඔහුව එදින ස්වර්ගයට ඇතුළත් කළේය. එමෙන්ම එදින ඉන් බැහර කර මහපොළොවට යැව්වේය. ජුමුආ දිනයේ හැර අවසන් හෝරාව වෙනත් දිනක සිදු වන්නේ නැත.
සතියේ සෙසු දිනවලට වඩා ජුමුආ දිනයට හිමි මහිමය.
ජුමුආ දිනය පිළිබඳ හා එදින දැහැමි ක්‍රියාවන් අධිකව ඉටු කිරීම පිළිබඳ උනන්දු කරවීම. අල්ලාහ්ගේ ආශිර්වාදය ලබන්නටත් ඔහුගේ දඬුවමින් වැළකී සිටීමටත් කැමැත්ත ඇති කිරීම.
හදීසයේ සඳහන් වී ඇති ජුමුආ දිනය සඳහා වන මෙම සුවිශේෂී අවස්ථාවන්, ඒවා ජුමුආ දිනයේ මහිමය මෙනෙහි කිරීමක් ලෙස සඳහන් වී නැති බව ප්‍රකාශ වී ඇත. හේතුව ආදම් තුමාව පිටුවහල් කිරීම හා අවසන් හෝරාව සිදුවීම මහිමයන් ලෙස නොසැළකෙන බැවිනි. එමෙන්ම ඒ සියල්ල මහිමයන් වේ යැයි ද ප්‍රකාශ වී ඇත. ආදම්ව බැහැර කිරීම ධර්ම දූතවරුන්, නබිවරුන් හා දැහැමියන්ගේ පරපුරු බිහිවීමට හේතුවක් වූ බවත් අවසන් හෝරාව සිදුවීම දැහැමියන්ගේ කුසල් ඉක්මන් කර පිරිනැමීමට හා අල්ලාහ් ඔවුන් වෙත සූදානම් කර ඇති ගෞරවයන් ඔවුන් ලැබීමට හේතුවක් වන බවත් ප්‍රකාශ වී ඇත.
මෙම වාර්තාවේ සඳහන් නොකරන ලද වෙනත් සුවිශේෂි අවස්ථාවන් ද ජුමුආ දිනය සඳහා ප්‍රකාශ වී ඇත. ඒ අතරින් ආදම් අලයිහිස් සලාම් තුමාගේ පශ්චාත්තාපය පිළිගෙන සමාව දීම ද එකකි. එමෙන්ම එහි හෝරාවක් ඇත. එම හෝරාවට අනුගතව දේවත්වය විශ්වාස කළ ගැත්තෙකු සලාත් ඉටු කරමින් අල්ලාහ්ගෙන් යමක් ඉල්ලා සිටියේ නම්, අල්ලාහ් ඔහුට එය පිරිනමනු ඇත.
වසරේ උතුම්ම දිනය අරෆා දිනයයි. එය නහ්ර් දිනය (හජ් මස දස වැනි උත්සව දිනය) යනුවෙන් ද ප්‍රකාශ වී ඇත. සතියේ උතුම්ම දිනය ජුමුආ දිනයයි. රාත්‍රියේ උතුම්ම රාත්‍රිය කද්ර් රාත්‍රියයි.
සහීහ් මුස්ලිම් (2/ 585) (854).
තවත් බලන්න (8)
بهجة الناظرين.
لسليم الهلالي (2/ 313).
نزهة المتقين.
لمجموعة من الباحثين (2/ 824).
مرعاة المفاتيح شرح مشكاة المصابيح.
لعبيد الله المباركفوري (4/ 422).
شرح رياض الصالحين.
لابن عثيمين (5/ 164).
පොත්වල උපුටා දක්වා ඇත
3 පොත්තවත් බලන්න (3)
- المختصر المفيد للمؤذن والإمام والخطيب وأحكام المساجد«خَيْرُ يَوْمٍ طَلَعَتْ عَلَيْهِ الشَّمْسُ يَوْمُ الجُمُعَةِ، فِيهِ خُلِقَ آدَمُ، وَفِيهِ أُدْخِلَ الجَنَّةَ، وَفِيهِ أُخْرِجَ مِنْهَا»
- قاموس الكبائرموسوعة الكبائر - المجموعة الرابعة«خَيْرُ يَوْمٍ طَلَعَتْ عَلَيْهِ الشَّمْسُ يَوْمُ الْجُمُعَةِ: فِيهِ خُلِقَ آدَمُ، وَفِيهِ أُدْخِلَ الْجَنَّةَ، وَفِيهِ أُخْرِجَ مِنْهَا»[40].
- مشروع المنهج التعليميمادة الفقه مستوى 2«خَيْرُ يَوْمٍ طَلَعَتْ عَلَيْهِ الشَّمْسُ يَوْمُ الْجُمُعَةِ، فِيهِ خُلِقَ آدَمُ، وَفِيهِ أُدْخِلَ الْجَنَّةَ، وَفِيهِ أُخْرِجَ مِنْهَا، وَلَا تَقُومُ السَّاعَةُ إِلَّا فِي يَوْمِ الْجُمُعَةِ».